8 වන පරිච්ඡේදය

74 8 3
                                    

"තමුසෙට ගෙදරින් කන්න දෙන්නෙ නැද්ද ගස්වල එල්ලි එල්ලි කන්න හොයන්නෙ"

තරහට සීමාවක් නැ.අතාරාට ඔනෙ දැන් අහු වෙන එකකින් මෙගාරාගෙ අර මුරණ්ඩු මූණට දමල ගහන්න.එ වුණාට ඒ ඇස්වල කිසිම බයක් නම් ගෑවිලා නැ කියන්න අතාරා හොදටම දැක්කා.මෙගාරා අතාරාගෙ කතාව enjoy කරන මූණක් තමයි පේන්න තිබ්බෙ.

"දන්නෙ නැද්ද ආතල් එකට කරන්නෙ"

කරුණු ඉදිරිපත් කිරීම ඇරඹුණා.තොරතෝංචියක් නැතිව මෙගාරා ම ප්‍රශ්නෙට උත්තරයි හේතුයි ඉදිරිපත් කරනවා.අතාරා ගුරු මේසෙට හේත්තු වෙලා හේතු විශ්ලේෂණයක්.හැබැයි වැඩි වෙලා යන්න කලින් එතට පන්තියේ අනිත් සෙට් එක ආපු නිසා මෙගාරා ඉකමනට කට වහගත්තා.

"ඈ බන් මෙගාරා උබ කොහෙද හිටියෙ.අපි උබව හැමතැනම හෙව්වා."

තාරුකිගෙ ප්‍රශ්නෙට මෙගාර උත්තර දෙන්න හැදුවත් අතාරා ඉක්මන් වෙලා එක විසදුවා.අතාරා එහෙම කළේ මේ ප්‍රශ්නෙ මෙතනින් ඉවර කරනවා වගේම මෙගාරාගෙ ප්‍රශ්න එයා විතරක් දැනගත්තාම ඇතී යන හැගීමෙන්.

මෙගාරා ඇදුම් මාරු කරගෙන ගියා.මෙගාරා එයාගෙ ඇදුම් මාරු කරනකන් ම බලන් හිටියෙ අතාරා දිහා.හැබැයි අතාරා මෙගාරා යනකන්ම එයාගෙ ඇදුම් මාරු කළේ නැ.මොකද ඒ වනචර බැල්ම ගැන අතාරා දැනටමත් හොදට දන්න නිසා.මෙගාරා ගියපු ගමන් අතාරා ඇදුම් මාරු කරගෙන කට්ටිය එක්ක හෝල් එකට ගියා.මොකද අයිස්ක්‍රීම් එක කන්න එපැයි.

අයිස් ක්‍රීම් බෙදන්න හිටියෙ ඈන් ඉතින් කට්ටියම දෙක ගානෙ වැඩේ දුන්නා.සිස්ටර් ඒක දැක්කත් මුකුත් කිව්වෙ නැති නිසා තුන්වෙනි එකටත් විදින්න යද්දිම සිස්ටර්ගෙ බනින්න ඔන්න මෙන්න තියෙන මූණ දැකලා ආයේම පන්තියට ගියේ ලැජ්ජාව පැත්තකට දාලා.සංසන්දනාත්මකව බැලූ කල මෙගාරායි අතාරායි කෑම නම් එතන .හැබැයි කෑම ලබා ගන්න විදිහෙ පොඩි අවුලක් තියෙනවා .

කට්ටියට තුන්වෙනි අයිස් ක්‍රීම් එක සිස්ටර් දුන්නෙ නැති නිසා හැමෝටම බැන බැන පන්තියට යන්න හැදුවත් සිස්ටර් පව් කියල කතා කරලා ආයෙ එකක් දේවි කියල සාරා කල යෝජනාවට කට්ටියම ඇහැළ ගහ යටට වෙලා සිස්ටර් අයිස් ක්‍රීම් බෙදන හැටි හෙන දුක්මුසු මූණවල් හදාගෙන හිටියා.හැබැයි සිස්ටර්ගෙන් නම් නෙවෙ යි එ වුණාට අයිස් ක්‍රීම් හම්බුනා.

අතුල්‍ය Where stories live. Discover now