33 වන පරිච්ඡේදය

42 9 0
                                    

අපි ජීවත් වෙන්නෙ දවස් 25000ක් වගේ අඩු කාලයක් නේද..එතකන් ජීවිතෙ ගැටගහගන්න ,සාර්ථකයි කියන ජීවිතයක් හදාගන්න අපිට දවස් 20000ක් වත් යනවා.ඇයි අපි මෙච්චර නැහෙන්නෙ දවස් ගානක් ගෙවන්න???

ඇත්තටම ඉගෙන ගෙන වැඩක් තියෙනවා ද ? ඒලෙවල් වලට හොදට පාඩම් කරලා ඒලෙවල් ලියන්න කලින් මැරුනොත් මොකද වෙන්නෙ? එතකන් කරපු දේවල් වල කිසිම තේරුමක් නැති වෙනවා නෙ.

අතාරා මේ දවස් වල ජීවිතෙ අනිත්‍ය බව සිහි කරනවා.ඒලෙවල් ලියන්න කලින් තිබ්බ ගැම්ම දැන් නැ.A3 හිටිය එවුන් සහභාගි වීම වැදගත් කියල හිතන අවධිය තමයි මේ.මොකද 13 පටන් ගත්තා කියන්නෙ ඉතින් ඇත්තටම ඒලෙවල් කියන්නෙ මිත්‍යාවක් කියල හිත හදාගන්න ම වටින දෙයක් තමයි .

ඒ අස්සෙන් ස්පෝර්ට් මිට් ...හයියෝ ...අතාරා අකමැති ම දේ.ඒත් අත් අරින්නත් බැරිම දේ.මොකද එයා සපෝර්ට් කරන්න ඕන කෙනෙක් දැන් ඉන්නව නේ.හැබැයි අතාරා දැන් කලින් වගේ මෙගාරා එක්ක යන්නෙ නැ .එයා හැකි තරම් ඈත් වෙලා අතේ දුරින් ඉන්න බලනවා.මේක මෙගාරාට වගේ ම විශ්විටත් තේරිලා තිබ්බෙ.

අද එල්ලෙ තරග තියෙනවා .මෙගාරා රතුයි,කලුයි ඉරි ඉරි ගියපු ටී එකකට කලු පාට බොට්ටම් එකක් ගහල හිටිය .දුරට කොච්චර ලස්සන ද මෙගාරා .එයාට තියෙන්නෙ ස්පෝර්ට් ඇගක් නිසා කොල්ලො විතරක් නෙවේ කෙල්ලොත් වශී වෙන එක අහනත් දෙයක්ද.ඉස්කෝලේ කෙල්ලො ටික මොන හවුස් එකේ හිටියත් මෙගාරා දිනන කොට පුදුම සතුටකින් කෑගහන්නෙ.අනේ මන්දා මෙව්වා.

අතාරා ඈත ඉදන් මෙගාරා සෙල්ලම් කරන හැටි බලන් හිටියා.මෙගාරාත් බෝල දාද්දී...දුවලා දිනුමක් හම්බුනාම නොවරදවා අතාරා දිහා බැලුවා ...හැබැයි අතාරාගෙ මූණේ සතුටක්වත් අඩුම තරමෙ හැගීමක්වත් පේන්න තිබ්බෙ නෑ.ඒකෙන් මෙගාරාගෙ අවධානය හොදට ම අවුල් ගියා එයාට සෙල්ලම් කරන්න ඔලුව එක තැන තියාගෙන ඉන්න අමාරු වුණත් එයා නිසා එයාගෙ කණ්ඩායමේ පරදින්න බැරි නිසා එයා කාගෙන සෙල්ලම් කලේ හිතකින් නෙවේ.

"අපි මොකක්ද මේ කරන්නෙ ?"

අතාරා මෙගාරාගෙ දිහා බලන් කල්පනා කරන්නෙ ඒක ගැන .එයා ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරන් හිතුවා මුල ඉදල අග වෙනකන් හිතුවා.

අතුල්‍ය Where stories live. Discover now