56 කොටස

132 15 0
                                    

ඉතින් ඊයෙ ශනල් අයියා එක්ක මහ රෑ වරා ගස් යායක් අස්සෙ දුවල දුවලා අන්තිමට නිදා ගන්නත් වෙලා ගියපු එකෙන් අන්තිමට මට බ්ලේසර් එක හදා ගන්න උනෙත් ස්කොලෙ ගිහිල්ලා....

දැන් බ්ලේසර් එකක් මොකටද කියල අහනවනම් ඒ වෙන මොකටවත් නෙවෙයි මගෙ හෙඩ් පිපෙට් අයියව ඉස්කොලෙට පිලි ගන්න එපැයෑ....

හරිනම් අද මේන් එසෙම්බ්ලි එක තියලා රිපොට් දීලා, පේරන්ට්ස් මීටින් ගන්න තිබ්බ එක හදිස්සියෙන් ආපූ එලෙවල් රිසාල්ට්ස් නිසා සදුදට කල් දා ගන්න උනා..

කොහොම හරි මෙ පාර අපෙ ඉස්කොලෙට අයිලන්ඩ් ෆර්ස්ට් , අයිලන්ඩ් ෆොර්ත් කියන රෑන්ක් දෙකම ඇවිත් තිබුණා මැත්ස් වලින්... අනිත් එව්වගෙන්නම් අයිලන්ඩ් රෑන්ක් තිබුනෙ නෑ ඒත් අලොක අයියයි , අකිත් අයියයි කොමස් වලින් දිස්ත්‍රික් රෑන්ක් මුල් දහ දෙනා අතරේ අරගෙන තිබ්බා..

ඒ වගේමයි අනිත් ස්ට්‍රීම් වලත් ගොඩක් හොද රිසාල්ට්ස් තිබ්බා..ඉතින් මේ පාර සාහිශය බහුතරයක් එලෙවල් පට්ටටෙම පාස් අපෙ ඉස්කොලෙ......( ගැම්මක් තමයී )

එතකොට අපේ අයිලන්ඩ් රෑන්ක් දෙක ගැන කියනවනම් එකක් නම් මේ වෙද්දිත් දන්නවනේ.  හරි කොහොම හරි අයිලන්ඩ් ෆර්ස්ට් ශනල් අයියා වෙද්දි අභිමන් අයියා තමයි අයිලන්ඩ් ෆොර්ත් වෙලා තිබුණේ.

ඉතින් අද ඉස්කොලෙටනම් රජ මගුල් වගේ ,

අපි එහෙට දුවනවයි , මෙහෙට දුවනවයි, auditorium එක ඩෙකරේඩ් කරනවයි, මල් බොකේ හදනවයි , පොල්තෙල් පහනක් අටවන්න ට්‍රයි කරනවයි ඉවරයක් තිබුණේ නෑ..

එහෙන් නිවුස් චැනල්ස් වලින් ඇවිත් හතර වටේට අල්ල අල්ල විඩියො කරනවයි මගුල් අහනවයි....

මන් නම් ඉදියේ තිත්ත වෙලා උත්ත!!!!!!

ඇත්තටම කියනවනම් අද එන්නෙ අයිලන්ඩ් රෑන්ක් ගත්තු අයියලා ටික විතරක් නෙවෙයි, විසි තුන එලෙවල් බැජ් එකේ සෙරමලා එක්ක පේරන්ට්ස්ලා හැමොම එනවා අද...

ඒක අපෙ ඉස්කොලේ නිකම් සාම්ප්‍රදායික දෙයක් වගෙ හැම පාරම රිසාල්ට් ආපු දවසට පස්ස දවසෙ මුලු බැජ් එකම ස්කොලේ.. ඒකට එලෙවල් පාස්ද ෆේල්ද අදල නෑ..

" ආදරණීය ප්‍රාර්ථනා.. " [ completed ]Where stories live. Discover now