57 කොටස

126 13 0
                                    


එතකොට අපෙ අයියලට දීපූ පාර්ටි එක ගැන කියනවා නම් ඒකත් අපි ඉස්කොලෙදි බුකින් එකක් දලා ඒ වැඩ ටික බලලා කරලා , ඉස්කොලෙ තිබ්බ සෙරමනි එක ඉවර උන ගමන්මයි අපි හතර දෙනා අයියලා හතර දෙනා එක්ක එකතු වෙලා kfc එකට ආවෙ...

වෙලාවට කලින්ම බුක් කරේ,

නැත්තන් කන්න වෙන්නේ ඉදුල් තමයි...

අපි කට්ටිය kfc එකට එනකොට ඒකෙ මාර සෙනගක් ඒ වෙලාවෙ ඇවිත් ඉදියේ , ඒකත් ඇවිත් ඉදියේ ගොඩක්ම ඔය එලෙවල්ස් ලියපු අපි අදුරන අය...

කොහොම හරි අපි ටික ඒ ඇවිත් එතන ඉතින් දන්න අදුරන අය එක්ක පොඩිවට චැට් පාරකුත් දාලා,

එක දෙක කරලා කාලා , බීලා සතුටු සාමිච්චියේ ගෙදිලා ඊලග වාරේ අපිට කියලා අයියලාගෙන් හොදම හොද දේශනේකුත් අහගෙන ආයෙම ගෙදර එද්දි හවස හයට ලන් කරලා තිබුණේ..

හැබැයි මගෙ හෙඩ් පිපෙට්නම් කරේ සද්දෙ නැතුව පාඩුවෙ අහන් ඉදපු එක විතරයි..

ඒව් මගෙ සුද්දි පැටියා !!

ඒත් ඇත්තටම මන්නම් ඉදියේ ගෙදර ආපුවාම කරන්න ලොකු වැඩ ගොඩක් ඔලුව ඇතුලේ පුරව ගෙන , මොකද මන් ශනල් අයියට තාම ගිෆ්ට් එකක් දුන්නෙ නෑනේ..

ඉතින් දැන් යන්නෙ ශනල් අයියගෙ ලස්සනම ලස්සන ගිෆ්ට් එකට වෙන් කරපු වෙලාව..

ගෙදර ආපු ගමන්ම ඇදගෙන ඉදපු යුනිෆොර්ම් එක එහෙමම ගලවලා බින් එකට දාලා ශොටකට උඩින් ටී ශර්ට් එකක් ඇද ගෙන මන් බැස්සෙ වෙන කොහෙවත් නෙවෙයි ගෙදරින් එලියට..

ඉතින් ගෙදර ගේට් එකෙනුත් එලියට අඩිය තියලා ආපු මම කෙලින්ම ඇවිදන් ගියේ වෙන කොහෙටවත් නෙවෙයි හිත ඇතුලෙන් ආයෙම බලන්න ආසවෙන් ඉදපු ලේන් එක ඉවර වෙන පැත්තට..

එදා අපි මෙ පැත්තට ආවෙ ගොඩක් රෑ වෙලා නිසා දොල පාර පැත්තට යන්නත් ඉදලා යන්න බැරි උන එකෙන් අද මන් කරන්න යන වැඩෙටත් ඒ වගෙ තැනක් සෙට් වෙන නිසා මන් එදා අපි ඉදපු තැනත් පහු කරගෙන වටේම ඇස් යවාගෙන ඇවිදන් ගියේ දැන් වෙද්දි ලග ලගම ඇහෙන දොල පාරෙ සද්දේ පැත්තට...

" wow "

දොළ පාරේ වතුර ගලා ගෙන යන හෝ ගාන සද්දේ එක්ක ඒ පැත්තට ඇදුණු මම දැක්ක දෙයත් එක්ක මන්නම් ඉදියේ හිතා ගන්න බැරි තරන් පුදුම වෙලා..

" ආදරණීය ප්‍රාර්ථනා.. " [ completed ]Where stories live. Discover now