එහෙට දුවනවා, මෙහෙට දුවනවා, ඇදුම් අයන් කරනවා , තම සමහරු ඇදුම් හොයනවා... බැරිම තැන මගෙ ඇදුමුත් ඇදගෙන ඔන්න කොහොම හරි කට්ටියම ලැහැස්ති වෙන ගමන් තමයි ඉන්නෙ....
අද ගෙදර සෙනග ගොඩක් හින්දා කාටත් කලින් බාතෲම් එකට පැන ගත්ත මම යුනිෆොම් එකත් ඇදගෙන කමිසෙත් ගානට කලිසමට යට කරගෙන එහෙමම සපත්තු දෙකත් දාගෙන ගැම්මට ඇද ගත්තා.
ඊට පස්සෙ ලොකු තාත්තා එනකොට අරන් ආපූ අලුත්ම සිල්වර් කලර් වොච් එකත් වම් අතට ඇදගෙන එදා වැලන්ටයින් එකට අශාන් දීපූ පර්ෆියුම් එකත් ඉහගෙන මන් එහෙමම ගියේ ශනල් අයියගෙ තාත්තා ලගට ටයි එක දා ගන්න.
ඇත්තම කියනවනම් මට ඔය ටයි දාන වැඩෙනම් සෙට් වෙන්නෙම නැහැ. මොකද අපි හැමදාම ටයි දන්නෙ නැනෙ ඉතින්. දැම්මොත් ඔය හෙන කාලාතුරකින් තමයි ඒකත් විශේශ ඉවෙන්ට් එකක් හින්දා තමයි දාන්නෙ..
අපෙ තාත්ත ඉතින් හැඩ වෙන්න වෙලා යන නිසා ශනල් අයියගේ තාත්තා ගාවට ටයි එකත් උස්සගෙන දුවපු මට ශනල් අයියගෙ තාත්තා ටයි එකත් ලස්සනට ගැට ගහලා දුන්නා..
ඊට පස්සෙ ඉක්කොම ලැහැස්ති කරන් ඉවරයි කියලා හිතාගෙන එලියට යන්න යද්දි කෙල්ලො තුන් දෙනා එහෙමම මාව ඇදගෙන ගිහින් මගෙ කාමරේ කණ්නාඩි මෙසෙ ලග ස්ටුල් එකෙන් ඉන්දවලා මූණෙ පාප්ප ගාන්න පටන් ගත්තා.
සන් ක්‍රීම් කියයි , ෆවුන්ඩේශන් කියයි මන් නම් දන්නෙ නෑ ඒ කියපු එකක්වත් ගැන..
කොහොම හරි එක එක ජාතියෙ එක එක පාට එව්වා තලියක් බදාම උලනවා වගෙ මගෙ ලස්සන මූණෙ උලලා අර පොඩි මොකක්ද කොස්සක් වගේ බ්‍රශ් එකකින් මූණ ගැසුවා....හැබැයි මොනවා නැති උනත් මන් ඒ බ්‍රස් එකට කැමැති.. ඒකට මුණ කිති කැවෙනව අනෙව්ව්.....හරිම සොෆ්ට් !!
ඉතින් කොහොම හරි මනමාලි වගෙ මෙකප් කරවලා ඉවර කරලා හැඩ බලවලා මාව සාලෙට යවපු ඒකටනම් මන් දෙවියන්ට හදවතින්ම තැන්ක්ස් කරා.
නෑ මන් අතන ඉදියේ මරන්න ගෙනියන හරකෙක් වගෙ.. බෙල්ල එහෙට කර කවනවා මෙහෙට කර කවනවා.. බකමූනෙක් වෙනවා මෙහෙම ගිහින් මම දැන්..
ආර්හ් එහෙම උනත් මන් හැඩත් ඉදී නේත එයී....
අනෙ අද මගෙ සුටික්කා බලන්න පුලුවන්..
YOU ARE READING
" ආදරණීය ප්‍රාර්ථනා.. " [ completed ]
Romance" මටත් තියෙනවා සප්‍රයිස් එකක් " " කො ? " " හැබැයී ඒක රිසාල්ට් එක වෙනුවෙන්නම් නෙවෙයි හැබැයි.... " " එහෙනම් ? " " මගෙ ලගට පාවෙල ආපු වරා මලට තියෙන ආදරේ වෙනුවෙන් ! " __________________________________________ "ඇහට දකින අය කොච්චර හිටියත් හිතට දැනුණ කෙනා...