18 වන පරිච්ඡේදය

1.3K 41 6
                                    

සාරන්‍ය  එක පාරින්ම හැරිලා බැලුවේ ඒ කව්ද කියලා බලන්න. ඒත් කිසිම හුරුපුරුදු බවක් තියෙන පුද්ගලයෙක් නෙවෙයි.

" වැටුනානෙ අයියේ"

" ඒ මොනව කරන්න ගිහින්ද? ගොඩක් තුවාලද? "

නාදුනන පුද්ගලයා එහෙම ඇහුවෙ  සාරන්‍ය ගෙ කකුලට දාලා තිබ්බ ලොකු බැන්ඩේච් එකට අත තියමින්.

" ලොකු අව්ලක් නෑ. දනහිස පොඩ්ඩ සැරට වැදුන නිසා බැන්ඩේච් එකක් දැම්මා  . තුවාලයක් නෑ"

" එහෙමද  මල්ලී. පරිස්සමෙන් වැඩ කරන්න මල්ලී. "

" හ්ම්"

සාරන්‍ය හිනා මුසු මුහුනින් හිටියත් එතනින් එහාට මුකුත් නොකිව්වේ එයාට හිසේ වේදනාවත් තිබ්බ නිසා.

" මාත් මේ මගෙ යාලුවෙක් ගාව නතර උනා. පොරට ඩෙංගු. එහා පැත්තේ වට්ටුවේ ඉන්නේ.
මං එහෙන්ම් ගිහින් එන්නම් මල්ලී ඒ පැත්තට. මොනව හරී ඕන උනොත් අනිවරෙන්ම  කියන්න මට. මං ඉන්නවා අද. "

" හරි අයියේ. ඕන උනොත් මං කියන්නම්".

ඉතින් ඒ පුද්ගලයා ටික දුරක් ගිහින් ආයෙත් ආවා.

" මල්ලි මගේ නම්බරේ  ගහගන්නකෝ. ඕන උනොත් call එකක් දෙන්න. "

සාරන්‍ය  උවමනා නොවුනත් නම්බරේ  ගත්තේ ආපු කෙනාට අවුලක් නොවෙන්න.

" මට missed call එකක් ගහන්නකො මල්ලී. මං සාගර. ඔයාගෙ නම?"

" හරි අයියේ. මං සාරන්‍ය "

" හ්ම්ම්ම්. ලස්සන  නමක් නේ"

එහෙම කියන් සාගර යන්න ගියා.
සාරන්‍යට  දැන් ටික ටික නිදිමත ආවේ රෑ බීපු බෙහෙත් වලට පිං සිද්ද වෙන්න. නැත්තන් තිබ්බ වේදනාව ට නින්ද අහලකටවත් ගෙන්න ගන්න බැරුව හිටියේ.

........................................................................

" මල්ලී , good morning "

සාරන්‍ය  ඇස් පොඩි කර කර හිටපු අඩ නින්දෙන් ගැස්සිලා ඇහැරුනේ  තමන්ගේ ඔලුව අතගාමින් ලග හිටපු සාගරව දකිද්දිමයි.

" good morning අයියේ"

සාරන්‍ය ත්  ඇදෙන් වාඩි වෙන ගමන් කිව්වා.

" ඔයා රෑ හොදටම නිදි. මමයි ඇවිත් බ්ලැන්කට් එකත් පොරවලා ගියේ. "

අසම්මත පෙම ( BL Story ) Unrequited loveWhere stories live. Discover now