" ආ හ් ... ? "
අහින්සක පාට කොල්ලෙක් එක පාරට ගැස්සිලා වගේ මගෙ දිහා බලද්දි මන් ඌට අර මන් කාටවත් දෙන්නෙ නැති හිනාව දුන්නෙ කොල්ලා මට බය වෙලා කියල ඒ මුණෙන්ම මට තෙරුන් ගන්න පුලුවන් උන නිසා..
" මචං අපිට කෑම එකක් වැඩී.. දෙන්න කියල යාලුවෙකුත් නෑ ඔයා කන්න..... "
" අනෙ එපා ඔයා කන්න...... "
" මෙ මන් ඌරෙක් වගෙ පෙනවද ? "
" නැ ඇයි.... "
" අහ් එහෙනම් මන් කැතද....... ? "
" ඔව් ! "
ඔව් ? මන් කැතයි..... ???? කවුද උට්ටො මට කැතයි කියන්නෙ...
හැබැයි එහෙම කිව්වෙනම් අර අහින්සකය නෙවෙයි.. ඒක ආවෙ මගෙ ඉස්සරහින් ඒ කියන්නෙ අර කොල්ලගෙ පිටිපස්සෙන්.. කාටත් යටත් වෙන්න පුලුවන් තද හඩකින්. මට එහෙම කිව්වෙ වෙන කවුරුත් නෙවෙයි අර මෙ ලොකෙ ඉන්න මට පෙනෙන්නම බැරි ඒක...
මෙකා මොකද මෙහෙ කරන්නෙ..... ?
ශනල් අයියා මගෙ දිහාම බලාගෙම එහෙම කියද්දි මට අර ඌ ලග ඉද්දි හැමවෙලෙම එන අමුතු කෙන්තියත් එක්ක මොනවත් නොතිබ්බ මගෙ දකුණු අත මිටමෙලවෙද්දි අර අහින්සක කොල්ලා ඒ අත ගුලි කරල අල්ලගත්තේ මන් ශනල් අයියට දෙකක් නෙලි කියල බයෙන්ද කොහෙද... ඇයි අත් වල නහරත් එක්ක ඉලිප්පිලා... ඇත්තටම දෙන්න පුලුවන් ඒ මූණ රොටිය වගෙ වෙන්න.... ඕහ් ශිට් !!
" හරි මන් කන්නම්........ "
" හ්ම් කන්න එහෙනම්...... "
මන් අර කොල්ලගෙ ඔලුවත් පොඩ්ඩක් අවුස්සල උගෙ පිටටත් තට්ටුවක් දාලා එහෙමම ගියේ වොශ් රූම් තිබ්බ පැත්තට.. ඇයි යකො ඇගෙ මාලූ නටනව ඩිජේ එකක් දලා වගෙ.... ඒ අස්සේ උගේ ලස්සන..... ආර්හ් !!!!!
කලු පාට අත් දිග ශර්ට් එකෙ උඩ බට්න්ස් දෙකක් විතර ඇරලා අත් දෙක වැලමිට ගාවට විතර නාමාගෙන.... ඒකට යටින් සුදු පැච් ට්‍රවුසර් එකයි ශූස් දෙකයි.... ඇත්තටම කියනවනම් ජස්ට් වාව්.... එයා මාරම හැන්ඩසම්.... කොහොමත් මට වඩා ඌ උසයි.. මන් ඉන්නෙ හරියටම මගෙ ඔලුව උගෙ නිකට යට වැදෙන සයිස් එකෙ... අනික පිරිණු ඇගත් එක්ක ඒ රුපෙ අහක බලාගෙන අඹපූ රන් පිළිමයක් තරම් ලස්සනයි....
YOU ARE READING
" ආදරණීය ප්‍රාර්ථනා.. " [ completed ]
Romance" මටත් තියෙනවා සප්‍රයිස් එකක් " " කො ? " " හැබැයී ඒක රිසාල්ට් එක වෙනුවෙන්නම් නෙවෙයි හැබැයි.... " " එහෙනම් ? " " මගෙ ලගට පාවෙල ආපු වරා මලට තියෙන ආදරේ වෙනුවෙන් ! " __________________________________________ "ඇහට දකින අය කොච්චර හිටියත් හිතට දැනුණ කෙනා...