14 වන පරිච්ඡේදය

66 8 1
                                    

දැන් අතාරාගෙ මුලු ලෝකෙම එයා.දකින දකින තැන බලන බලන තැන ඉන්නෙ එයා නෙවේ අතාරාගෙ චූටි ඇස් දෙක හොයන්නෙ එයාව.එයත් එක්ක වචනයක් ,හිනාවක් හුවමාරු කරගන්නෙ නැතුව දවසක් නොගෙවුණ තරම්.හැමෝටම හොරා අල්ලන් ඉන්න අත් ලෝකෙන්ම දෙයක් හැංගුවා.ඒ එ දෙන්න විසින් ලබාගන්න උත්සාහ කරන සමාජය විසින් ලබා ගන්න  ඉඩ නොදෙන දෙයක්  කියල දෙපාර්ශවයම දන්න නිසා වචන වලට ඉස්සර වෙන්න දුන්නෙ නැ.ඒත් ක්‍රියාව ඔක්කොටම වඩා ඉස්සර වෙලා.

"මොකක්ද ආසම සින්දුව ?"

පාර්ලිමේන්තුවේ පලමු සභාවාරයේ කතා ටික හදන්න උදව් වෙන්න කියල ටීචර් අතාරාට ළමයිගෙ වගකීම දීල ගියා.ඉස්කෝලේ ඉවර වෙන්න තව පීරියඩ් දෙකයි.අනික අද සිකුරාදා .තව දවස් දෙකක් යනකන් අතාරාට මේ මූණ බලාගන්න හම්බවෙන්නෙ නැ කියල දැනෙද්දි ...ඔක්කොම පැත්තකට දාලා අතාරා ඒ මූණ දිහා බලාගෙන බමුන් වඩනවා.ළමයි මොනවද අහන්නෙ කියන්න එයාට තේරුමකුත් නැ.එයා එයාගෙම ලෝකෙ හිර වෙලා .මෙගාරාත් ළමයින්ට වැඩිය අතාරා ගාවට යන්න දෙන්නෙ නැ.අතාරාගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනෙ නම් මුලින් අමතන්න ඕනෙ මෙගාරාව.මොකද අතාරා ඉන්නෙ මෙගාරා යටතේ.මේ යටත්වැසියගේ දැහැන බින්දෙත් එයාගෙ යටත්විජිතකාරකය...

"Love story  ,taylor swift ගෙ ඒකට ආසයි"

"ඇයි ඒ ?"

හේතුව දැනගන්න මෙගාරාට කොහෙත්ම උවමනාව නැ.එයාට ඕනෙ සාම්ප්‍රදායික ලවු ක්‍රමය අත්හදා බැලීමට යි අතාරා එක්ක කතා කරන්න හේතු හොයාගන්නයි.

"අපි දන්න විදිහට රෝමියෝ ජූලියට් ආදරේ නිසා ලබාගන්නෙ අවාසනාවන්ත අවසානයක් නෙ.ඒත් මේ සින්දුවේ ඒ දෙන්නට happy ending එකක් දීල තියෙනවා .අපි දේවල් දිහා බලන්න ඕනෙ අනිත් අය දිහා බලන විදිහට නෙවෙයි වෙනස්ම විදිහට කියල තේරුම් ගිය ලස්සන සින්දුවක් නිසයි මම ඒකට කැමති .."

අතාරා අත පය දික් කර කර එයාගෙ තේරිමේ නිරවද්‍ය බව ප්‍රකාශ කරනවා
.මෙගාරා ඔක්කොම සාවධානව අහගෙන හිටිය .මොකද අතාරා කියන්නෙ කවුද කියල දැනගැනිමෙ පිපාසයෙන් එයා හිටියෙ.

"සිංහල සින්දු අහනවද "

"ඔව්.."

"ආසම එකක් තියෙනවා ද "

අතුල්‍ය Where stories live. Discover now