" බබා කො ඇහැරින්න "
" ම්ම්ම්ම් "
ශනල් අයියාගෙ පපුව අස්සෙ ගුලි වෙලා නිදා ගෙන ඉදපු මම ශනල් අයියා කතා කරපු නිසාම ඇස් දෙක ඇරලා ශනල් අයියගේ බෑගී එක ඇතුලෙන් එලියට ආවා..
අනෙ මට තව ටිකක් එහෙම නිදාගෙන ඉන්න ඔනෙ......
" කොෆි එකක්වත් හදලා දෙන්නද අයියේ "
නිදිමත බෙරෙන ඇස් දෙකත් හොදට පොඩි කරාලා ඇස් පාද ගෙන මන් ශනල් අයියගෙන් එහෙම ඇහුවෙ එයාට බඩගිනිද කියන්න හරියට දන්නෙ නැති නිසා...
" එපා . ඉස්කොලෙ එන්න මන් බලන් ඉන්නවා.. "
" එහෙනම් මෙහෙ ඉන්නකො යන්න එපා."
" මන් ආයෙ එන්නම්කො ම්ම්ම්ම් "
ශනල් අයියා ආයෙම යනවා කියද්දි මටනම් දැනුනේ ලොකු පාලුවක්... අනෙ මන් ඇයි කියන්නනම් දන්නෙ නෑ.. එ උනාට ශනල් අයියගෙ පපුවට ගුලි වෙලා ඉද්දි මට හරි උණුහුමක් දැනෙනවා..ඉස්සර මගෙ අම්මාගෙ පපුවෙ තුරුල් වෙලා ඉදියා වගෙ
හරි සනීප උණුහුමක් තමයි ශනල් අයියා ගාවත් තියෙන්නෙ.." පරිස්සමෙන් ඉස්කොලෙ එන්න.. "
ශනල් අයියා මගෙ ඔලුව උඩින් අතක් තියලා ඒ කියලා යන්න කියලා හදද්දි මන් ආයෙම ශනල් අයියට තුරුල් වුණේ පුදුම තරමේ ලොභකමකින්....
" මට යන්න දෙන්න ලොභයි... "
ඉතින් මන් ආයෙම පාරක් ශනල් අයියගෙ උණුහුම හොයා ගෙන ආපූ නිසාමදො කොහෙදෝ ශනල් අයියා මාව එයාගෙ පපුවටම තුරුල් කරගෙන හරි ආදරෙන් මගෙ කොන්ඩේ අත ගෑවා...
" මන් ඉක්මනින් එනවා "
ශනල් අයියගෙ තුරුලේ ඉදපු මාව හිමිට එහාට කරලා මගෙ නලල මැද්දට වෙන්න තොල් තද කරපු ශනල් අයියා විනාඩි ගානක්ම එහෙම ඉන්න ඇති....
ඒ හාදුවට ඉබෙම වගේ මගෙ ඇස් දෙකත් පිය විලා ගියා...
ඉතින් තවත් ඉදියොත් සිරි මාමා ඇහැරිණ වෙලාවත් ලන් වෙන නිසා මන් ශනල් අයියව පිටි පස්සට කරගෙන එහෙමම ආවෙ සාලෙට... කොකටත් කියලා සාලේ වටෙම ඇස් යවලා කවුරුත් නෑ කියලා නොට් කර ගෙන එහෙමම ඇවිත් ජනෙල් පියන ඇරලා එලියට පැන්නා...
YOU ARE READING
" ආදරණීය ප්‍රාර්ථනා.. " [ completed ]
Romance" මටත් තියෙනවා සප්රයිස් එකක් " " කො ? " " හැබැයී ඒක රිසාල්ට් එක වෙනුවෙන්නම් නෙවෙයි හැබැයි.... " " එහෙනම් ? " " මගෙ ලගට පාවෙල ආපු වරා මලට තියෙන ආදරේ වෙනුවෙන් ! " __________________________________________ "ඇහට දකින අය කොච්චර හිටියත් හිතට දැනුණ කෙනා...