ඉතින් දැන් ආයෙ උනේ මොකක්ද කියල හිත හිත ඉන්න වෙලාවක් තියන්නෙ නැතුව අභිමන් අයියා බාතෲම් එකට රින්ග ගද්දි මම ගිහින් අල්මාරිය ඇරලා සුදු ඔවර්සයිස් පොකට් ටි ශර්ට් එකකට කලු පාට Cargo baggy පැන්ට් එකක් එලියෙන් අරන් තිබ්බා...
ඊට පස්සෙ ඒකට සුදු පාට ශූස් දෙකකුත් එලියෙන් අරන් තියපු මම වොලට් එකයි ෆොන් එකයි ටෙබල් එක උඩින් තියලා ඊට පස්සෙ කලු පාට බැන්ඩේජ් එකකුත් අරන් තියලා ගෙනියපු බෑග් ටිකත් අස් කරල අභි අයියා එලියට ආවාට පස්සෙ මමත් ඇතුලට ගිහින් දෙන්නගෙ රෙදි ටිකත් මැශින් එකට දාලා හොද හැටි නා ගෙන මම තුවාය පිටින්ම කාමරෙට අවා.. ඒ එද්දි අභිමන් අයියා ලැහැස්ති වෙලත් ඉවරයි..
එයා කාටද කොල් එකක් ගන්න ඔනෙ කියල කාමරෙන් එලියට ගියාට පස්සෙ මමත් ලැහැස්ති උනා...... ලැහැස්ති වෙලා ඉවර වෙලා මගෙ ෆර්ෆියුම් එකත් ඇගෙ හලාගෙන සුවද ගගහා කණ්නාඩි ඉස්සරහට ගිහින් කොන්ඩෙ ටිකක් ගසලා ඇස් දෙකට වැටෙන්න දැම්මා..
ඔය ඉන්නෙ හැන්ඩියා වගෙ.......
ඉතින් මමත් ෆොන් එකයි වොලට් එකයි සාක්කුවට දාගෙන අර අරන් තියපු කලු පාට බැන්ඩෙජ් එක දකුනු අතේ මැනික් කටුව ගාව ඉදන් උරිස්ස හරියට යනකල්ම ඔතා ගත්තා.... ඒ අත දැන්නම් හොදටම කැක්කුමයි ගෙදර ඇවිත් මොනව හරි ගා ගන්න ඔනේ....
ඉතින් බැන්ඩෙජ් එකත් හරියට හදා ගෙන කාමරෙන් එලියට ගියපු මම අභි අයියගෙ සද්දෙ සාලෙන් ඇහුන නිසා එහෙමම සාලෙට ගියා...
" wow තමුසෙ මාර ලස්සනයිනේ ශාකී..... "
අභිමන් අයියා ෆොන් එකත් කනේ ගහ ගෙනම සාලේට ආපූ මාව හරව හරව බලද්දි මට හිනත් එක්ක... පිස්සු උත්තෙක්.
ඉතින් ඌට ෆොන් එකෙ සිහියත් අමතක වෙලා තිබුණ නිසා මම අභිමන් අයියගේ ෆොන් එකට ඇගිල්ල දික් කරද්දි තමා පොරට කොල් එක මීටර් උනේ.." ඔව් ඔව් අපි යන්න හදන්නෙ දැන්...."
ඉතින් අභිමන් අයියා ෆොන් එකත් කනේ ගහ ගෙනම ගෙදරින් එලියට බහිද්දි මමත් සිරි මාමට යනව කියාගෙන එහෙමම ගියේ අපෙ වාහන පාර්ක් කරල තියෙන තැනට.. ඉතින් අභිමන් අයියා එයාගෙ කාර් එක ගාවට යන්න යද්දි මන් උගෙ අතින් අල්ල ගත්තා.
YOU ARE READING
" ආදරණීය ප්රාර්ථනා.. " [ completed ]
Romance" මටත් තියෙනවා සප්රයිස් එකක් " " කො ? " " හැබැයී ඒක රිසාල්ට් එක වෙනුවෙන්නම් නෙවෙයි හැබැයි.... " " එහෙනම් ? " " මගෙ ලගට පාවෙල ආපු වරා මලට තියෙන ආදරේ වෙනුවෙන් ! " __________________________________________ "ඇහට දකින අය කොච්චර හිටියත් හිතට දැනුණ කෙනා...