26 වන පරිච්ඡේදය

69 9 2
                                    

"ඇත්තටම මේක මානසික ලෙඩක්ද බන් "

"අනේ උත්තො..ඇත්තමයි දැන්නම් මට මානසිකේ වගේ. "

ඇත්ත එහෙම නොවී තියේවිද ..අතාරා නෙත්මිට එයාගෙ ලවු ස්ටෝරියට කණ කොකා හඩපු හැටි පැයක වෙලේ ඉදලා කියවනවා.නෙත්මිට තියෙන ලොකුම ප්‍රශ්නෙ අතාරාට දුක තියෙන්නෙ එයා බැනුම් අහපු එක ගැන නෙවේ ටීෂාව පන්ති තහනම් කලාට.

"මෙ අහපන් ..උබ මෙගාරාටද නැත්තං ටීෂාටද කැමති ?"

"ඇයි බන් එහෙම අහන්නෙ? එහෙම දෙයක් නැ !"

"නැ නැ කියපන්කො ..උබට පුදුම අමාරුවක් නෙ ඒකි ගැන තියෙන්නෙ ..උබ එකිව වැඩිපුර ඔප්ශන් එකක් විදිහට තියාගත්තද?"

"අනේ නෑ බන් .එයා මට මගේ ම නංගි වගේ..මොනදේ වුණත් පව් එකයි.."

"උබ ඔහොම කියල තමයි මෙගාරා එක්ක දැන් මගුල් නටන්නෙ.මට නම් උබව ශුවර් නැ .උබ හොද මනුස්සයෙක් නෙවෙයි කියන්න මම උපන් දා ඉලදා දන්නවා"

"අනේ උබ ඕන මගුලක් හිතා ගනිම්.."

"එහෙනම් හරි .."

අතාරාට හිතා ගන්න බැරි මොකක්ද වුණේ කියල .එයාට දැන් මෙගාරා එක්ක කතා කරන්න ඕනේ..ඒත් කොහොමද ?

ඕන මගුලක් වෙච්ච දෙන් කියල අතාරා සදුදා ඉස්කෝලේ ගියේ මේ වෙන දේට උත්තරයක් හොයාගෙන .උදේ ඉස්කෝලේට එනකොට මෙගාරා වෙනදා අතාරා එනකොට ඉන්න තැන අද නෑ .සමහරවිට ටීෂා නැති නිසා වෙන්නැති කියල අතාරා මෙගාරාගෙ පන්තිය ඉස්සරහින් යද්දි මෙගාරා ඉන්නවා පන්තියේ දොර ගාව .අතාරාව දැක්ක ගමන් මෙගාරා කිසිම හැගීමක් නැති මූණ අනිත් පැත්ත හරවලා පන්තිය ඇතුලට ගියා .

ඔව් මේ ප්‍රශ්න නිසා මෙගාරා එයා එක්ක කතා කලේ නෑ කියන්නකෝ..ඒකට කමක් නැ .ඒත් එහෙමයි කියල ඇයි ගස්සන්නෙ..අතාරාට හෙන ප්‍රශ්නේ.අනික සැනසීමක් හොයන තැනත් එයාට දැන් නැති වෙලා ද කොහෙද ???

"මට නම් එපා වෙලා ඕයි තියෙන්නෙ 10 වසර එක්ක..."

හැමදාම ඩියුටි ඉවර වෙලා එන ඈන් අදත් එයාට බලන්න තියෙන පන්තිය එක්ක කේස් එකක් දාගෙන ද කොහෙද.ඈන්ටයි තාරුකීටයි දෙන්නට ම බලන්න තිබ්බේ 10 වසර.අද උන් ටික අතුගාලා නැ කියල සිස්ටර් හොදට ම බැනලා තියෙන්නෙ ඈන්ටයි තාරුකීටයි ..තාරුකී නම් 10 වසරේ එවුන්ගෙ හැටි දන්න නිසා වැඩිය ඕවා ගණන් ගන්නෙ නැ .හැබැයි ඈන්ට නම් දැන් එපා වෙලා ඉන්නෙ .

අතුල්‍ය Where stories live. Discover now