එහෙට දුවනවා , මෙහෙට දුවනවා. ආයෙම එනවා ආයෙම යනවා ඉවරයක් නැති වැඩ ගොඩක් එක්ක හිරවුණ සතියක් තමයි අපි ගෙව්වෙ..ගෙවුණ සතිය ඇතුලත මම මගේ යාලුවො අයියාලා ටික පුලුවන් උපරිමෙන්ම අපි අපි වෙනුවෙන් මහන්සි උනා.. අව්වෙ කරවුණා.
දාඩිය නාගෙන තුවාල කරගෙන උගුර ලේ රහ වෙනකල් කෑ ගහගා මහන්සි උනා.උදෙද , දවල්ද , රෑද කියලා නෑ.. මම අභිමන් අයියා අපෙ හවුස් එකෙ වැඩ වලට බඩු ගන්න මහ රෑටත් මුලු නුවර පුරා ඇවිද්දා..
මේ කාලෙ මගෙ හොදම යාලුවා උනෙත් මගෙ බ්ලැක් බියුටි..ඇයි යන්න ඔනෙ කොහෙද ඕන තැනකට කාටත් කලින් මන් එතන....
මේ කාර්‍ය්බහුල වෙලා තිබුණ සතියේ අපි හැමොම ඉදියෙ ගොඩක් හෙම්බත් වෙලා මොකද හෙටින් පටන් ගන්න අලුත් සති දෙක හරිම තීරණාත්මකයි.. මොකද හෙට ඉදන් තමයි ස්පොර්ට්ස් වලින් ඉවෙන්ට්ස් වලට ලමයි මුලින්ම ප්ලේ කරන්නෙ...
නින්ද යන්නෙත් නෑ හිත එහෙ මෙහෙ යනවා...
.ඉතින් උදේත් වෙලා අපි හැමොම ඉදියේ ස්කොලේ මුලින්ම තියන්න යන ස්පොර්ට්ස් එකෙ මැචස් බලන්න ඇවිත්.. ඇවිත් කියන්න ඔනෙ නෑ අපි ආවෙත් ප්ලේ කරන්න...
අද මුලින්ම තරග තියන්න යන්නෙ බැඩ්මින්ටන් වල... ඉතින් බැට්මින්ටන් රූම් එක ඇතුලෙ දැන් එක සෙනගයි..මොකද උදේන්ම ප්ලේ කරන්න තියෙන්නෙ පොඩි උන්ට..
ඊට පස්සෙ ලොකු උන්ට..
ඉතින් උදේ පටන් ගත්ත පොඩි අයගෙ ඉවෙන්ට් එක ඉවර වෙද්දි ඉස්කොලෙ ඇරෙන වෙලාවත් ලන් කරලා..දැන් යන්නෙ අපේ වයසෙ උන්ගෙ වෙලාව...
ඉතින් අපේ හවුස් එකෙ අපෙ ග්‍රේඩ් එකෙන් ප්ලේ කරන්න ඉදියේ මම , ඒකත් මට මුලින්ම සෙට් වුනේ Thunder Titans එකේ
විශ්වව..හවස පහ විතර වෙනකල් ගියපු ඉවෙන්ට් එකත් ඉවර කරලා බලද්දි දැනට වැඩිම ලකුණු අතර ඉදියේ Emerald Eagles. දෙවනියට Ruby Rhinos තුන්වෙනියට Topaz Tigers විදිහට තමයි දැනට ලකුනු කොලවල නොට් වෙලා තිබුණේ...
.ඉතින් එතනින් නැවතුන්නෑ.. මුලු සතිය පුරාවටම එක එක තරග එක එක විදිහට අපිට ප්ලේ කරන්න උනා.. සමහර ඉවෙන්ට්ස් වලින් අපි සෙකන්ඩ් ප්ලේ වෙද්දි හවුස් එකෙ කොඩිනේටර්ස්ලගෙන් අම්බානෙකට බැනුන් අහන්න උනා.
YOU ARE READING
" ආදරණීය ප්‍රාර්ථනා.. " [ completed ]
عاطفية" මටත් තියෙනවා සප්‍රයිස් එකක් " " කො ? " " හැබැයී ඒක රිසාල්ට් එක වෙනුවෙන්නම් නෙවෙයි හැබැයි.... " " එහෙනම් ? " " මගෙ ලගට පාවෙල ආපු වරා මලට තියෙන ආදරේ වෙනුවෙන් ! " __________________________________________ "ඇහට දකින අය කොච්චර හිටියත් හිතට දැනුණ කෙනා...