80 කොටස

131 11 0
                                    

ලබ් ඩබ්..ලබ් ඩබ්...

කඳුළු තිබුණා ද මාවතේ
රුදුරු හන්දාම ජීවිතේ
වතුර හෙව්වා ද හාමතේ
පැදුරු නැති රෑක නිදිමතේ

මේ වෙද්දි තප්පර දහයේ කනිසම ගෙවෙන්න හරි ආසාවෙන් බලාගෙන ඉන්න ඉලක්කම් ටික රතු පාටින් ටයිම් ලයින් එකේ දිස්නේ ගහනවා.. ගැහෙන පපු ලක්ෂ කොටී ගානක් තව තව හයියෙන් හුස්ම අල්ලනවා.....

අපි පාවෙන ලෝකේ
ඇවිදින චාරිකාවේ
දවසක පාවේදෝ අහසේ
හඳ අල්ලන්න ආස ගමනේ

පුරන් වූ දාක ආදරේ
තුරන් වූවා ද ජීවිතේ
පහස දැනුනාම තනිකමේ
දෙබස් ඇහුනා ද හදවතේ

ඉතින් ඇස් වලින් පහලට රූටගෙන යන දාඩිය බිංදු අස්සෙ කන් දෝංකාර දෙන්න ඇහෙන මගේ නම වගෙම , අපේ සිංහ කොඩිය තැන තැන ලෙල දෙන කොට මන් ලොකු හුස්මක් ගන්නවත් එක්කම මෙච්චර වෙලාම මගේ අතට තද කර ගෙන උන්න මගේ පිත්තට මන් අන්තිම පාරටත් පන දුන්නා...

ගෙවිලා ඉවර වෙලා යන්න හදන අන්තිම තප්පර ගානෙදි මගෙ ඇගෙ ඉතුරු වෙලා තිබුණ මගෙ අන්තිම ශක්තිය එහෙමම මගේ පිත්තට භාර දුන්නා තමයි ඒත් ,

අපි පාවෙන ලෝකේ
ඇවිදින චාරිකාවේ
දවසක පාවේදෝ අහසේ
හඳ අල්ලන්න ආස ගමනේ

සතුට හෙව්වාට දස අතේ
කඳුළු ආවා ද හිතුමතේ
නොමැති වූ දාක කැමති දේ
අඳුරගත්තා ද හිත අපේ

ඉතින් හිතුවේ නෑ අන්තිම මොහොත වෙනකල්ම මෙහෙම දෙයක් , මන් බලාපොරොත්තු උනා තමයි , මන් මාවම විශ්වාස කරා තමයි , ඒත් මගේ අතේ තිබුණ රැකට් එක එහෙමම බිමට අත ඇරුණා... මගෙ... මගේ අත් පය ඉදන් සීතල වෙලා ගිහින් මන් එහෙමම බිම ඉද ගත්තා...

මට දැන් උන දේ ඇත්තටම විශ්වාස කර ගන්න බෑ.. ඒ කියන්නෙ ඒක ඇත්තටම උනාද , මන් මන් ඒක ඇත්තටම......

අපි ආ ගිය පාරේ
කෙලවර නෑ පේන මානේ
දවසක පාවේදෝ අහසේ
හඳ අල්ලන්න ආස ගමනේ

අපි පාවෙන ලෝකේ
ඇවිදින චාරිකාවේ
දවසක පාවේදෝ අහසේ
හඳ අල්ලන්න ආස ගමනේ

" Well done පුතා උඹ දින්නා !! "

දාඩියටම තෙත් වෙලා ගියපු කොන්ඩේ තව ටිකක් අවුස්සලා මන් ගාවට දුවගෙන ආපු මගේ කොච් හිනා වෙවීම මාව උස්සලා කෙලින් කරද්දි මම ඇස් වල කදුලු පුරව ගෙනම මගෙ පිටි පස්සෙන් මේ ගමන ඉවර වෙනකල්ම උන්න මගෙ කොච්ට තුරුලු උනා....

" ආදරණීය ප්‍රාර්ථනා.. " [ completed ]Where stories live. Discover now