ඉතින් නිවාඩු ගත්ත දවස් තුන ඇත්තෙන්ම ගෙවුණෙ හරිම වෙහෙසකර විදිහට..ඊයේ හරියට නින්දක් තිබුනෙ නැති උනත් අද උදෙන්ම මම ඇහැරියේ ඉස්කොලෙට යන්න කියලා හිතාගෙන.
මොකද අද තමයි අපේ සයන්ස් ඩේ එකහ්.. හේ හෙ...
හරියට උදේ 9 වෙද්දි අපේ සයන්ස් ඩේ එක පටන් ගන්න නිසාම අපි කට්ටිය කලින්ම එන්න ප්ලෑන් කරේ ඩේ එක පටන් ගන්න කලින් ඉවර කර ගන්න ඉතුරු උන පොඩි වැඩ වගයක් තිබුණ නිසාමයි...
කලෙකට පස්සෙ පාන්දර ඇහැරුණ මම බාතෘම් එකට පැනලා සුවදට සුවදේ නාලා යුනිෆොර්ම් එකත් ඇදගෙන හැන්ඩියා වගෙ රෙඩි උනා..
ඊට පස්සෙ බ්ලෙසර් කවර් එකට බ්ලෙසර් එකයි ගහන්න ඔන බැජ් ටිකයි විතරක් එලියට අරගෙන ඒ ටික වෙනම බොක්ස් එකකට දලා ෆොන් එකයි, ලැප් එකයි , ට්රැක් එක තිබ්බ පෙන් එකයි , තව බඩු ගොඩකුත් අරගෙන මන් ආවෙ සාලෙට...
ඒ ඇවිත් මෙ දවස් ටිකෙම මහන්සි වෙලා අතත් පොඩ්ඩක් රිදෙන්න අරන් තිබ්බ නිසා සිරි මාමට කියලා කෑම ටිකකුත් කවාගෙන කෙලින්ම ගියෙ මගෙ කාර් එක ලගට..
අතෙ තිබ්බ බෑග් ටික එහෙමම පිටි පස්ස ශීට් එකට දලා ශනල් අයියටත් මන් දැන් එන ගමන් කියන පණිවිඩෙ දීලා මන් කෙලින්ම ස්කොලෙට ආවා...
හරියටම මන් ස්කොලෙට අඩිය තියද්දි වෙලාව උදේ හය හමාරට විතර තියෙන්න ඇති..ඒ එද්දිත් ඇවිත් ඉදපු ශනල් අයිය මගෙ බැග්ස් ටිකත් අරගෙන මාව එක්කන් ගියේ Auditorium එකට...
ශනල් අයියට කරන්න වැඩ ගොඩක් තියෙන නිසාම මමත් ශනල් අයියට එයගෙ වැඩ කර ගන්න දිලා මගෙ වැඩ ටික කරන්න පටන් ගත්තා...
එකෙන් මුලින්ම අපේ අයිටම් එකට ඉන්න අපෙ වයසේ කොල්ලො ටිකට දවසෙ shedule එක ගැන කියලා මිඩියා යුනි එකෙ මල්ලිලා ටිකටත් වැඩ බෙදාලා දීලා අයෙම මම ගියේ වොශ්රූම් පැත්තට..
ඒ පැත්තත් ගානට හොදට සුද්ද වෙලා තිබුණ නිසා මන් ගෙට් එක පැත්තට ඇවිද්දෙ මන් යනකොටත් එතන ඉදපු කොල්ලො රංචුව නිසා...
" මොකද බන් අවුල ? "
" මෙ වහන්තරාව මේකෙ එල්ල ගන්න බැනෙ බන් !! "
YOU ARE READING
" ආදරණීය ප්රාර්ථනා.. " [ completed ]
Romance" මටත් තියෙනවා සප්රයිස් එකක් " " කො ? " " හැබැයී ඒක රිසාල්ට් එක වෙනුවෙන්නම් නෙවෙයි හැබැයි.... " " එහෙනම් ? " " මගෙ ලගට පාවෙල ආපු වරා මලට තියෙන ආදරේ වෙනුවෙන් ! " __________________________________________ "ඇහට දකින අය කොච්චර හිටියත් හිතට දැනුණ කෙනා...