22 වන පරිච්ඡේදය

1.3K 40 17
                                    

"ඒ යමන් ඉස්සරහට"

රන්වීර්  කතාකරේ ඊලග හෝල්ට් එකෙන් සාරන්‍යට  බහින්න තියෙන නිසා. සාරන්‍ය ගැස්සිලා අකමැත්තෙන් උනත් පියවි සිහියට ආවේ ඊලග  හෝල්ට එකෙන් බහින්න ඕන නිසා. ඒත් සාරන්‍ය ගෙ හිතේ තිබ්බේ ඇත්ටටම ඒ විදිහට රන්වීර් එක්ක ජීවිත කාලයම ඉන්න තිබ්බනම් කියලා..

සාරන්‍ය  බස් එකෙන් බැහැලත් බලන් හිටියේ රන්වීර් යන දිහා. සාරන්‍ය ත් හැරිලා ගෙදර ආවෙ උන දේවල් ගැන හිතමින්.

" මේක හරියන්නෙ නෑ සාරන්‍ය . තව control වෙන්න ඕන. මේ විදියට ගියොත් රන්වීර්  ඉක්මනින්ම මං ගැන දැන ගන්නවා. ඒම උනොත් මොනවා වෙයිද. දැනටමත් මොනව හරි දන්නවද. ඒකද දැන් ඉස්සර වගේ කතා කරන්නේ නැත්තේ. "

සාරන්‍ය හිතෙන් ප්‍රශ්න  වැලක් අහන්න ගත්තේ ඒ වෙලෙයි. සාරන්‍ය ගෙ දැන් හිතට බයයි රන්වීර් මොනව හරි දැනගෙනද කියලා. ඉතින් හිතේ දෙගඩියාවෙන් හිටියේ ආයේ මූන දෙන්නේ කොහොමද කියලා.

සාරන්‍ය හවස් වෙලා රන්වීර් ට call එකක් ගත්තේ ටිකක් කතා කරන්න කියලා හිතාගෙන. ඒත් වැඩක් නෑ ඒ මොහොතෙත් එයා call එකක. ඉතින් සාරන්‍ය whatsapp එක පැත්තට ගියාමයි දැක්කේ රන්වීර් අනගි එක්ක group call එකක. සාරන්‍ය ට  join වෙන්න හිතුනත් එයා ගියේ නැත්තේ හිතේ තිබ්බ යම් කිසි අවුලක් නිසා. සාරන්‍ය  එතනින් ඉවත් උනේ තවත් හිත රිද්දගන්න ඔනේ නැති නිසා.

ඉතින් ඊලග දවසේත් සාරන්‍ය  ලෑස්තිවෙලා ගියේ 7.15 බස් එකේ යන්න.
බස් එකට නැග්ගත් හරි සාරන්‍ය  වටපිට බැලුවෙ රන්වීර් ඉන්නවද  කියලා. ඒත් නෑ. වෙනදට උදෙන් දකින් මූන අද දැක ගන්න බෑ. සාරන්‍ය දවස පටන් ගත්තේම හිතේ අවුලින්  .

" අසනීපයක් වත් උනාද. ඇයි අද ආවේ නැත්තේ"

සාරන්‍ය  පන්තිය ට යන ගමන් කල්පනා කරා. පන්තියට ඇතුලු වෙනවත් එක්කම සාරන්‍ය  දැක්කේ උදෙන්ම දකින්න බලන් හිටපු රූපෙ පන්තියේ ජනෙලය ගාව අනගි එක්ක බර කතාවක. සාරන්‍ය ටික වෙලාවක් යනකන්ම ඒ දිහා බලන් හිටියේ දොර ගාව ඉදන් බෑග් එකත් කරේ එල්ලගෙනමයි. සාරන්‍යට  දැන් හිත ඇතුලෙ දුක් ගිනි ඇවිලුනා. ඒත් එක්කම ඒ බලන් හිටපු ඇස් දෙක උනු වෙලා කදුලක් ඉනුවේ දරාගත් නොහැකි  වේදනාවකින්. මොකද  කිව්වොත් වෙනදට තමන් එක්ක එකට යන එන රන්වීර්  අද සාරන්‍ය ව අමතක කරලා.

අසම්මත පෙම ( BL Story ) Unrequited loveWhere stories live. Discover now