9 වන පරිච්ඡේදය

77 9 4
                                    

සෙනසුරාදාත් ආවා .අතාරාට මේ දවස් දෙක කල්ප ගානක් වගේ දැනෙන්න ගත්තා .එයට මුල් වූ හේතුව මතක් වෙද්දිම එයාට තව කෙනෙක් මතක් වුණා .එ තමයි නෙත්මි  😪 ..අතාරාට හිටියෙ මල්ලි කෙනෙක් ඉතින් අතාරා එයාගෙ හැමදේම වගේ බෙදා ගත්තෙ අවුරුද්දක් බාල නෙත්මි එක්ක.

තමන්ට දැනෙන හැගීම දැන් පැටලුනු නූල් බෝලයක් නම් එයා ඒකට නෙත්මිවත් පටලවන්න බලාගෙන නෙත්මිගෙ ගෙදර ගියා.

හිතට ආපු ඔක්කොම හැගීම් අතාරා නෙත්මිට ඔහේ කියල දැම්මෙ කඩොල් ගස් අස්සෙන් පේන කලු ගගේ යන බෝට්ටු දිහා බලාගෙන .කවදාවත් දැකලා නැති අමුතු නිශ්ශබ්දයක් නෙත්මිගෙන් දැක්ක නිසා අතාරා කතාව විනාඩියකට නවත්තලා බලන් හිටියා.දැන් එතන නිහැඩියාව විතරයි .අතරින් පතර ශාන්ති කෑ ගහලා අස්වැසුමේ සල්ලි වැටිලද දන්නැ ගගා කෑ ගැහුවට අතාරායි නෙත්මි හිටියෙ වෙනම ලෝකවල.අන්තිමට නෙත්මි නිහැඩියාව කැඩුවා.

"එතකොට උබ ලෙස්බියන්ද "

"අනේ හු%&*!එහෙම පකක් නෙවෙ මම අදහස් කලේ.ඒ ළමයගෙ හැසිරීම ."

"මේ අහපන් මම මෙච්චර කාලෙකට යාලු වෙලා හිටියෙ කොල්ලො එක්ක විතරයි .මම කවදාවත් කෙල්ලෙක් ට්‍රයි කරලා නැ.ඉතින් මම දන්නෙ නැ ඕක මොකක්ද කියල ...සමහරවිට උබ දීර්ඝකාලීන ව තනිකඩව සිටිමේ ප්‍රතිඵලයක් විදිහට උබට හිතලු පේනවද දන්නෙ නැ නෙ."

ඇත්තටම අතාරා මේක නිකන් හිතින් මවාගත්ත දෙයක්ද .සමහරවිට මෙගාරා එයා දිහා නරකවට බලනවා නොවෙන්න පුළුවන් .එක අතාරගෙ මනසෙ මැවුණු සිතුවිල්ලක් විතරයි ද.

"අනික අතාරා උබ බාල අපරාධ කරන්න එපා .සමහරවිට උබ ඔය bl drama බලනවා නෙ එකේ අතුරු ප්‍රතිඵලයක් ද දන්නෙ නැ ."

"මම කරපු මගුලක් නැ.ඒ කොල්ලෙක් වගෙ ඉන්න කෙල්ල  ඉස්සරහ මමත් silent .එකි පොඩි නැ.අනික bl බැලුවා කියල එහෙම හිතෙන්නෙ නැ නෙ බන්.එහෙනම් මට හිත යන්න ඔනෙ මුලින් උබට නෙ."

"Eeeww හු%&*!! ඕවට එන්න එපා.ආ.....ආ......දැන් ඒ කියන්නෙ උබේ හිත ගිහිල්ල ද එකිට "

දැන් නෙත්මිගෙ පැත්තෙන් එන වචන ප්‍රහාර සැර වැඩී.එවට අතාරා රතු වෙලා යනවා.නෙත්මි අහන ප්‍රශ්න වලට එයාට දෙන්න උත්තර එයාම කල්පනා කළත් ස්ථිර වචනයක් අතාරාට දෙන්න බැ.අතාරා මෙහෙම නැවි නැවි ඉන්න කෙනෙක් නෙවෙ .ඔව් නම් ඔව් නැත්තං නැ.හැබැයි මෙතනදි එයා නැවෙන්න හේතුව මෙගාරාගෙ හැසිරීම කුමන ක්‍රියාවක ප්‍රතිඵලයක් ද කියන්න එයා දන්නෙ නැති නිසා .

"හැබැයි බන් මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා .මෙගාරා උබට කැමති කියල අපි හිතමුකො.ඒක අනිත් අය දැනගත්තොත් මොකද වෙන්නෙ.විශේෂයෙන්ම සිස්ටර් දැනගත්තොත් උබ වසල හමාරයි.අනික උබ ඒ ඉස්කෝලේට අලුත් ."

ඔන්න දැන් තමයි අතාරගෙ ඉහ මොළ රත් වෙන්න ගත්තෙ.නෙත්මිගෙ කතාවෙත් ඇත්තක් තියෙනවා .මෙගාරා හැසිරෙන විදිහ එයාට අමුතුයි කියල එයාට දැනෙනවා නම් වටේපිටේ අයට ඒක දැනෙන්න මහ වෙලාවක් යන්නෙ නැ.සමහරවිට දැනටමත් දන්නවද දන්නෙ නැ.ඒ වගේම සිස්ටර් දැනගත්තොත් දෙන්නවම ගෙනල්ල  අස්වීමෙ සහතිකෙ අතටම දීලා පල්ලිය ඉස්සරහ පව් සමා කරවයි...

අතාරාගෙ සිතුවිලි මේ අවස්ථාවෙ හරියට දෙන්න කාලයක් යාලුවෙලා හිටියා වගේ.

"මුහුද හත් ගොව්වක් තියාගෙන අමුඩ ගහන්න එපා.මෙගාරා උබව අක්කා කෙනෙක් දිහා බලන විදිහට බලනවද දන්නෙ නැ නෙ."

"ඔව් ඔව් එහෙම වෙන්නැති .කලබල වෙන්න හොද නැ."

"හැබැයි කාටහරි කියල තියපන් ඔක"

අතාරා මේ සිද්ධිය ගැන විශ්විට කියනවා කියල හිතාගත්තා මොකද දැන් එයාට විශ්වාස කරන්න පුළුවන් එකම කෙනා එයා විතරයි .

අතාරා එයාගෙම සිතුවිලි එක්ක රණ්ඩුවක.අතාරාට ඕනෙ එහෙම දෙයක් නැ කියල මොළේට තේරුම් කරන්න වුණත් හදවත ඒක පිළිගන්නෙ නැ.හෙන යුද්ධෙ.කවුරු කියන එක පිලිගන්නද කියල අතාරාට වත් හිතාගන්න බැ.

තමන්ට තමන්ගෙම හැගීම් තෙරුම් ගන්න බැරි වෙනකොට දැනෙන අසරණකම දැන් අතාරා භුක්ති විදින ගමන්.



















~මතු සම්බන්ධයි~


~මතු සම්බන්ධයි~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🥱

අතුල්‍ය Where stories live. Discover now