සති 3ක් ඒ රුව නොදැක ගෙවන්නෙ කොහොමද ..වෙනදා නම් කාලෙ ඉක්මනට යනවා.මේ සති 3 යන්න අවුරුදු 3ක් ගියා කියලා අතාරා ඕන තැනක දිවුරයි.වෙනදට නම් නිදාගන්න යද්දි හෙට දවස ගැන කම්මැලි හිතුනත් දැන් රෑ වෙලා ඉක්මනට උදේ වෙලා දවස් ටික යනකන් අතාරා විතරක් නෙවේ පාතාලකාරයත් ඇගිලි ගැන්නා.පාතාලකාරයගෙ පාතාල වැඩ ඉස්කෝලේට විතරයි .එයා ගෙදර අම්මගේ චූටි දූ.ආ...අමතක වුණා නෙ අතාරාගෙ බබා.එදා අතාරා එයාට එහෙම කතා කරපු විදිහ කීපාරක් නම් දවසට මතක් කරලා හිනා වෙවි හීන ලෝකවල මෙගාරා ඉන්න ඇද්ද.මහ පාර්ශවයත් එහෙම තමා 9 වසරෙ පොඩි එකියක්ට රැවටිලා එයා ඒලෙවල් කියල අමතක වෙලා .කාට කියන්න ද මුන්ගෙ විකාර ..
ඇති යාන්තම් ඒ අවුරුදු 3 ගෙවිලා ගියා.හැමෝම දැන් අලුත් පන්තියකට යනවා.මෙගාරලා 10 වසරට යනවා..අතාරා 13ට යනවා.ඔව් ඔව් ඇවිදගෙන තමයි යන්නෙ..
වෙනදා ඉස්කෝලේ යන්න කම්මැලි අතාරා ඉස්කෝලේ පටන් ගන්න පළවෙනි දවසේ උදේ පාන්දර 4 ඉදන් ලෑස්ති වෙනවා .කාට පේන්න දාන කැටයම් ද මේවා.ඒවට ඉතින් අහුවෙන අයත් නැත්තෙම නෑ නෙ.ඉස්කෝලේට ඇතුල් වෙනකොටම ඇස් දෙකට දැක්කා ..අවුරුදු ගානකින් නොදැක්ක ඒ රූපේ දිලිසි දිලිසි තියෙනවා .බලන්න එපැයි ඒ ටික කාලෙට මෙගාරා වෙනස් වෙලා තියෙන හැටි.දැන් හෙන ලොකු පාටයි කියල අතාරාට හිතුනා.
ගේට්ටුව ගාව හිටිය ටීචර්ලට ගුඩ් මෝර්නින් කියන්න සිහියක් නෑ අතාරා අරයා ගාවට දුවන්න එපැයි .මෙගාරා ගාවට ඇවිදන් යන අතාරාට අවට මොනවත් පේන්නෙ නෑ.එයා කොන්ක්‍රීට් පාර දිගේ මෙගාරා ගාවට ඇදෙනවා.මෙගාරාත් ඒ රූපෙට තියෙන අධික පිපාසාව සංසිදව ගන්න වගේ ඇහි පිල්ලම් නොගහා ඒ ඇදෙන රුව දිහා බලනවා.
"මෙගාරා ..."
බය වෙන්න එපා ..අතාරා නෙවේ..ලතා..අතාරා මෙගාරා අතර මීටර් බාගෙක වගේ දුර තියලා ඇහුන ඒ කටහඩට අතාරා මෙගාරාව පාස් කරලා කොන්ක්‍රීට් පාර දිගේ නොපෙනී යනවා.වචනයක් දෙකක් කතා කරලා ඇගේ එල්ලිලා පොඩි වෙලාවක් අතාරා එක්ක ගත කරන්න හිතාගෙන හිටිය මෙගාරාට වෙච්ච දේ හිතාගන්න බැ.කොහෙත්ම බෑ.එයාට ලතා වැඩක් නෑ එයාගෙ අක්කා බබා එයාව නොදැක්ක ගානට ගියපු එක නම් ගලක් වගේ තිබ්බ හිතට ලෝදිය වත් කලා වගේ වැඩක් වුණේ.
YOU ARE READING
අතුල්‍ය
Romance"හරි..උබටයි මටයි එකට ඉන්න බැරි නම් වෙන උන් එක්කත් උබට ඉන්න දෙන්නෙ නැ මම ..."