සෙනසුරාදා පන්ති ගිහිල්ලා ආපු ගමන් අතාරා ශාන්තිලගෙ ගෙදර දවල්ටවත් නොකා ම දිව්වෙ නෙත්මිට සතියේ වාර්තාව ඉදිරිපත් කරන්න .අනික කාලෙකින් ශාන්තිගෙන් බත් කටක් කාපු කාලයක් එයාට මතක නැ.ගිය සෙනසුරාදා ද කොහෙද අන්තිමට ශාන්තිගෙ කෑම කෑවේ.
කලු ගගේ අත්තක් මෙයාලගෙ ගම පිටිපස්සෙන් යනවා.නෙත්මිලගෙ ගෙදර පිටිපස්සෙ ගග.දෙන්නගෙ හොර කතා සිද්ධ වෙන්නෙ ගගට මුහුණලා හදලා තියෙන ගල් බංකුවේ.අදත් ඉතින් දෙන්නා එක්ක කතාව කරගෙන ගියේ ඒ ගල් බංකුවේ වාඩි වෙලා.අතාරා මෙගාරා එක්ක ගෙවපු හැම තත්පරයක්ම අඩු නැතුව එයා නෙත්මිට කිව්වෙ ඕලෙවල් කාලෙ කඩ පාඩම් කරපු ගුත්තිල කවි ටික කියනවා වගේ.එයාට පොලිටිකල් පාඩමක් ඔහොම මතක හිටිවි කියල කොහෙත්ම සහතික වෙන්න බැ.
"එකී මොකාටද බන් එන්නෙ ?"
නෙත්මිට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඒක.අතාරාට දැනෙන හැගිම ඒ විදිහට ම නෙත්මිට දැනෙන්නෙ නැති වුණා ට එයා පුළුවන් උපරිමයෙන් තේරුම් ගන්න උත්සාහ කලා.එයාට ඕන වුණේ අක්කව ආරක්ෂා කරගන්න විතරයි .
"දන්නෙ නම් නැ. හැබැයි මොකාට ආවත් මම කැමති .."
අතාරා එයාගෙ උත්තරේ පිට කලේ විහිලුවකින් වගේ වුණාට ලොකු ස්ථිරබවක් ඒකේ තිබ්බා.ඒක තේරුම් ගත්ත ගමන් නෙත්මිගෙ සැගවුනු කේන්තිය පිට දාන්න පටන් ගත්තා .
"උබට පිස්සු ද ...????? ඕවා සිද්ධ වෙන දේවල් නෙවේ...ඕක දැන්ම ම හිතින් අතැරපන්."
මෙච්චර වෙලා හිනාවෙන් තිබ්බ මූණ ට එකපාරට බයක් වගේ දෙයක් ආරූඪ වෙන්න ගත්තා .අතාරා කොහොමද එයාගෙ හැගීම විස්තර කරන්නෙ .ඔව් මේක අමාරු දෙයක් තමයි.හැබැයි ජයගන්න අමාරු දෙයක් නෙවෙයි කියල එයා විශ්වාස කළා.
"සිද්ධ වුණත් නොවුනත් මට ඒක නවත්තන්න බැ."
ඇත්ත !!!ආයේ එයාට හංගන්න දෙයක් නැ.හැගීම්වලට අවනත වෙන එක තමයි එයාගේ තේරීම.ඒක කරන්න පුළුවන් ද බැරි ද අනාගතයේ මොනව වෙයිද එයාට අදාල නැ.අනෙක් පාර්ශවය ඕකේ නම් අතාරා එයාව මැරුණත් අතාරින්නෙ නැ කියල හිතාගත්තා.
"එහෙනම් හැමි%&*...උබට මොකක් හරි වුණොත් මම ඔය පොඩි එකීව කඩනවා බෝංචි කඩනවා වගේ..."
YOU ARE READING
අතුල්‍ය
Romance"හරි..උබටයි මටයි එකට ඉන්න බැරි නම් වෙන උන් එක්කත් උබට ඉන්න දෙන්නෙ නැ මම ..."