" ඔය ගියේ යස අගේට"
" අපිට දෙපාරක් හිතන්න තිබ්බා"
" සාරන්ය ......"
රසික ඉන්න තැන ඉදන්ම කෑ ගැහුවේ මේ වෙලාවේ තමන් නැගිට්ටත් ඔය සෙතේම නිසයි.
" මා අව්ලා නෑ"
සාරන්ය එක අතක් උඩට උස්සන් වැල්ලේ මූන ඔබාගෙන කිව්වේ තාම හොදින් කියලා. මේක බලන් හිටපු උන්ට පන යනකන් හිනා. ලලිදු දෙපැත්තට වැනි සාරන්යගෙ කකුලකින් ඇදලා අරන් අනිත් පැත්ත ගැහුවා. මේ වෙලාවෙ සාරන්යගෙ මූන ෆේස් පැක් එකක් දැම්මා වගේ වැලි වලින් වැහිලා තිබ්බේ. සාරන්ය වැල්ලේ එහෙන්ම ඇස් පියාගනිද්දී අනිත් කට්ටියත් උන් හිටි තැනම බිම පත බෑවුනේ සැප නින්දට හායි කියලා. සාරන්යගෙ අඩවන් උන ඇස් වලට දැන් පේන්නේ තරු වලින් පිරිලා තිබ්බ අහස. ඒ දර්ශනීය අහස දිහා බලන් ඉන්න කොටම මොකද්ද මන්දා කලු පාට රෙද්දක් ඇවිත් සාරන්යගෙ මූනට වැටුනා. ඒ වැටිච්ච රෙද්ද එහෙම්ම අල්ලලා කැලේට විසික් කරේ කිසිම සිහියක් නැතුව. එහෙන්ම ආයෙත් නින්දට වැටුන කට්ටියට පොඩි වෙලාවක් විතරයි ඇහැ පියාගන්න පුලුවන් උනේ .
" මේ බන් අපි නාන්න යමුද"
" දැන්"
" ඔව් බන් රස්නෙයි"
" උබට දෝදුද හු##. කට වහගෙන නිදාගනින්"
ගගන එහෙම කියන නිමේෂයට ලලිදු ඉන්න තැනම වලක් හාරලා වම්නේ කරනවා. මෙතන දැන් එකම විගඩමයි.
එකෙක් මහ රෑ මුහුදේ නාන්න හදනවා. තව එකෙක් ලිං හාර හාර වමනේ දානවා. තවත් එකෙක් වැලි ගස ගස වැල්ලෙම නිදි. මෙක කවුරු හරි බලන් හිටියනම් ආතල් කෝටියයි.පාවී පාවී හිටපු කට්ටියම වැල්ලෙම ආයෙත් නින්දට වැටුනේ කිසිම සද්දයක් නැතුව.
කොහොම හරි උදෙන්ම නැගිට්ටේ සාරන්ය . නැගිටපු සාරන්යට තමන් හිටපු විදිහ දැක්කම වලක් කපාගෙන වැලලෙන්න හිතූනේ කවදාවත් මේ වගේ තත්වයකට පත් වෙලානැති නිසා.
සාරන්ය ඉතින් කට්ටියටම තේ හදලා දීලා ඈතට වෙන්න තිබ්බ ගල් තලාවට ගියේ ටිකක් වාඩි වෙලා ඉන්න. බාගෙට ඉර පායලා තියෙන අහසේ කුරුල්ලෝ රෑන් පිටින් පියබනකොට , එන සිහින් සුලං මැද්දේ උනු තේ එකක් බොනකොට ඒක තවත් ලස්සන හැගීමක්. ඒ ලස්සන හැගීම අස්සේ තමන්ව පිස්සෙක් කරපු ඒ ආත්මාර්ථකාමී හිත මතක් වෙනකොට තවත් වේදනාවක්.
![](https://img.wattpad.com/cover/376392508-288-k124793.jpg)
YOU ARE READING
අසම්මත පෙම ( BL Story ) Unrequited love
Roman d'amour"අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්රෙමෙක වෙලිලා මග හැර යන්නට බැරිලෙස බැඳිලා" මේ කතාව ඔහු අන්සතු වීමට පෙර සිටම පෙම් කළ අයෙකු ගැනයි. ඉතින් අවසරයි මට දිගහැරුමට මෙම කතාව. ( මෙහි ගෙන එන සියලුම නම් ගම් මනඃකල්පිත...