75 කොටස

110 12 3
                                    

මෙච්චර වෙලා වටෙටම පැතිරිලා ගියපු ඒ ඝන මීදුම් දුමාරය , තරමක් තදට වැටිච්ච වැස්ස එක්ක පායපු ඉර එලිය , මිනිස්සු ලගට එන්න හිතන්නෙවත් නැති සත්තු පවා මේ වෙද්දි ඉදියේ එකම තැනකට ඇවිත් නතර වෙලා ,

මායි ශනල් අයියයි මැදි කරගෙන ඉහලට නැගුනු දෙදුන්න , හදිස්සියෙන්ම පාවෙලා ආපු මල් පෙති එක්ක අපි දෙන්නා වට කරගෙන අපෙ ඔලු උඩින් පියාඹල ගිය චුටි කුරුල්ලො , ඇයි පියාඹල ගියපු ලස්සන සමනල් පැටව් අතෙ ශනල් අයියගෙ අතට වැටුණු චුටි මල් කිණිත්ති දෙක ,

තාමත් පපුව සමාන්තරව අපි දෙන්න අරගෙන තිබ්බ අපේ පැටලුණු අත් දෙක..
මොන දේ කොහොම වටපිටාවෙ වෙනස් උනත් අහකට ගන්න බැරුව ලතවෙන හුරුපුරුදු ඇස් දෙක , අනන්තෙකට පාර හොයාගෙන යන්න බලකරන එකම එක හැගීම.....

මෙච්චර වෙලා මගෙ දිහා බලාගෙන ඉදපු ශනල් අයියා එයාගෙ අතට වැටුනු චුටි මල් කිණිත් දෙකෙන් එකක් ටිකකටවත් මගෙ අත අත් අරින්නෙ නැතුව හැඩ කරා..

හරියටම කිව්වොත් මගේ වම් අතෙ වෙදැගිල්ලේ ප්‍රමානයට ඒ මල් කිණිත්ත නවල ශනල් අයියා හැදුවෙ ලස්සන මුද්දක්...

" කො අත දෙන්න "

ශනල් අයියා වීරයා වගේ එයා හදපු මල් මුද්ද එයාගෙ අතේ ඇගිලි දෙකක් අතරෙ රදවන් මගෙ මූණ දිහා බලා ගෙන හිනා වෙවි කියන කොට මමත් දෙපාරක් හිතුවෙ නෑ ඒ ආදරෙට අත දෙන්න...

" ඔයාට මෙක ලස්සනයි..

තව ටික කාලයයි ඔතනට මේ වගෙම රන් මුද්දක් මගෙ නමින් සදාකාලිකවම වැටෙවී මගෙ නුහාන් ....... "

" කො ඔයාගෙ අතත් දෙන්න "

මගෙ වම් අතේ වෙදගැල්ලට දාපු මල් මුද්ද දිහා බලගෙන ශනල් අයියා මුමුණන කොට මමත් අර ශනල් අයියා ලග ඉතුරු වෙලා තිබ්බ මල් කිණිත්ත අරගෙන එකෙන් මුද්දක් හැදුවා....

" ඔයගෙ නමට සදාකාලිකවම අයිති වෙන්න මමත් හැමදාම මග බලාගෙන ඉන්නවා මගෙ සුදු අයියේ ....... "

ඉතින් ආදරේ කරන්න හැමොටම පුලුවන් උනාට,

ආදරෙ වෙනුවෙන් බලාගෙන ඉන්න හැමොටම බෑ ...

" ආදරණීය ප්‍රාර්ථනා.. " [ completed ]Where stories live. Discover now