" ඇයි උඹට ඔච්චර හදිසි ශාකි..... "
" මගෙ අත අතැරපන් නූජ් මන් මෙ උඹට හොදින් කියන අන්තිම පාර "
" ඇයි උඹ මට තව මොනවා නැති කරන්නද ! බලපන් අද උඹට වෙන දෙ..... ! "
" පුලුවන් දෙයක් කරපන් නූජ් උබ වගේ දෙකයි පහනේ ගොබ්බ යක්කුන්ට මේ මන් බය නෑ උබ ඒක මතක තියා ගනිම් !! "
" උබ කාගෙ හයිය අරන්ද මට මෙහෙම කතා කරන්නෙ අර උබෙ මහ ලොකු හෙඩ් ගේ පට්ටමෙන්ද ? "
" උබ වගෙ එක එකා පස්සෙ වැද වැද ගිහින් වැඩ කරව ගන්න තරම් මන් පහත් නෑ මිනිහො...... !!# "
" උඹට මම !!! "
" එපා !!!!!"
නූජ් මගෙ අතින් අල්ලගෙන මට තර්ජනේ කරන්න පටන් ගත්තු නිසා මන් ඌවත් පැත්තකට තල්ලු කර ගෙන දොර පැත්තට යද්දි නූජ් උගෙ කලිසමේ ඉනෙ ගහගෙන ඉදපු පිහියකින් මගෙ පපුවට ඒම් කරලා අනින්න හදද්දි දොරත් ඇරගෙන ඇතුලට ආපු අශාන් නූජ්ව තල්ලු කරලා දැම්ම නම් තමයි.... ,
ඒත් නුජ් තල්ලු වෙනවත් එක්කම විසි වෙලා ආපු පිහිය මගෙ බෙල්ල දිගේ ඇදීගෙන පහලට විසි වෙලා යද්දි මම කැපුණු තැනට අතත් තියා ගෙන එහෙමම බිම වාඩි උනා....
" උඹ අද ඉවරයි ශාකි !! උඹට හෙට බිග් මැච් තියා ආයේ කිසිම එකකට යන්න වෙන්නෙ නෑ ! "
බිම ඉදගෙන බෙල්ලට අතත් තියාගෙන ඉදපු මගෙ ඔලුව උඩ තිබ්බ ලොකු යකඩ ලොකර් එකක් අපි කාටත් වඩා ආවගෙකින් නූජ් තල්ලු කරපු පාර අශාන් ඒක මැද්දට පැන්නෙ මටවත් උන දේ එක සැරෙට හිතා ගන්න බැරුව යද්දි..........
" ආආආආආආආආආආආආ "
අශාන් වෙදනාවෙන් කෑ ගහද්දි මගේ ඉස්සරහින් පැනලා බිම වැටිලා ඉදලා ඉදපු අශාන් ගාවට මන් ලේ පෙරා ගෙනම වැටි වැටි දිව්වෙ කර කියා ගන්න දෙයක් නැතුව.
" අනේ අශාන් ඇයි බන් උඹ මෙහෙම කර ගත්තේ "
නුජ් මගෙ පැත්තට පෙරලපු ලොකු යකඩ ලොකර් එක අශාන්ගෙ කකුල් දෙක උඩට වැටිලා හිර වෙලා තියෙන විදිහට මගෙ ඇස් වලට එක සැරෙ කදුලු උනලා උගුරත් දන්න පටන් ගත්තා...
" ශාකී මන් - මන් හොදින් උඹ හොදින් නේද ? "
අශාන් අමාරුව කාගෙනම මගෙන් හොදින් නේද අහද්දි මම පිස්සෙක් වගේ ඔව් කියන්න ඔලුව වනලා එහෙමම බිම වැටිලා ඉදපු අශාන්ගෙන් ඈත් වෙලා බිත්තියකට පිට දිලා ඉදපු නූජ් ගාවට ගියෙ අඩියට දෙකට....
YOU ARE READING
" ආදරණීය ප්රාර්ථනා.. " [ completed ]
Romance" මටත් තියෙනවා සප්රයිස් එකක් " " කො ? " " හැබැයී ඒක රිසාල්ට් එක වෙනුවෙන්නම් නෙවෙයි හැබැයි.... " " එහෙනම් ? " " මගෙ ලගට පාවෙල ආපු වරා මලට තියෙන ආදරේ වෙනුවෙන් ! " __________________________________________ "ඇහට දකින අය කොච්චර හිටියත් හිතට දැනුණ කෙනා...