Nobody's perfect කියල කිව්වට ඇත්තටම මිනිස්සුන්ට ඕනේ සර්ව සම්පූර්ණ වෙන්න.එයාලා වචනයෙන් ඕන දෙයක් කියාවි ඒත් අන්තිමට මොකද කරන්නෙ ...ඇයි අනේ ඕක ලියාගන්න බැරිද? ඕලෙවල් පාස් වුණා වගේ ම මේකත් පාස් වෙන්න ...අමාරු නැ.පැය 18ක්වත් දැන් ඉදල පාඩම් කරොත් රෑන්ක් එකකට යන්න පුළුවන් ...A3 නැතුව නම් එන්න එපා........
මොනාද මේ ඇත්තටම ..මිනිස්සුන්ට තමන්ගෙ ම කියල limit එකක් තියෙනවා .හැබැයි මිනිස්සු හැසිරෙන්නෙ එහෙම එකක් නැ කියල .ලිමිට් පැන්නාම පිස්සො හැදෙනවා.
අතාරා ගෙදර ගියේ සිහියකින් නෙවේ.එයාට මේක කාත් එක්ක හරි කියන්න ඕනේ..ඒත් කා එක්කද?? අම්ම එක්ක ?තාත්ත එක්ක?මල්ලි එක්ක? නෙත්මි එක්ක? එයාලා අහවිද ? නැ...සියල්ල තනියම විදගන්නවා ඇරෙන්න කරන්න දෙයක් නැ .කාමරේ දොර වහගෙන දවසම අතාරා නිදා ගත්තත් ඒ අස්සෙන්,
"බුදිය බුදිය ඉදපන් එතකොට හරි .පාඩම් කරන්න එපා ..කාලකන්නි වෙයන්.."
අම්මා දොර ඇරගෙන කෑ ගහනවා.අතාරා මූණ රෙද්දෙන් වහගෙන කදුලු පිට කලා.එයාට දැන් තියෙන පීඩනේ වැඩී.අඩන්න ඕනෙ ඒත් අඩන්න බෑ...ඇඩුවොත් ගෙදර මිනිස්සුන්ට මොනව කියන්න ද...අතාරා අම්මට පේන්න පොත අරන් මේසෙට ගියත් කරන්න ඕන දෙයක් ඔලුවට එන්නෙ නැ .පොත දිහා බලාගෙන ඉන්න කොට ඇස්වලින් කදුලු එනවා අතාරාට තේරෙන්නෙ නැ .
ඊලග දවසෙ ඉස්කෝලේ යනවද නැද්ද කියල කල්පනා කරලා අම්මගේ බැනුම් අහ අහා ගෙදර ඉන්නවට ඉස්කෝලේ යන එක සැපයි කියල අතාරා ඉස්කෝලේ ගියා.උදේ යද්දි මෙගාරා ඉන්නවා නිල් පාට ක්‍රිකට් ජර්සියක් එයාගෙ නමට හදපු එකක් ඇදගෙන පිට්ටනියේ සෙල්ලම් කර කර.සමහර විට අද ක්‍රිකට් තරග වෙන්නැති කියල අතාරා හිතුවා.අතාරාගෙ ආගමනය එක්ක සතුටු සාමීචියෙ හිටිය මෙගාරාගෙ මූණට ආවේ කේන්ති මූණක් .අතාරා ඒක නිසා බිම බලාගෙන පන්තියට ගියත් ආයේ එලියට බහින්න ඕනකමක් තිබ්බෙ නැ.
අතාරා වෙනදට වඩා වෙනස් වෙලා කියල හැමෝටම තේරුනා .එයා නිතරම හිනා වෙලා ඉන්නවා.හරිම සාමකාමී .කට්ටියට මේ අලුත් වෙනස හැබැයි ගානක් වුණේ නැ .අතාරාත් ඒක නිසා එයාගෙ දුක නිතරම හිනා වෙලා ඉන්න මූණෙන් වහගත්තා.
YOU ARE READING
අතුල්‍ය
Romance"හරි..උබටයි මටයි එකට ඉන්න බැරි නම් වෙන උන් එක්කත් උබට ඉන්න දෙන්නෙ නැ මම ..."