7 වෙනි පරිච්ඡේදය

75 10 1
                                    

කවුරුත් පුන පුනා බලා සිටි ඒ දවස උදා වුණා.උදේ ඉදලම කට්ටිය ලහි ලහියේ වැඩ කළා .තමන් කරන අයිටම්වල කිසිම අඩුපාඩුවක් නොවෙන්න හැමෝම තමන්ට අදාළ කොටස නොපිරිහෙලා කළා .හැබැයි හැමෝම නෙවෙයි .

හැමෝටම ඕන වුණේ සිස්ටර්ට එයාලගේ දස්කම් පෙන්නලා සිස්ටර්ව සප්‍රයිස් කරන්න ඔන වුණාට සමහරු වෙනම අරමුණු ඇතිවයි අද ආවේ,

"මොකද අද උබ ඉස්කෝලේ ආවේ"

"අයිස් ක්‍රීම් එක කන්න."

කෑම නම් ඈන් එතන .රු.50ට දෙන ෆලූඩා අයිස් එක කන  තමා දැන් ඒලෙවල් එවුන්ගේ පරමාර්ථය .උන් කොහොමත් හැසිරෙන්නෙ ආත්ම 7 කට කාලා නැ වගේනෙ.අයිටම් වලට ඉන්න අය එලියට වෙලා ඉන්නකොට අනිත් අය හෝල් එක ඇතුලෙ.සුපුරුදු විදිහට ඉතින් සිස්ටර්ව පිළි අරගෙන යාඥාව කියල වැඩසටහන පටන් ගත්තා .

හැබැයි අතාරලගෙ අයිටම් එකේ කට්ටිය ඉන්න තැන හෙන කලබලේ.එකෙක් ඇදුම් ගෙනල්ල නැ.එකි මාසෙකට පස්සෙ තමයි ඉස්කෝලේ ඇවිල්ල තියෙන්නෙ.තව සෙට් එකක් හොයාගන්න නැ.අයිටම් එක දෙක ඉවර වෙද්දි මෙයාලගෙ අයිටම් එකට කලින් තව එක අයිටම් එකයි ඉතුරු වෙලා තියෙන්නෙ .දැන් අතාරාට එන කේන්තිය එයාටවත් පාලනය කරගන්න බෑ මොකද දැන් නැති වෙලා ඉන්නෙ මෙගාරායි එයාගෙ සෙට් එකයි.කවදාවත් හැදෙන්නෙ නැති මෙ සෙට් එක හොයාගෙන ඒමේ වගකිම අතාරා අරගෙන එතනින් ඉක්මනට දුවලා ගියා.

අද තමුසෙව මම මරනවා....

අතාරා හොයන්න පුළුවන් හැමතැනම එයාලව හෙව්වා.ඇදුම දාඩියෙන් පෙගෙනකන්ම දිව්වත් එකෙක්වත් හොයාගන්න බෑ.දැන් එයාට තරයි කේන්ති බයයි.මොකද මෙක ආරංචි වුණොත් ආයේ ම මෙගාරා සිස්ටර්ගෙන් ගුටි කන බව එයා හොදටම දන්නවා.මෙගාරාට එහෙම වෙනවට අතාරා පොඩ්ඩක්වත් කැමැති නැති නිසා පුළුවන් හැම විදිහකින් ම එයාව ආරක්ෂා කරගන්න තමා අතාරා උත්සාහ කළේ.

අතාරා හොයල හොයල බැරි ම තැන  primary  පැත්තට ඔලුව දාලා බැලුවා.ඔව් කට්ටියම ඉන්නව හැබැයි කට්ටියක් බිම කට්ටියක් තාප්පෙ උඩ ඉදන් දිවුල් ගහේ ගෙඩි කඩනවා.අතාරාගේ සීමා කට්ට රතු කට්ටට එහා පැනලා පුපුරන්න ඔන්න මෙන්න තියෙද්දි පැත්ත දෙවනත් වෙන්න එයා පුළුවන් හයියෙන් කෑගැහුවා.තාප්ප උඩ ගහ උඩ හිටපු එවුන් තත්පරයක් යන්නෙ නැතුව සීසීකඩ.

