12 වන පරිච්ඡේදය

77 7 2
                                    

අතාරාට කවද හරි කෙලවෙන්නේ එයාගේ ලොකුකම හින්දා තමයි.තමන්ගේ පන්තිභාර මිස් ඉස්කෝලෙ ඇවිල්ල නැත්තේ ඇක්සිඩන්ට් එකක් නිසා කියලා මෙගාරා පන්තියේ අනිත් අයට කියනකොට අතාරට ඒවා ගැන අවධානයක් දෙන්න  වෙලාවක් තිබ්බේ නෑ.මේ තරම් බරපතළ කාරණාවක් එයාලා දන්නෙත් නෑ.ඒත්  තාමත් ජනේලෙන් පාර දිහා බලාගෙන ඉන්න අතාරා නිකමටවත් බෙල්ල හරවලා මෙගාර දිහා බැලුවේ නම් නෑ.මේ ලොකු කම එයාට එන්නේ එයාගේ තාත්තගේ පැත්තෙන්.මෙගාර කීප සැරයක්ම අතාරව කතාවට එකතු කරගන්න හැදුවට අතාරා  හූමිටි තියෙනව ඇරෙන්න මේ කිසි දෙයක් කතා කරේ නෑ.

එයාට තිබ්බ ලොකුම ප්‍රශ්නේ මෙගාර අද ගුඩ්මෝනිං කිව්වේ එයාට නෙමෙයි.සඳක් වගේ බැබලී බැබලි උදේ පාන්දර ඉස්කෝලේ ආපු ඒ මූණ  කළු වළාකුළුවලින් වැහෙන්න ගත්තේ ඒ පොඩි සිදුවීම හරහා.මෙගාර හොඳටම දන්නවා අතාරාගේ මේ බොරු කේන්තිය එයාගේ හේතු දැක්වීමෙන් පස්සේ නැවතිලා යනවා කියලා.මොකද එවෙලේ සිද්ධ වුනේ ඇත්තටම මෙගාර අතාරව නොදැක අතාරාගේ ඉස්සරහෙන් ආපු එයාගෙම පන්තියේ ළමයෙකුට මෙගාර ගුඩ් මෝනින් කිව්වා.අතාරා හිතුවෙ කිව්වෙ එයාට කියල .එයාට නෙවෙයි එහෙම කිව්වෙ කියල අතාරාට තේරුම් යද්දි මෙගාර පරක්කු වැඩි.ලැජ්ජාවයි කේන්තියයි තමයි අතාරා මේ හැමෝටම ගස්ස ගස්ස පුප්ප පුප්ප පිට කරන්නෙ.එයාට තියෙන ලොකුම අවුල මෙගාරා වෙන අයටත් ගුඩ් මෝර්නින් කියන එක.දන්නැද්ද ඊරිසියාව නෙ.

අතාරට ඕනේ නම් ඕනෙමයි.ඒක වෙනස් කරන්න එයා කැමතිත් නෑ.මිනිස්සු හැමදාම එක වගේ එක විදිහට ඉන්නේ නෑ කියලා අතාර හොඳටම දන්නව.හැබැයි අර ළංවෙලා තියෙන දෙයක් තමන්ගේ අයිතිවාසිකමට ලියැවුණු දෙයක් වෙන අතකට යනවට එයා කවදාවත්  කැමති වුණේ නම් නෑ.මොකද අතාරාට ලැබුනු දේවල්වලට වඩා නොලැබුනු දේවල් ගොඩක් නිසා ලැබුනු දේ රැක ගන්නයි එයාට ඕන.ඒක මනුෂ්‍ය ස්වභාවය.අතාරත් මනුස්සයෙක් නෙ.

ටීචර්ගේ accident උන කතාව අහලා හැමෝම දැන් ශොක් .කරන්න දෙයක් ඔලුවට එන්නෙත් නැ.පන්තිය ම ටීචර්ගෙ accident එක ගැන දුක් වෙනකොට අතාරා මෙගාරගෙ හේතු දැක්වීම බලාගෙන  ඉඳලා ඉඳලා බැරිම තැන මෙගාර දිහා බලලා ලස්සන කැත හිනාවක් දැම්මා.වැඩේ පත්තුවෙනවා කියලා  දැන ගත්ත මෙගාරා එයාගේ පුටුව තව ටිකක් අතාරට ලං කරගත්තා.ඊට පස්සේ හෙමිට අතාරගේ කරට අත දාන ගමන් පුළුවන් තරම් ළං වෙන්න උත්සාහ කරත් ඒ සැණින් අතාරා මෙගාරගෙන් ඈත් වෙනවා.

අතුල්‍ය Where stories live. Discover now