41 වන පරිච්ඡේදය

981 34 13
                                    

" හෙලෝ. මොකද යකෝ කවදාවත් නැතුව මේ  උදෙන්ම කෝල් ගන්නේ"

ලලිදු ඇහුවේ ඈනුම් අරින ගමන්

" මේ උබ ලග මගේ ටීෂර්ට් එක තියෙනවද"

" නෑබන් මගේ ලග තිබ්බේ නෑ"

" ඒක නෑනේ ඕයි"

" අනිත් උනගෙන් අහලා බලපන් පොඩ්ඩක්"

" හ්ම් බලමුකෝ"

රසිකත් බලන්හිටියේ කට්ටිය හම්බෙනකන් ටීෂර්ට් එක හොයාගන්න.

කොහොම හරි හවස් වෙලා සාරන්‍යත් රන්වීර් ගෙ ගෙවල් පැත්තේ යනකොට අනිත් කට්ටියත් ඇවිත් හිටියා.

" අහ් කොල්ලා වැලි කෑවලු නේද"

ඇතුලට ඇවිත් ඉදගත්ත සාරන්‍යට  මුලින්ම අහන්න උනේ ඒක. ඒකත් රන්වීර්ගේ කටින්ම. සාරන්‍ය යකා වැහුනා වගේ කෙලින්ම  බැලුවෙ රසික දිහා.

" photo පෙන්නන කොට ඉබේටම කියවුනා බන්"

රසික කිව්වෙ වරදකාමී හිනාවක් දාගෙන.

" අපරාදේ උබට කියපු වෙලාවේ කෙලින්ම මට පත්තරේට දාන්න තිබ්බේ. "

සාරන්‍ය  පුපුර පුපුර කිව්වා

" මේ ඒක නෙමෙයි උබලා කාගාව හරි මගෙ කලු පාට ටීෂර්ට් එකක් තියේද"

" නෑ බන්."

" අඩෝ ඒක මන් පෙරේදා රෑ නිදාගන්නකොට ගලවලා දැම්මා මතකයි. ඊට පස්සේ කොහෙ දැම්මද කියලා මතක නෑ බන් . ට්‍රිප් එක යන්නමයි ගත්තේ."

" හුටා"

සාරන්‍ය ඒ මොහොතේ තමයි තේරුනේ කැලේට විසික් කරපු රෙද්ද මොකද්ද කියලා .

" ඇයි"

" ඒ ටීෂර්ට් එක ගන්නනම් අපිට ආයේ ඒ තැනට යන්න වෙයි".

සාරන්‍ය කිව්වේ හිනා වෙවී.

" ඇයි ඒක එහෙද."

" උබ රෑ ගලවලා විසික් කරේ මගේ මූනට. මමත් ඉතින් මොකද්ද කියලා බලන්නේ නැතුව එහෙන්ම කැලේට විසික් කරා."

" හරිම අගෙයි බේසිකයා. තොටනම් ආයේ බොන්න දෙන්නේ නෑ"

ඔය විදිහට එදා දවස ගෙවුනේ ගමනේ තොරතුරු රන්වීර් එක්ක බෙදාගනිමින්.

අසම්මත පෙම ( BL Story ) Unrequited loveWhere stories live. Discover now