ඒ සෙට් එකත් එක්කම දිව්ව මෙගාරා ආයෙ ආපස්සට ඇවිල්ල අතාරාවත් ඇදන් දිව්වෙ කිසිම දෙයක් නොවුණ ගානට.දැන් මෙතන අතාරා තමයි වැරැද්ද කරලා තියෙන්නෙ .මෙගාරා හොද එකා.

හරියටම අයිටම් එක පටන් ගන්නකොට ම එයාලා එතන .අතාරා මෙගාරාගෙ අත ගසලා දැම්මා.මොකද තාමත් එයාට කේන්ති.දැන් ස්ටේජ් එකට නැගලා සින්දු  කියන්න එයාට බැ.මහන්සි හොදට ම මහන්සි .හැබැයි නොකියත් බැරි නිසා පුළුවන් තරම් එයා කිව්වා.

අතාරා එයත් එක්ක කේන්තියෙන් ඉන්නෙ කියල මෙගාරා අතාරගෙ ඇස්වලින්ම දැක්කා.සින්දු කියනකොට අතාරාගෙ දකුණු පැත්තෙ ඉන්න ඕනෙ තාරුකි එ වුණාට දැන්  අතාරාට දකුණු පැත්තෙ ඉන්නෙ මෙගාරා .සින්දුව කියන අතරතුර කට්ටිය මූණ ට මූණ බලාගෙන පාට් එකක් කියන්න තිබ්බත් අතාරා මෙගාරාගෙ පැත්ත හැරුනෙවත් නැ.එක කාටවත් වැඩිය නෝට් නොවුනෙ එයාලා පිටිපස්සෙ හිටපු නිසයි.

හදක් වගේ බැබළි බැබළි තිබ්බ මෙගාරාගෙ කෙළීලොල් මූණ කලු වුණේ බලාගෙන ඉද්දැද්දී.අතාරාගෙ ඒ හැසිරීම එයාගෙ මුරණ්ඩුකමේ ප්‍රතිඵලයක් කියල එයා දන්න නිසා ඔහේ ඉස්සරහ බලාගෙන හිටියත් එයා වැඩේ අතෑරියෙ නැ.අතාරාගෙ දකුණු අතේ සුලැගිල්ල හෙමිට එයාගෙ සුලැගිල්ලට මෙගාරා පටල ගත්තා .අතාරා එ ස්පර්ශය ඉස්සරහ සීතල වෙලා ගියත් ඉන්නෙ ස්ටේජ් එකේ නිසා එයා එක පාලනය කරගෙන ඇගිල්ල ගස්සල එයා ගාවට ගත්තා .

හැබැයි අර මුරණ්ඩු කෙල්ල ඇගිලි අල්ලනවා වෙනුවට මුලු අතම තද කරලා අල්ලගත්තා.කිප සැරයක්ම අත ඇදලා ගන්න හැදුවත් මෙගාරාගෙ දරදඩු අතත් එක්ක එයාට fight කරන්න බැරි නිසායි එහෙම කලත් වැඩක් නැ මෙගාරා ආයෙම අත අල්ලනවා කියල දන්න නිසා අතාරා එයාලගෙ අයිටම් එක ඉවර වෙනකන්ම එහෙම හිටියා.

අයිටම් එක ඉවර වෙලා ඔක්කොම එලියට ගියා.අතාරා මෙගාරාගෙ මූණවත් නොබලා පුළුවන් උපරිම හයියෙන් එයාලගෙ පන්තියට දිව්වා ඇදුම් මාරු කරගන්න .එයාට සිහිය නැ තාරුකී සාරා යි දෙන්නත් අයිටම් එකේ හිටියා කියල .පඩිපෙළ නගින්න අඩිය තිබ්බ විතරයි ,

"අක්කෙ,ඔහොම ඉන්න ."

අතාරාගෙ පිටිපස්සෙන් රෙදි බෑග් එකකුත් උස්සන් මෙගාරා දුවන් එනවා දැක්ක ගමන් අතාරා තවත් හයියෙන් පඩිපෙළ නැග්ගෙ මෙගාරව ගණන්වත් ගන්නෙ නැතිව.

"ඉන්නවකො පොඩ්ඩක්."















~මතු සම්බන්ධයි ~

අතුල්‍ය Where stories live. Discover now