5 වන පරිච්ඡේදය

72 8 1
                                    

සෙට් එකම අත හෝදන්න පහළට බහිද්දි අතාරාගෙ ඇස් හොයපු ඒ රූපෙ දැන් එතන නැ කියල දකිද්දි අතාරාට අමුතු සතුටක් දැනුණා.ඒ එක්කම මූණ පුරාවට මනමාල පාටක් ඇවිල්ල වහගත්තා.කොහෙදෝ තිබ්බ චූන් එකක් එකපාරටම අතාරාට වැහිලා දැන් හරි ආතල් එකෙ ඉන්නවා.එයා දැන් ඉන්නෙ පියවි සිහියෙන් නොවන බව කට්ටියටම තේරිලා තිබ්බෙ.

"මොකාද බොට ආවේස වුණේ "

ජිවිතෙ ප්‍රථම වතාවට අතාරා බිත්තර කැල්ලක් සාරාට දික් කළා.ඉතින් පුදුම නොවි තියේවිද.

"නිකන් ඇයි දැන් උබට එපා ද"

"නැ නැ දීපන් ආදරෙන් නෙ දෙන්නෙ "

අතාරගෙ මේ සතුට අහේතුක එකක් කියල එයා එයාගෙ හිතට කොච්චර කියන්න හැදුවත් අර වශී කරන ඇස් එයාට ගෙනල්ල තියෙන සතුට එයා අද වෙනතුරු විදලා නැති සතුටක්.මිනිස්සු සතුට කියන දේ ලබාගන්න ඕන දෙයක් කරයි. ඉතින් ලගටම ඇවිල්ල තමන්ව අවුස්සන මේ සතුට අතාරා එහෙම නිකන් යන්න දේවිද.එක එයා උපරිමයෙන් භුක්ති විදින්න ගත්තා.

ඉස්කෝලේ ඉවර වෙන්න තව පීරියඩ් දෙකයි ඉතින් ඒ දෙකේම තිබ්බෙ ආගම .විශ්වි ඇරෙන්න අනිත් ඔක්කොම ආගම කළා.විශ්වි බුද්ධාගමේ.අතාරා ක්‍රිස්තියානි(මෙතෝදිස්ත) .අනිත් සෙට් එක කතෝලික .ආගම පීරියඩ් එකේ ටීචර් උගන්න උගන්න ඉද්දී නොහිතපු රුවක් පන්තියට ආවත් අතාරා එක ගණන් නොගෙන පොතේ නෝට් එක ලියන ගමන් හිටියෙ,

"Competition ගිය අක්කලට පල්ලෙහාට එන්න කිව්වා."

හරි  competition එක පැත්තකට දාමුකො.අතාරා ඒ කටහඬට ගැස්සිලා ඔලුව උස්සපු විදිහට අතාරාට ටික ටික දැනෙන්න ගත්තා බෙල්ලෙ වම් පැත්ත රිදීගෙන එන බව එත් ඒ කිසිදෙයක් අතාරාට තව දුරටත් දැනෙන්නෙ නැ.තද කලු තෙත ඇස් දෙක කෙළින් එයා දිහා බලාගෙන ඉන්නවා.අතාරාට දැන් පිට ලෝකෙ දේවල් ඇහෙන්නැ දැනෙන්නැ.එයා එක දිගට බලාගෙන හිටියෙ අර ඇස් දිහා.එ ඇස් අයිතිකාරය තොල් හසුරුවන දිහා.හැබැයි ,

"ආව්.....ඇයි ගහන්නෙ."

මෙච්චර වෙලා අතාරාට කතා කරලා කතා කරලා රතු කට්ට පැනලා හිටිය තාරුකි පිට මැද්දට එල්ල කරපු ප්‍රහාරයට පුළුවන් වුණා අතාරාව හරි සිහියට ගන්න.හැබැයි වෙච්ච දේ මීටර් වෙලා අතාරා ටික ටික රතු වෙන්න ගත්තා .තාමත් මෙගාරා එයා දිහා කෙළින් බලාගෙන ඉන්නවා.

අතුල්‍ය Where stories live. Discover now