13 වන පරිච්ඡේදය

65 8 1
                                    

හැමෝගෙම මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට අන්තිමට මැයි මංගල්‍ය උපරිම සාර්ථක විදිහට එයාලට කරගන්න පුළුවන් වුණා.උදේ පීරියඩ්  හතරේ මැයි මංගල්‍යය තිබ්බා.ඉතිං හවස පීරියඩ් හතර උගන්නනවා  කියලා කිව්වාට ඉතින් මහලොකු ඉගැන්වීමක් නම් සිද්ධ වුනේ නෑ.උදේ පීරියඩ් හතර වෙන්නෑ කියන්න ඉතින් හවස පීරියඩ්  හතර කොහොමත් වෙන්නේ නෑ.ළමයි ඉතින් ඉස්කෝලේ තැන් තැන්වල.අතාරලා ඉතින් පන්තියට වෙලා ඔහේ කියව කියව ඉන්නවා.ඒ වෙලාවේ තමයි හොඳම කරදරේ ඇඟට වැටුනේ.

"අහන්න ළමයි ,මම ඔයාලව දැම්ම පාර්ලිමේන්තුවට ."

පන්තියේ හැමෝම මූණ ට මූණ බලාගත්තා.පොලිටිකල් මිස් කුනුහරුප ද මේ කියන්නෙ.එයාලා කොහොමද පාර්ලිමේන්තු යන්නෙ.තාම 18 ලැබුවා විතරයි .මොන විකාරද මේ.කට්ටියගෙ ඔලු ඔක්කොම එකට ගැටගහලා වගේ .එකක් හිතාගන්න බැ.

"ඇ?"

සාරා කිව්වා නෙවේ හිතන සිතුවිලි එකපාරට එලියට පැන්නා.

"ඉස්කෝලෙ පාර්ලිමේන්තුවක් හදන්න යන්නෙ.ඔයාල නැති කාලේ ඡන්දයකුත් අපි තිබ්බා.ඒකේ අයයි ඔයාලගෙ දෙතුන් දෙනෙකුයි මම දැම්මා පාර්ලිමේන්තුවට ."

"අපි කොහොමද ටීචර් පාර්ලිමේන්තු යන්නෙ.අපි ඡන්දෙ ඉල්ලුවෙත් නැ නෙ."

සහතික ඇත්ත .මෙතන ඉන්න එකෙක්වත් ඔය කියන මෙලෝ මගුලක් දන්නෙ නැ.

"ජාතික ලැයිස්තුවේන් කියල හිතාගන්නකො"

ටීචර් ඒකට තෝරගෙන තියෙන්නෙ සාරායි,තාරුකීවයි,අතාරාවයි.හොදම ජොලිය කියන්නෙ අතාරා තමයි අගමැති .එයාට ටිචර් විස්තරේ කියනකොට නිකන් කලන්තෙට වගේ.ඔක්කොටම වඩා වැඩිම ඡන්ද ගත්ත එකා මොනවා හිතයිද .මෙයාලා තමයි ලොකුම අය හැබැයි එහෙම හරි නැ නෙ කියන සිතුවිල්ල අතාරාව අවුල් කලා.

"ඉස්කෝලෙ ඉවර වෙලා විනාඩි 10ක් වගේ කට්ටියවම meeting එකක් ගන්නවා.පොඩ්ඩක් ඉන්න ."

ටීචර් එහෙම කියල අනිත් පැත්තට පන්තියෙන් ගියා විතරයි ඔක්කොම එකතුවෙලා ටීචර්ගෙ රෙදි ඉල්ලෙ කලා.මොකද කලින් දැනුම් දීමකුත් නැතුව සභා වාරෙකට ලෑස්තිත් වෙන්නලු.මුලින්ම කතා කරන්නෙ අගමැති කියල පොලිටිකල් කරන නිසා අතාරා දැනන් හිටියා .දැන් තමයි අතාරාගෙ stage පෝබියාව මතක් වෙන්නෙ.ඊටත් එහා තාරුකී ස්ටේජ් නැග්ගොත් අනිවා එයාට ඇඩෙනවා.දැන් ඉතින් මුන් තුන්දෙනාම එකතුවෙලා අඩනවා.

අතුල්‍ය Where stories live. Discover now