ඉතින් ඇතිනා අතින් පාස් උන fire touch එක අර ගත්ත අභි අයියා හැල්මේ දුවගෙන ගිහින් Thunder Titans එකෙ කැපා අතේ තිබ්බ ටොච් එක පත්තු කරලා එයා එක්කම දුවගෙන ආවෙ Sapphire Sharks
එකෙ කැපා ගාවට..ඉතින් එතනත් අර දෙන්නා එක්කම ටොච් එක පත්තු කරලා පිලිවෙලට ඇවිත් අන්තිම අභි අයියා ඇතුලුව ටොච් අතේ තියන් ඉදපු කැප්පො හතර දෙනා ලන් උනෙ අපේ නිමේ අයියාගෙ ටොච් එක ලගට..
ඉතින් නිමේ අයියගෙ ටොච් එකත් පත්තු කරාට පස්සෙ ඒ හය දෙනාම හැල්මේ දුවගෙන ගියේ ග්රවුන්ඩ් එක මැද තිබ්බ ලොකුම ලොකු ෆයර් ටොච් එක පත්තු කරා..
ඔය යන අතරතුරෙදි flower girls ලා ටික අර අතේ තිබුණු මල් සෙරම විසි කරන්න ගත්තා..නිමෙ අයියලාගෙ වැඩෙ ඉවර වෙනකල් මන් අශාන් එක්ක ඉදගෙන බලාගෙන ඉදපු එක තමයි කරේ ඉතින්....
ඊට පස්සෙ ඔය පොඩි කතාවක් එහෙම ගිහින් මුලින්ම පටන් ගත්තෙ පොඩි අයගෙ රනින් ඉවෙන්ට්ස් ටික..
මන් බ්ලෙසර් එකත් ගලවලා අතේ දාගෙන ෆයිල් එකත් උස්සන් හතර වටෙම දුව දුව පොඩි උන් ටිකව හොයාගෙන ඒයාලට වෙනම වොම් අප් එකක් දීලා ඉතින් ඒ වැඩෙත් බලලා ඉවර කරලා කොහොම හරි පොඩි උන්ගේ රනින් ඉවෙන්ට් ටිකත් පටන් ගත්තා...
ඇත්තටම කියනවනම් මේ පාර අපෙ හවුස් එකෙ ඉදපු ඇත්ලටික් කොල්ලො මාරම මාරම ස්පීඩ්...
ආයෙ සින් ගානකොට විදලා ඉවරයි..
කොහොම හරි මුල්ම රනින් ඉවෙන්ට්ස් ටිකට ඉදපු කොල්ලො ටික කප් එකත් අපිට අරන් දීලා හවුස් එක පැත්තට එද්දි මන් පොඩි උන් සේරම ලගට අරන් තුරුල් කර ගත්තේ..
මොකද උන් ආසයි උන්ට ගුණ වයනවට...
ඉතින් කොහොම හරි දවල් දොලහ වෙනකොට පොඩි අයගෙ රනින්ස් ඉවෙන්ට්ස් ඔක්කොම ටික ඉවරයි... ඊට පස්සෙ ඒ කියන්නෙ දැන් ගෙස්ට්ලට පොඩි ඉන්ටවල් එකක් යන වෙලාව තමයි මේ...
ඉතින් පැය බාගෙක ඒ ඉන්ටවල් එකෙන් පස්සෙ තමයි හවුස් ඩෙකරේශන්ස් වලට ගෙස්ට්ලා එක්ක ජජ් පැනල් එක හවුස් එකට එන්නෙ..
ඊට පස්සෙ අපෙ වයසෙ අයගෙ රනින්ස් ඉවෙන්ට්ස් ටික , ඊටත් පස්සෙ කවුරුත් බලාගෙන ඉන්න ඩ්රිල් එක....
YOU ARE READING
" ආදරණීය ප්රාර්ථනා.. " [ completed ]
Storie d'amore" මටත් තියෙනවා සප්රයිස් එකක් " " කො ? " " හැබැයී ඒක රිසාල්ට් එක වෙනුවෙන්නම් නෙවෙයි හැබැයි.... " " එහෙනම් ? " " මගෙ ලගට පාවෙල ආපු වරා මලට තියෙන ආදරේ වෙනුවෙන් ! " __________________________________________ "ඇහට දකින අය කොච්චර හිටියත් හිතට දැනුණ කෙනා...