18 වන පරිච්ඡේදය

64 8 1
                                    

ගල් ගැහුණා.ඔව් ඉන්න තැන අමතක වුණා .ඒත් ප්‍රතිචාර දක්වන්න අතාරා ටිකක් පසුබට වුණා .අර අත තාමත් හයියෙන් අල්ලගෙන උත්තරයක් බලාපොරොත්තුවෙන් හිටියත් එකපාරටම අතත් ගසල දාලා මෙගාරා ම යන්න ගියා.අතාරා පන්තියෙ තනි වුණා .තත්පර ගානක් යන්න හම්බුනේ නැ සාරා ස්කූප් එක හොයාගෙන දුවගෙන ආවා.ගල් පිළිමයක් වගේ තාමත් පන්තිය මැද්දෙ හිටන් හිටිය අතාරාට කතා කරලා කතා කරලා බැරිම තැන සාරා ස්කූප් එක අරන් ගියා.

මොකක්ද ඒ වුණේ කියන්න අතාරාගෙ මොළේ තේරුම් ගන්න හැදුවත් එයාට මෙගාරාගෙ වචන කනේ රැව් දුන්නා විතරයි එතනින් එහාට කිසිදෙයක් එයාගෙ ඔලුවට එන්නෙත් නෑ හිතන්න සිතුවිලිත් නැ..හරි සිහියට එන්න එයාට වෙනම වෙලාවක් ගියා.අතාරා ඉක්මනට පන්තියෙන් එලියට දුවගෙන ආවේ ප්‍රශ්නෙ මොකක්ද වගේම දෙන්න ඕන උත්තරෙත් ලෑස්ති කරගෙන වුණාට පල්ලෙහාට ගිය ගමන් අතාරාට වැඩ වැඩි වුණා .මෙගාරා පේන්නවත් හිටියෙ නැ ..අන්තිමට අච්චර වැඩ අස්සේ,

"මම ගිහින් එන්නම් ටීචර් .."

අතාරා ඒ කටහඩට වැඩ ඔක්කොම පැත්තක දාලා ඒ පැත්තට ගියා නෙවෙයි දිව්වා.මෙගාරා ගෙදර යන්න බෑග් එකත් දාගෙන අතාරාලගෙ පිටිපස්සෙන් හිටිය පොලිටිකල් ටීචර්ට වැදලා යන්න හදනවා.හැබැයි වෙනද වගේ මෙගාරා අතාරාට යනවා කියල කියනව තියා ඒ පැත්තවත් බලන්නෙ නැතුව ඉක්මනට එතනින් ගියා.මෙගාරාට එයා ගත්ත පියවර වේලාසන වැඩී කියල හිතුනා .අනිත් පාර්ශවය එයා නිසා අපහසුතාවයට මෙන්ම තමන් ගැන වැරදියට හිතයි කියල මෙගාරාට දැන් බයයි.අතාරා එයාගෙ මේ මෝඩ වැඩේ නිසා එයාට නැති වෙයි කියල මෙගාරා බය වුණා .

අතාරා තාමත් මොකක්ද මේ වෙන්නෙ කියල හිතාගන්න බැරුව අසරණ වෙලා හිටියේ.prize giving එක හවස 7 වෙද්දි වගේ ඉවර වුණා .ඒ වෙනකන් ෆුඩ් ස්ටෝල් එකේ සල්ලි බලන එක අතාරා කළාට සිහියෙන් කළේ නෑ.රුපියල් 50ක් ඉතිරි දෙන්න ඕන මනුස්සයෙක්ට 1000 කොලයක්ම දික් කරලා ඒ මනුස්සයා හින්ද හොදයි නැත්තං අරන් මාරු නෙ.හැබැයි කාටවත් සැකයක් නොහිතෙන්න අතාරා පුළුවන් තරම් තමන්වම පාලනය කරගෙන හරි සිහියෙ ඉන්න හැදුවා..

අතුල්‍ය Where stories live. Discover now