ළමයින්ගේ පුටු සද්ද කිරිලි අස්සෙ අතාරාට ඇහිච්ච කටහඩ එයාට ගොඩක් දුරින් ඇහුනත් එයා පිටිපස්ස හැරෙද්දි මෙගාරා එයාගෙ කෙළින් ඉන්නව දැකලා අතාරා අතේ තියෙන පුටුව මහ සද්දෙන් පොළොවට අතෑරියා.එයා මෙගාරාගෙ රුව බලාපොරොත්තු නොවුන නිසා එකපාර ආපු එ තිගැස්ම එයාට පාලනය කරගන්න බැරි වුණා .මෙගාරා හෙමිට බිම වැටුණු පුටුව උස්සලා එයාගෙ අතට ගත්තෙ දැන් පුටුව වැටෙන්න හේතුව තමන් නිසා කියල එයා හොදාකාරව ම දන්න නිසයි.මෙගාරාගෙ එ කලබල නැති හැසිරීම අතාරාට පහසුවක් ගෙන දුන්න නිසා අර කලබල ගතිය දැන් මූණෙන් හෙමිට මැකෙන ගමන් තිබ්බෙ.
"මම බය වුණා ."
අතාරා කලබලයයි ලැජ්ජාවයි වහගන්න වචන බොහොම අමාරුවෙන් එකතු කරලා සන්සුන් විදිහට මෙගාරාට කියල කට කොනින් පොඩි හිනාවක් දුන්නා.
"මම ඔයාව ගිලින්නෙ නැ.එක නිසා මට බය වෙන්න එපා ."
මෙගාරා කිසිම දෙයක් නොවුණු ගානට පුටුවටත් අත තියාගෙන අතාරගෙ අක්කා වගේ කතා කරන්න ගත්තා.දැන් දෙන්නටම අතීතෙ අමතකයි.මෙගාරා අතාරාට කතා කරපු හේතුවත් අමතකයි.
"ඔව් ඔයාට මාව ගිලින්න බැ කියල මම දන්නවා.එත් ඔහොම හොල්මනක් වගේ මගේ ඉස්සරහ ඉද්දි බය හිතෙනවා නෙ."
"ඇයි ඔයා හොල්මන්වලට බයද ?"
"බයයි නම් බය නැති කරන්න ද ?"
"ඔව් බැරි කමක් නැ "
මෙගාරා එ වචන හතර පිට කළේ හරි ම උනුසුම් විදිහට .එක සාමාන්‍ය බය නැති කිරිල්ලක් නොවන වග අතාරාට තේරුනේ අතාරගෙ යටි බඩේ මොකක්දෝ විපර්යාසයක් වෙන නිසයි.
මෙගාරා දෙන්න අතර තිබ්බ පරතරය අඩු කරලා අතාරාට තවත් ලං වෙනකොට අර යටි බඩේ කිතිය වැඩි වුණා .අතාරා එකට හිතින් බැන්නට යටි හිත එකට ආසාවෙන් උඩ පැන්නා.හීන් දාඩියක් දාන ගමන් අතාරාගෙ මූණ රතු වෙලා තියෙනවා දැකල මෙගාරා මහ මනමාල හිනාවක් දැම්මා.
"මොකො මේ රතු වෙලා ..චෙරි ගෙඩියක් වගේ."
අතාරගෙ තලෙලු මුණ රතු වුණා ම එකට එකතු වෙන ඒ ලස්සන මෙගාරා ආසාවෙන් වින්දා .එයාට ඕන උනා අතාරාව තවත් රතු කරලා ගන්න .හැබැයි අතාරාට ඕන වුණේ පැනගන්න.එයා මෙගාරාගෙ කලාපෙන් හෙමිට ඈත් වෙලා රතු කොඩි නැති පැත්තට අඩියක් දෙකක් තියලා මෙගාරාගෙන් ඈත් වුණා.
YOU ARE READING
අතුල්‍ය
Romance"හරි..උබටයි මටයි එකට ඉන්න බැරි නම් වෙන උන් එක්කත් උබට ඉන්න දෙන්නෙ නැ මම ..."