ඉතින් කට්ටිය ආයෙ ඉස්කොලෙ ආවත් හරි ගිල්ඩ් එකෙ අයියලා මල්ලිලා සේරටම තිබ්බ ලොකුම වැඩේ තමයි එයාලගෙ අයිටම්ස් ටික ආයෙම ආයෙම ප්රැක්ටිස් කරන එකයි ඉතුරු වෙලා තිබ්බ අයිටම් එක හදා ගන්න එකයි...
කොහොමත් අද දවල් වෙද්දි ශොප් හතරෙන් අපේ රෙදි ටික ගෙනත් දානවා කියපු නිසා ඒ වැඩ ටික ටිකක් පැත්තකට කරපු අපි ඒ කියන්නෙ මායි මගෙ යාලුවො හතර දෙනයි එකතු වෙලා අපේ සෙට් එකක් එක්ක වෙනම කතාවක ඉදියේ.
මොකද මෙතන කවුරුත් නොදන්න කැල්ලක් තියෙනවා..
ඒක බලන්න ඔනෙනනම් ඉතින් සූර්ය උදානයට එන්නම වෙනවා ඉතින්. කොහොම හරි අපිනම් අපේ වැඩේ ගානට මීට සතියකට කලින් ඉදන් හොරෙන් හොරෙන් ඇදගෙන ගියපු නිසා අපිට තිබ්බෙ ඒකෙ පොඩි අඩුපාඩු ටිකක් හදා ගන්න විතරයි..
ඉතින් ඒ ටිකත් බලලා ඉවර කරලා අපෙ ජුන්නො ටික හොයලා දීපූ උන්ගෙ බොක්කවල් වගෙ මල්ලිලාවත් සෙට් කරගෙන අපි කරන්න ඉතුරු වෙලා තිබ්බ සේරම වැඩ ටික කරන්න ගත්තා...
කොහොමත් අද අයියලාට ලෙසියකට මියුසික් රූම් එකෙන් එලියට එන්න වෙන්නෙ නැති වෙයි.. ඒක හින්දා අපිත් ඒ ගැන වැඩිය හොයන්න යන්නෙ නැතුව කරලා ඉවර කරලා තිබ්බ බඩු මුට්ටු අනන් මනන් ග්රවුන්ඩ් එකට ඇද්දා...
අද රෑට කොහොමත් අපිට ඉස්කොලෙ නවතින්න වෙනවා හදපු දෙවල් ග්රවුන්ඩ් එකෙ සරසන්න..දැන්ම කරන්නෙ නැත්තේ අපි කරපු දෙවල් එහෙන් මෙහෙන් හරි දැක්කොත් හෙට කිසි ගතියක් නැති වෙනවනෙ අවුරුදු උත්සවේ....
මේ වෙද්දි අපි වී බිස්සට වී පුරවලා ඒව්වනම් ග්රවුන්ඩ් එකට අරන් ගිහින් ආදාල තැන් වලින් තියලා ඒ ටික කරලනම් ඉවරයි...
ඔය අතරේ ගම ගෙදරයි , ස්ටේජ් එකයි , පොල් අතු වියන සීන් ටිකයිත් අපි සම්පූර්ණයෙන්ම වගේ ඉවර කරගෙන තිබුනේ... චිත්ර , පොස්ටර්ස් අනන් මනන් ටිකත් ඉවර නිසාම අපි ඉතුරු වෙලා තිබ්බ වැඩ බලද්දි දන්නෙම නැ වෙලාව ගිහින්..
මේ පාර අවුරුදු උදානේ වැඩවලින් මයික් එක අතේ තියාගෙන දෙබස් දොඩන්න වෙලා තිබුනේ මටයි මගේ යාලුවො තුන් දෙනාටයි නිසා මන් ඔය වැඩ සේරම අස්සෙ ඩේ එකේ වැඩ යන පිලිවළ හදලා කරලා පොඩි කාර්ඩ් එකක් හදන්නත් අමතක කරේ නැහැ...
YOU ARE READING
" ආදරණීය ප්රාර්ථනා.. " [ completed ]
Romance" මටත් තියෙනවා සප්රයිස් එකක් " " කො ? " " හැබැයී ඒක රිසාල්ට් එක වෙනුවෙන්නම් නෙවෙයි හැබැයි.... " " එහෙනම් ? " " මගෙ ලගට පාවෙල ආපු වරා මලට තියෙන ආදරේ වෙනුවෙන් ! " __________________________________________ "ඇහට දකින අය කොච්චර හිටියත් හිතට දැනුණ කෙනා...