සමස්ථ ලංකා ජයග්‍රහණයේ උණුසුම නම් ඉතින් කාලයක් යනකන් නැති උනේ නැ.sister principalට ඉතින් මේක ගැන වර්ණනා කරන්න උදේ රැස්වීමෙ ගත්ත විනාඩි කීපය මිනිත්තු 45 පැන්න නිසා ම දැන් එකා දෙන්න මහ පොළොව සිප ගන්නවා.
" මට මතකයි මේ compitition එකට යන්න කැමති ළමයින්ට ඇවිල්ල නම් දෙන්න කිව්වාම කීයෙන් කී දෙනාද ආවේ.දරුවනේ , සහභාගි වීම තමයි ගොඩක් ම වැදගත් .දැන් බලන්න සහභාගි වුණ අය එයාලගේ ප්‍රතිඵල භුක්ති විදින හැටි."
දැන් නම් හිටන් ඉන්න සියලුම ශිෂ්‍යාවන්ට පොළොව සිප ගැනීමේ දැඩි ආශාව තිබුණද විනයබාර මිස් පිටිපස්සෙ ඉදන් හැමෝම දිහා බලන් ඉන්න නිසා කවුරුත් ඒ දේට නිර්භීත වුනේ නැ.
"ඔයාලා ගැහැණු ළමයි .ඉදිරියේ දි බිරිඳක් අම්මෙක් වෙන්න ඉන්නෙ .එත් ඉස්කෝලේන් ගන්න දේ තමයි ඉස්සරහට ඔයාලට වැදගත් වෙන්නෙ.මම කියන දේ දැන්වත් තේරුම් ගන්න .දැන්වත් ඔය වනචාරී හැසිරීම් පැත්තකට දාලා ගැහැණු ළමයි වගෙ හැදෙන්න ...බ්ල බ්ල බ්ල"
"මොනාද බන් මේ මෙයා කියවන්නෙ "
සාරගෙ ඉවසීම තිබ්බෙ බිංදුවෙ.එකි හරිම අසරණ බැල්මක් පිටිපස්සෙ ඉන්න යාලුවන්ට දානවත් එක්ක යාලුවොන්ගෙ ප්‍රතිචාරය උරහිස් හකුලුවා ගැනිමකට සීමා වුණ නිසා ආයෙම ඉතින් ඉස්සරහ බලාගෙන කතාව අහගෙන හිටියා.
සිස්ටර්ගෙ කතාව මුල් කාලච්ඡේදයක් වෙනකන් ගියා වුණද එක මුල් කාලච්ඡේදයෙන්ම ඉවර උන එක ගැන හැමෝම හිටියෙ මරියතුමිට ඔරසන් කියන ගමන් එයාලව රැක දුන්නට.දෙවෙනි කාලච්ඡේදෙ ඉදන් සුපුරුදු පරිදි සාමාන්‍ය පාසල් ජීවිතය ඇරඹුණ.
නිල් ,සුදු හා කහ වල අපූර්ව සංකලනයකින් ගොඩනැගුණු තට්ටු දෙකේ ගොඩනැගිල්ලේ කෙලවරේම පන්තියට කලින් පන්තිය 12 Art කියල ලස්සන බෝඩ් එකක් ගහල තිබ්බා.පන්තියටම ලොකු ළමයි ගොඩක් නැති වුනාට ඉන්න ටිකට හොදටම ට්‍රැක්.ඒලෙවල් පන්තියක් කියන්න බැරි තරමට මානසික අසහනයෙන් පිරුණු සෙට් එකක් තමයි එකේ හිටියෙ .හැබැයි ඉතින් ඕන වැඩකට දුවන් එන ,කාර්‍යශීලි,සිස්ටර් ගෙ දකුණු අත උනෙත් උන් සෙට් එක ම තමා.
YOU ARE READING
අතුල්‍ය
Romance"හරි..උබටයි මටයි එකට ඉන්න බැරි නම් වෙන උන් එක්කත් උබට ඉන්න දෙන්නෙ නැ මම ..."