කැන්ටිම කියන්නෙ වෙනම යුද්ධයක්.ගැනු ළමයි ඉන්න පාසලක් හැටියට විනය තමයි එක කියල සිස්ටර් උදේ රැස්වීමෙදි අලුත් නීතියක් දැම්මා .ඒ තමයි කැන්ටිමේන් කෑම ගන්න ඕනෙ පෝලිමට .පෝලිම් හදන්න ප්රිෆෙට්ල දැම්මා.සිස්ටර් ඔහොම කරන්න හේතුව කලින් සතියෙ දවසක සිස්ටර් කැන්ටිම පැත්තට යනකොට එකෙක් නැ නැ එකියක් කැන්ටිමේ තාප්පෙ උඩ නැගලා ජනේලෙන් කෑම ඉල්ල ඉල්ල කෑගහනවා දැකලා.සිස්ටර් නම් ගම් විස්තර ඔක්කොම එක්ක උදේ රැස්වීමෙදි ඕක කිව්වාම හැමෝටම හිනා.කතාව අස්සෙන් සිස්ටර්ටත් හිනා.
අද ඉස්කෝලේ කැන්ටිමේ පෝලිම හෙන දිගයි.අතාරායි සෙට් එකයිත් ඇවිල්ල පෝලිමට එකතු වුණා.මෙගාරා නම් පැත්තකට වෙලා එයාගෙ කෑම එක එනකන් බලන් ඉන්නවා.එයා පෝලිමේ හිටියොත් තමා පුදුමේ.එහෙනම් අතාරාත් මොකටද පෝලිමේ ඉන්නෙ.අතාරා ගියා මෙගාරා ලගට අනිත් උන්ව පෝලිමේ තියලා .මෙගාරා දැක්කා අතාරා පෝලිමේ ඉන්නවා කියල .හැබැයි මෙගාරා ලගට ආවෙ නැ.එතන සෙනග වැඩි නිසා.
"මොනාද ගන්න ආවේ?"
අතාරා ලගට එනවත් එක්ක ම වගේ මෙගාරා ඇහුවා.අතාරාත් එන ගමන් උත්තර දීගෙනම ආවා.
"මොනා හරි අනේ.."
"මොනාහරි කියන්නෙ ?"
"රෝල්ස් එකක් වගේ මොනව හරි .."
"රෝල්ස් කාලා ඇද්ද ඉතින් ?"
පිස්සු ද..රෝල්ස් එකක් හොදයි කට අවුස්සගන්න.මෙගාරා තාම දන්නෙ නැ අතාරාගෙ කෑම.අතාරා නෑ කියන්න ඔලුව වනලා හිනා වුණා .
"ඔහොම ඉන්නකො එහෙනම් "
මෙගාරා එහෙම කියාගෙන පෝලිමේ ඉන්න නංගි කෙනෙක්ට අතාරාට මොන මොනවද වගයක් ගේන්න කිව්වා.
"සල්ලි ආ.."
අතාරා මෙගාරා ඉන්න තැනට සල්ලි දික කරගෙන ආවත් ආපු විදිහට ම අතාරාට හැරිලා යන්න වුණා .
"මම දැන් සල්ලි ඉල්ලුවද?"
නැ නෙ.පණ්ඩිත වැඩ කරන්න ගිහින් අතාරා තව පොඩ්ඩෙන් බැනුම් අහනවා.ආපු වේගෙටම අතාරා හැරිලා පැත්තට වුණා .එතකොට තමා අතාරා දැක්කෙ සිතුමි ශෙනලි ත් කෑම ගන්න ඇවිල්ල කියල .
YOU ARE READING
අතුල්‍ය
Storie d'amore"හරි..උබටයි මටයි එකට ඉන්න බැරි නම් වෙන උන් එක්කත් උබට ඉන්න දෙන්නෙ නැ මම ..."