සදුදා ඉස්කෝලේ උදෙන්ම යමු කියල අතාරා විශ්විත් ඇදගෙනම උදේ බස් එකේදිම මුලු ඔක්කොම විස්තරේ කිව්වා.ඒ හැම වචනයක් ම එකින් එක ඇහෙද්දි නිකන් විශ්විට මාන්දම වගේ.එයාට කවදාවත් එහෙම දෙයක් නෝට් වුනේ නැති එකම ගැන එයාට ම දුකයි.විශ්වි කියන්න දෙයක් දන්නෙ නැ.මේ වගේ අවස්ථාවකට එයා මුහුණ දෙන්නෙ පළවෙනි පාර.කොල්ලෙක්ගෙ ප්‍රශ්නයක් නම් උත්තර ද වචන ද ඕනතරම් තියෙනවා .හැබැයි මේකට මක්කෙයි කොරන්නෙ කියන්න එයාගෙ වම් මොළේවත් දකුණු මොළේවත් ප්‍රතිචාර නැ.සමහර විට ඒවා වැඩ නැතුව ඇති කියල විශ්වි හිත හදාගත්ත .
කොච්චර වේලාසනින් ගියත් මෙගාරා ඒ හැමෝටම කලින් ඉස්කෝලේ ඇවිල්ල ඉන්න එක අතාරාට මහ දැවෙන ප්‍රශ්නයක් .එක්කො මෙගාරාගෙ ගෙවල් මේ අත ලග නැත්තං ඉස්කෝලේ යතුර තියෙන්නෙ මෙයා ගාව කියන final decision එකට එයා ඇවිල්ල ඉවරයි.සුපුරුදු විදිහට අතාරාව දැක්ක ගමන් මුලු ඇගම නලියගෙන තෙතට හුරු කලු ඇස් දෙකෙන් මේ පොඩි එකී බලන විදිහට කාටද ලෝබ නොහිතෙන්නෙ.
"ගුඩ් මෝර්නින් "
වෙනදා වගේම උදේම ප්‍රබෝධමත් කටහඩින් මෙගාරා එහෙම කියාගෙන අතාරාගෙ පාර මැද්දෙ හිට ගත්තා .අතාරා හෙමීට බැලුවෙ විශ්වි දිහා.හුකා!! විශ්වි දැන් අහුවුනොත් බැදල කන සයිස් එකේ කැත බැල්මක් මෙගාරාට දාගෙන ඉන්නවා දැක්ක ගමන් අතාරා මෙගාරාගෙ ඇස් කොහෙටවත් නොයා තමන් ගාව ම තියාගන්න ගහපු කට්ටට එයාට ම හති.
"ගුඩ් මෝර්නින් "
වෙනදා වගේ නොවී අතාරා මෙදා පාර හැමෝම රවට්ටන් ඉන්න එයාගෙ අහිංසක මූණ දාලා දත් ඔක්කොම පෙන්නල හිනා වුණා .අතාරාට තියෙන්නෙ අනිත් අයට වගේ පොල් දත් නෙවේ.කිරි දත් වගේ චූටි දත් සෙට් එකක් .එක නිසාම එන අහිංසක පාට ප්‍රයෝජනයට අරන් අනිත් අයව රවට්ටන් ඉන්නෙ ඔය අතාරා .පව් අර මෙගාරාත් රැවටුනේ බැටලු හම පොරවන් ඉන්න මේ නරිච්චිගෙ හිනාවට නෙ.
මනුස්සයෙක් උදේට ප්‍රබෝධමත් වෙන්නෙ කොල කැද එකක් තේ එකක් බිව්ව ම නෙ.හැබැයි අතාරාට එහෙම ඔනෙ නැ.එයාගෙ energy drink එක උදේ "ගුඩ් මෝර්නින් "එක.මෙගාරාගෙ නම් අතාරා ගෙ ඡායාව.ඉතින් දෙන්නට දෙන්නා නොගැලපී තියේවිද අනේ.
YOU ARE READING
අතුල්‍ය
Romance"හරි..උබටයි මටයි එකට ඉන්න බැරි නම් වෙන උන් එක්කත් උබට ඉන්න දෙන්නෙ නැ මම ..."