28 වන පරිච්ඡේදය

85 10 1
                                    

හීතල මුහුදු හුලං වැදිලා ඇහැල ගහේ කොල සද්දෙට පැද්දෙනවා.ගිනි මැල වටේට වාඩිවෙලා කෙල්ලො ටික කැම්පස් අයියලා අක්කලගෙ විහිලු කතා වලට හිනා වෙනවා.ඒ අස්සෙන් මුහුදෙ සද්දෙත් පාරේ වාහන යන සද්දෙත් එකම ඝෝෂාවක්.ඇත්තටම ජීවිතෙ මේ වගේ ගෙවෙනවා නම් මොනතරම් ලස්සනයිද ??

සියල්ලක් අවසානයේ ,රාගය කියන දේ මිනිස්සුන්ට ඉතා වැදගත් දෙයක් කියල අතාරා දැනගත්තෙ අද.එයාට මීට කලින් මෙහෙම හැගීමක් ,ස්පර්ශයක් ලැබිලා නෑ.අතාරා විතරක් නෙවේ මෙගාරාගෙත් පලවෙනි වතාව මේක.හැබැයි මෙගාරාට හිතා ගන්න බෑ එයා එච්චර හොදට මේක කන්ට්‍රොල් කරපු එක.

බැ ..අතාරාටවත් මෙගාරාටවත් නවත්තන්න බෑ.එයාලට තව ඔනේ.ඒත් පහළ ඉන්න අයට එයාලව නෝට් වෙයි කියල බයෙන් මෙගාරා බිම තිබ්බ අතාරාගෙ ඇදුම් එයාට අන්දවලා අතාරාගෙ ඇවිස්සිලා තිබ්බ කොන්ඩෙත් හදලා පොඩි ළමෙක් වගේ එයාව ලෑස්ති කලේ මේක දැන් අවසාන කල යුතුයි කියල ඉගිය දෙන  ගමන්.අතාරාට හිතාගන්න බැ මොකක්ද වුණේ කියල .ප්ලීස් කවුරුහරි එයාට පොඩ්ඩක් පැහැදිලි කරන්න ..

මෙගාරා එයාගෙ ඇදුම දාගෙන ඉක්මනට පන්තියෙන් ගියේ රතු වෙච්ච මූණ අතාරාගෙන් හංගන්න.අතාරාත් ඉතින් බැරි බැරි ගාතෙ පල්ලෙහාට බැහැලා ආවා.

" දැන් කොහොමද නංගි ඔයාට ?"

කැම්පස් අය හිතුවෙ අතාරා ගෙදර යන්න ඇති කියල .ඇයි ඉතින්...නැ වැඩක් නෑ..

"අවුලක් නෑ"

අතාරා ඉන්නෙ හිනා වෙන්න පුළුවන් මට්ටමක නොවුනත් හිනාවෙලා වචන දෙක කටින් පිට කලෙත් පුදුම අමාරුවෙන්.එයා තවම මත් වෙලා.ඇගේ ඇවිල්ල වදින හීතල හුලං පොදක් පොදක් ගානේ ඒ ස්පර්ශය ආයෙ ආයෙම හිතයි ගතයි දෙකම කලත්තනවා.ලෙඩෙක් නිසා කට්ටිය අතාරාට පොඩ්ඩක් හොදට සැලකුවා.රෙද්දකින් පොරවලා පුටුවක් උඩ වාඩි කරවලා තේ එකකුත් අතට දීලා කට්ටියම අතාරාට හොදින් සැලකුවා.

මෙගාරාට ඒක හිත සැනසිල්ලක් වුණා .මොකද එයාගෙ ආවෙගෙට යට වුණ ඒ ඇගට ඔහොම ට්‍රීට් එකක් ඕනෙ කියල එයාට දැනුනා.දැන් තමා අතාරා හරියටම මෙගාරාගෙ රතු වෙච්ච මූණ දැක්කෙ.වැඩිය කවුරුත් දිහා බලන්නෙ නැතුව බිම බලාගෙන මෙගාරා ඉන්නෙ එයාවම නිවා ගන්න කාලයක් ඕනෙ කියල අතාරා දැනගෙන හිටිය.

අතුල්‍ය Where stories live. Discover now