30 වෙනි පරිච්ඡේදය

75 9 0
                                    

කොහෙද හිතට නිවනක්.ගෙදර බිත්තිය දැක්කාම හින යනවා.මේසෙ දැක්කාම හිනා යනවා.ඇදට ගියා ම වෙනම කිචියක්..අතාරාට පිස්සු හැදි නොහැදි බේරුනා.සිහිය කියන එක අතාරාට දැන් නැ.එය ජීවත් වෙන්නෙ එයාම මවාගත්ත දෙන්නෙක් විතරක් ඉන්න තනි ලෝකේක.නෙත්මිටත් දැන් සැකයි අතාරාට පිස්සු ද කියල .

" උබව ආස්සරේ කරනත් බයයි බන්.."

"ඇයි උබ මාව ආ...ස්ස්...ස..රේ ...කරන්න බය."

නෙත්මිගෙ බලපිටි ඇදිල්ලට අතාරාත් අදිනවා සෙකන්ඩ් නොවී.ඒත් දකුණේ නෙවේ නෙ අතාරා ඒක නිසා ගැම්මට එන්නෙනැ.

" මම උබෙන් දෙයක් අහන්නද?"

"අහපන්.."

"ඇත්තටම උබලා ශාරීරික සම්බන්ධයක් පැවැත්තුවද ..නැත්තං උබ මවාගෙන කියනවා එහෙම නෙවෙ නේද?.

ඔන්න ඉතින් අතාරා ඇඹරෙනවා .නෙත්මි අතාරගෙන් ඇහුවේ අතාර වැඩිපුරම කතා කරන්න ආස මාතෘකාව ගැනයි.එදා ඒ වෙච්ච දේවල් ඇත්තටම හීනයක් වගේ වුණත් ඒක ඇත්තම ඇත්තක් කියලා තේරෙද්දි අතාරට ටිකක් ලැජ්ජයි ඒ වගේම කොහෙවත් නැති අමුතු සතුටකින් එයාව වෙලා ගන්නවා.අතාරට එදා තිබ්බ ඒ රාත්‍රිය තව දිග වුනානම් කියලා හිතෙනවා.

"මුලින් මටත් ඒක හීනයක් වගේ වුණා ...ඒත් ඒක එහෙම නැ කියල මතක් වෙද්දී.....අම්මෝ..."

අතාර උඩ පනිනවා.එයාගේ සතුට පිට කරන්න පුළුවන් හැම විදිහකින්ම එයා එයාගේ සතුට පිට කරනවා.එක වෙලාවකට හයියෙන් හිනා වෙලා අප්පුඩි ගහනවා.වෙලාවට අතින් කට වහගෙන හිනාවෙනවා.විකාර තමයි.

"අම්මටහුඩු උබට යන චූන් එක බලපල්ලකො.උබව පැත්තකින් තියමුකො.උබට කොහොමත් මෙව්වා අලුත් චූන් නේ.හැබැයි පොඩි පගයගෙ පුරුද්ද බලපන්කො.එකී මීට කලින් එහෙම කරලා තියෙනවා ..මට ඒක සියට දාහක් ශුවර් .."

"අනෙ එහෙම නැ බන්.මට වැඩක් නැ ඕවා.එයා දැන් මගේ විතරයි නෙ.."

"යැයි යැයි තමා...බෙල්ල මුල තිබ්බ මාර්ක් එක මම දැක්කෙ නැත්තං මෙලහකට උබව CID දාලා ප්‍රශ්න කරනවා."

අතාරා හිනා වෙවී බෙල්ල අතගාන ගමන් එදා වින්ද ඒ රස ආයේ විදින්න ඔනෙ කියන හැගීමෙන් තොල හපාගත්තා.අතාරාගේ මේ වෙනස්වීම් ඈත ඉඳලා දකින නෙත්මිට  නිකම් පිස්සු පිස්සු වගේ.

අතුල්‍ය Where stories live. Discover now