22 වන පරිච්ඡේදය

67 7 1
                                    

මෙගාරා ඒක හිතලමයි කලේ.අතාරාගෙ ඇගේ හෝමෝන දෙයියනේ කියල අදද කොහෙද ඔච්චර හොදට වැඩ කලේ ඒකත් මෙගාරාට පින් සිද්ධ වෙන්න.පොඩි ස්පර්ශකින් අතාරා මත් වුණ විදිහ එයාටවත් හිතා ගන්න බෑ.ඒකට ඒතරම් පවර් එකක් තිබ්බා.
මෙගාරාට අත අතාරින්න අදහසකුත් නෑ.අතාරා නම් ඒ අත කොහොමත් අතාරින්නෙ නැ..

එයා මගෙ අත අතාරිනකන් මම කොහෙත්ම අතාරින්නෙ නෑ.

මෙගාරා පුළුවන්  තරම් සාරව ඒ දෙන්නා මැද්දෙ තියාගෙන තාම අර අතේ ස්පර්ශය විදිනවා.මෙගාරාගෙ අත නම් සිනිදුයි.හැබැයි මෙලෝ වැඩක් අතින් ගන්නෙ නැති අතාරාගෙ අත ගොරෝසුයි.හැබැයි අතාරාගෙ නියපොතු රෝස පාටට ලස්සනට තියෙනවා දැකල මෙගාරා ඒ නියපොතු එකින් එක අල්ලලා බැලුවේ ඒවට නිකන් වශීවෙලා වගේ.

සාරා කර ගත්තේ මෙලොව මෙන්ම පරලොවද පඩිසන් දෙන ලොකු පිනක්.ඒ කරපු උදව්වට අතාරා පුළුවන් තරම් අද සාරාට එයාගෙ සෙනෙහස පෑවා.මොකක්ද මේ වෙස් පෙරලිල්ල කියල සාරාට හෙන ප්‍රශ්නේ.වැඩි සෙනේ දබරෙටයි කියන නිසා සාරා පුළුවන් තරම් අතාරාගෙන් ඈත් වුණා ..

"ලගට එන්න එපා උබ..මොකද මේ මට හොදට සලකන්නෙ.."

"අනේ සාරා..ආදරේටනේ.."

"ඊව්...ආස නෑ බන් ඕවට..උබම නෙ කිව්වෙ කෙල්ලොන්ට කැමති නැ කියල ..දැන් මොකො..එන්න නම් එපා ලගට.මම උබව මරනවා.."

ඒලෙවල් එකට එන අලුත් බැජ් එක දෙසැම්බර් මුල තිබ්බා.අතාරා තමයි පිලිගැනීමේ කතාව කිව්වෙ.වැඩේ ශේප් ආපු නන්ගිලත් ශේප් උන් එක දවසින්ම අතාරලට සෙට් වුණා .මෙදාපාර ඉස්කෝලේ නිවාඩු දෙන්නෙ 14 නිසා එදාට තමා නත්තල් උත්සවයයි,prize giving එකයි තිබ්බෙ.එදා දවසේ කට්ටියට ඉතින් කියන්න ඕනෙ නෑ නේ කාටවත් කාගෙවත් මූණවත් බලාගෙන කතා කරන්න වෙලාවක් තිබ්බෙ නෑ.හැමෝම තමන්ට තියෙන වැඩ ටික කරන්න එහෙට මෙහෙට දුවනවා.
වැඩේ කියන්නෙ මේ දවස ඇතුලත මෙගාරායි අතාරායි මූණට මූණ හම්බුනත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කරන්නෙ නැතුව ඔහේ මූණට මූණ බලන් ඉන්නවා.දකින මිනිහෙකුට නම් මේක මොන මගුලක්ද කියල හිතුනත් මෙගාරා කල්පනා කලේ එයාගේ තේරීම හරිද කියන එකයි.හැබැයි අතාරා නම් මෙගාරා දිහා බලාගෙන කලේ නිවාඩු කාලෙටම දකින්න වෙන්නෙ නැති ඒ මූණ බලාගන්න එක.අතාරාට දැන් මෙගාරාගෙ රෝම කූපෙ ඉදලම හොදට මතකයි.නමුත් මෙගාරාට මතක කන්නාඩි දෙක අස්සෙන් දිලිසි දිලිසි තිබ්බ ඒ චූටි ඇස් දෙක විතරයි . ඒ ඇස්වල තිබ්බ ආදරණීය හැගීම් ගොන්න විතරයි .

අතුල්‍ය Where stories live. Discover now