කොන්වන්ට් ඉස්කෝලයක් කියන්නෙ ඉතින් නීති තමයි.හැබැයි ඉතින් ඒ නීති වලට යටත් වෙන අයත් ඉන්නවා එවා ගණන් නොගෙන ඉන්න අයත් ඉන්නවා.හැබැයි ඉතින් හැමෝම පාහේ සිස්ටර්ට නම් බයයි.හැබැයි principal sisterට නෙවේ ඊට පල්ලෙහායින් ඉන්න ගොඩක් වෙලාවට deputy sisterට තමා කොන්වන්ට් ඉස්කෝලවල් වල ගෑනු ළමයි බය.එක නිකන් නියතයක් වගෙ .
අතාරගෙ පන්තියේ හිටියෙ ඔය දෙක අතර මැද්දෙ ඒ කියන්නෙ එයාලා සිස්ටර්ට බයයි සමහර වෙලාවට ගණන් ගන්නෙ නැ.හැබැයි මෙගාරයි එයාගෙ සහචරයො ටිකයි නම් පොඩ්ඩක්වත් සිස්ටර්ට බය නැ.කොච්චර බැනුම් ඇහුවත් ,කෝටු කැඩෙන්න ගුටි කෑවත් එයාල කළේ එයාලට ඕන දේ.එහෙම සෙට් එකක් ඕනම ඉස්කෝලේක ඉන්නවා .එහෙම නැත්තං ඒක ඉස්කෝලේයක් නෙවේ.
"බලන්න සිස්ටර් කොච්චර කිව්වත් හැදෙන්නෙ නැ.මෙයාල හැසිරෙන්නෙ කොල්ලො වගේ."
උදෙන් ම නඩු.එක නම් ඉතින් සාමාන්‍ය දෙයක් මේ ඉස්කෝලේ .රෙජිස්ටර් එක මාර්ක් කරලා ඔෆිස් එකෙන් අද තියන්න තිබුනෙ අතාරට.12 art පන්තියට පන්ති නායිකාවක් නැ.හදිස්සියේ සිස්ටර් හරි ටීචර් කෙනෙක් හරි පන්ති නායිකාව කවුද කියල ඇහුවොත් ඉතින් එයාල කැමති නමක් කියල දානවා.මොකද ඒලෙවල් පන්තිවල ඕවා සාමාන්‍ය දේවල් .අද රෙජිස්ටර් එක ගෙනියන්න තිබ්බෙ ඈන්ට වුණත් ඈන් අද ඉස්කෝලේ ඇවිල්ල නැති නිසා අතාරාට එක ගිහින් තියන්න උනා .ඉතින් එයා එක අරගෙන පඩිපෙළ දිගේ බහිද්දි ඇහිච්ච වචන ටිකෙන් අතාරා ටිකක් නැවතුනේ දැන් ඔතනින් ගියොත් සිස්ටර් එයාවත් මොහොකට හරි අල්ලගන්නවා කියල දන්න නිසා.හැබැයි නැවතිලා ඉන්නත් බැ .එහෙම උනොත් තවත් ප්‍රශ්නයක් .එක නිසා ඔන දෙයක් වෙච්චාවෙ කියල අතාරා පඩිපෙළ බැහැලා staff room එක ඉස්සරහ ඉන්න කට්ටිය දිහා බලන්නෙම නැතුව යන්න ගියත්,
"කලින් සැරේ සිස්ටර් වත්තෙ තිබ්බ මිරිස් කෑවා.සුදු පාට මිරිස් දැකල නැ කියල කාලා අන්තිමට මෙගාරා නැවතුනෙ ඉස්පිරිතාලෙ ගිහිල්ල ..ඒත් හැදිල නැ."
බිම බලාගෙන යන්න හිටිය අතාරා එ නම ඇහෙද්දිම වගේ ඒ පැත්ත අංශක 360ටම බෙල්ල කරකවලා බැලුවා.නාරං ගෙඩි අත උඩ තියාගෙන ඒ අත ඔලුව උඩ තියාගෙන දණ ගහගෙන ඉන්න මෙගාරාගෙ සෙට් එක..අතාරාව දැක්ක ගමන් බිම බලා ගත්තත් මහ මොළකරු කිසිම ලැජ්ජාවක් නැතිව අතාරට දත් ඔක්කොම පෙන්නල හොද හිනාවක් දුන්නත් අතාරාට ගිය හිනාව නම් නක්කල් හිනාවක්.
YOU ARE READING
අතුල්‍ය
Romance"හරි..උබටයි මටයි එකට ඉන්න බැරි නම් වෙන උන් එක්කත් උබට ඉන්න දෙන්නෙ නැ මම ..."