වැඩසටහන් ඔක්කොම ඉවර වෙලා ගීතිකා කණ්ඩායමේ අයට පොඩි නිදහසක් ලැබුනා.කට්ටියම ඉතින් හම්බවුණු මාලු පාන් ගෙඩියයි කිරි පැකට් එකයි අරගෙන කකා බිබී හිටියා.කට්ටියම එක තැන වට වෙලා හිටිය නිසා අතාරා මෙගාරාව බැලුවත් මෙගාරා පේන මානෙක හිටියෙ නැ .හැබැයි ,
"මට ඔයාට කතා කරන්න ඕනේ.."
කවුද අතාරාගෙ කනට කොදුරලා ගියා.කටහඬ අදුරගත්ත නිසා අතාරා පිටිපස්ස හැරිලා බැලුවත් ඒ රූපෙ එතනින් එහාට නොපෙනී යනවා ..අතාරා එයාගෙ අතේ තිබ්බ ඔක්කොම භාණ්ඩ ටික සාරාගෙ ඇගට දැම්මා.හැබැයි මාලුපාන් එකයි,කිරි පැකට් එකයි අතේ තියාගෙනම ඉක්මනට දුවන්න ලෑස්තිය.
"උබ කොහෙද ඔය යන්නෙ?"
"වොශ් රූම් බන් .."
හයියෝ ..මේ අතාරාට බොරු කියන විදිහ උගන්නන්න ඕනේ.අතේ පැලවෙන බොරු කිව්වාම කාටද සැක නොහිතෙන්නෙ .
"උබ කෑම අරන් යන්නෙ රෙන ගමන් කන්නද ?"
ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.අහල පහල කාටහරි ඇහුනද දන්නැ.අතාරාට ලැජ්ජයි.එක්කො බොරුවක් කියපන් අහු නොවෙන්න.හැබැයි ඒකට වැඩි අවධානයක් එයාට දෙන්න බෑ.ඉක්මනට යන්න ඕනේ.එයා අතේ තිබ්බ කෑම ටිකත් සාරාගෙ ඔඩොක්කුවට දැම්මෙ නිකන් බෑ බෑ වගේ.ඒතරම් පෙරේතකම.
"අතවත් තියෙන්න එපා උබ ඕවට "
අතාරා සාරා ගාව දාලා ගිය මාලු පාන් එක දිහා ආයේ පාරක් බලලා වෙලාව නැති නිසා දිව්වා.අතාරාට දැන් තමයි තේරෙන්නෙ බොරු කියන්න උගන්නන පන්තියකටවත් ගිහින් ඇඩ්මිශන් බදින්න.
අතාරා එලියට ඇවිල්ල එයාගෙ මෙගාරව හොයනවා.පේන්න නෑ.ඉස්කෝලේ ළමයිනුත් අඩුයි..අතාරා එයාගෙ ඇස් හතර හතරවටේට යවලා බැලුවාම තමයි දැක්කෙ බලු පැටියෙක් වගේ මෙගාරා ඇහැළ ගහ යටට වෙලා ඉන්නවා.කොහෙන්දෝ එන අමුතු හිනාවක් අතාරාගෙ මූණට ඉබේම ආවා ඒ එක්කම මෙගාරා ගාවට ගියා නෙවේ දිව්වා.ගිහින් මෙගාරාට දකුණු පැත්තෙන් වාඩිවෙලා මෙගාරා දැන් ඔලුව උස්සල බලයි දැන් බලයි කියල බල බල ඉන්නවා.කොහෙද නෑ.මෙගාරා බිම අතුරලා තියෙන ගල් දිහා බලාගෙන ඉන්නවා විතරයි .අතාරාගෙ මූණට ආපු අර හිනාව හෙමීට කවුද ඇද්දා.දැන් තියෙන්නෙ ප්‍රශ්නාර්ථ ලකුණක්.තවත් බලන් ඉන්න බැ.එහෙන් සාරා මාලු පාන් එකට වැඩේ දීලා නම් අතාරා මුලින්ම මරන්නෙ මෙගාරාව.
YOU ARE READING
අතුල්‍ය
Romance"හරි..උබටයි මටයි එකට ඉන්න බැරි නම් වෙන උන් එක්කත් උබට ඉන්න දෙන්නෙ නැ මම ..."