73 කොටස

100 10 0
                                    

පන්සල් ගියා , දන්සල් වැන්දා ආයෙම කට්ටිය එකතු උනා වගේ මැයි මාසෙත් හරිම ලස්සනට ගෙවිලා යද්දි ස්කොලෙන් හැම අවුරුද්දකම තියන අයිස්ක්‍රිම් දන්සලට අපේ තාත්තවත් එකතු කරගෙන දන්සලේ වැඩෙ කර ගෙන යන්න සල්ලිත් ස්පොන්සර් කරලා , ඉස්කොලෙන් අපිට තියෙන පොය දින භාවනා වැඩ සටහනට එකතු වෙන්නත් මමයි මගෙ යලුවො ටිකයි අමතක කරේ නැහැ...

මොන වැඩේ තිබ්බත් අපිට අංක එක උනේ අපෙ ස්කොලේ...

ඒ වගෙමයි ශනල් අයියල නම් මේ දවස් ටිකෙම ඉදියේ ස්කොලෙ......

මොකද අපිට එලෙවල් ඉවර වෙනවත් එක්කම එක ලග වැටිලා තියෙන කලා උලලෙයි , සයන්ස් ඩේ එකෙයි වැඩ එක්ක මාරම බිසි වෙලා ඉද්දි මන් මගෙ යාලුවො හතර දෙනත් ආයෙම අයෙම අපේ වැඩ එක්ක බිසී උනා.

කාලේ කොච්චර ඉක්මනට ගෙවිලා ගියත් ගෙවෙන හැම දවසක් ගානෙම අපි එකිනෙකා අතරෙ තියා ගත්ත යාලුකම් , හිතවත්කම් තව ගොඩක් එකතු උනා වගේම ඒ හිතවත්කම් නිසාම අපි ඉදියෙ අපිට ප්‍රශ්න කියන දෙවල් දැන්නම් දැනෙන්නෙ නැති විදිහට...

ඉදහිට සතියට දවසක් , දෙකක් , පැය භගයක් හරි ලේන් එකෙ එහෙ මෙහෙ ඇවිදින්න දෙන්නත් එක්ක එකතු වෙලා අලුත්ම කෑමක් අලුත්ම විදිහට හදලා රස බලන්නත් මන් ශනල් අයියා දෙන්න කොච්චර වැඩ අස්සෙ උනත් කරන්න ගොඩක් ආස කරා....

මෙ වෙද්දි ශනල් අයියත් එයාගෙ වැඩ හරිම කොලිටි එකට කරගෙන යද්දි මන් මගෙ යාලුවො ටිකවත් පුලු පුලුවන් වෙලාවට මෙහෙට ගෙන්න ගෙන එකතු වෙලා වැඩ කරා , පාඩන් කරා...

මේ කාලෙදි මටනම් දැනුනෙ ශනල් අයියයි මායි මැරෙජ් කපල් එකක් තරමට ලගයිදො කියලා...

මොකද ඉස්සර වගේ නෙවෙයි අපි දෙන්නා දැන් ගොඩක් එකතුයි.. ගොඩක් දෙවල් කතා කරනවා එකිනෙකා එක්ක බෙදා ගන්නව.. හැම වෙලෙම අනිත් කෙනා ගැන කෙයා කරනවා හොයලා බලනවා..ඒ වගෙමයි අපි දෙන්නා ගොඩක් වෙලාවට අපෙ අනාගතේ ගැන ප්ලෑන් කරනවා.

ඉතින් මන් මේ ගෙවෙන දවස් වලටත් ශනල් අයියගෙ දවසින් දවස වැඩි වෙන ආදරෙටත් ගොඩක් ආදරෙයි..

මැයි මාසෙත් වැඩ වැඩි සති එක්ක වගෙම වැඩ අඩු සතිත් ගානට ගෙවි ගෙන යද්දි අපි ඊලගට ආවෙ ජූනි මාසෙට.. ආයෙම අර වෙසක් සීසන් එක වගේ දන්සල් , බණ හො ගාලා හැම තැනම යද්දි වෙසක් එකට කරන්න බැරි එක උන දෙයක් ශනල් අයියා පොසොන් පොයට කරන්න තීරණේ කරලා තිබ්බා...

" ආදරණීය ප්‍රාර්ථනා.. " [ completed ]Where stories live. Discover now