ඉතින් ඔය විදිහට පාඩම් වැඩ ටිකත් මග නැවතුනා. ඉතින් ඕකට සාරන්ය කරේ රන්වීර් ගෙ ගෙදර ගිහින් පාඩම් වැඩ කරපු එක. රන්වීර් ඉතින් කොහොමත් කම්මැලි අලියා නිසා රන්වීර් ගෙ ගෙදර අය උනත් කැමති උනේ සාරන්යට පුලුවන් හැම වෙලාවකම එහෙ ඇවිත් දෙන්නත් එක්ක පාඩම් කරනවට. වැඩ කිරීම කොහොම උනත් රන්වීර් දවසෙන් වැඩි හරියක් කරේම නිදා ගත්ත එක. සාරන්යගෙ වැඩෙත් සැරෙන් සැරේට රන්වීර් ට අනින එක....
මේ විදිහට නිතරම රන්වීර් ලග ඉන්න නියම අවස්ථාවක් තමා සාරන්යට හම්බුනේ. ඒක සාරන්ය එක තත්පරයක් අහක දැම්මේ නැ. සමහර වෙලාවට රන්වීර් නිදා ගෙන ඉන්නකොට සාරන්ය ඒ දිහා බලන් හිටියේ පුදුම ආසවකින්. නිදාගෙන ඉන්න රන්වීර් ගෙ හැඩ බලන එක සාරන්යගෙ විනෝදාංශයක් දැන්.
වෙලාවකට දෙන්නම ඇද පත්තට හේත්තු වෙලා වැඩ කරන කොට රන්වීර් සාරන්ය ගෙ උරහිසේ ගෑවි නොගෑවි නිදි කිරනවා. සාරන්යට ඉතින් රන්වීර් ගෙ ඔලුව තමන්ගේ උරහිසේ තියාගෙන නිදාගන්න දෙන්න තරම් හිත. ඒත් උරහිසේ ගෑවෙනකොටම ආයෙත් නැගිටිනවා. සාරන්යට හිතෙන හැම වෙලාවකම පෙම් කෙලින්න දෙයියෝ තාම අවසර දීලා නෑ.
ටික දවසක් යන කොට දවස ගානේ යන එන එක එපා වෙන නිසා රන්වීර් ගෙ ගෙදරින් යෝජනාවක් ආවා.
" පුතේ ඔයා දිගටම එන එකේ කැමතිනම් දවස් දෙක තුනක් හරි සතියක් හරි නවතින්නම එන්න. ඒක ඔයාටත් ලේසි නේ. එතකොට යන එන වෙලාවත් ඉතුරුයිනේ ඔයාට"
සාරන්යත් ඒ යෝජනාව ඉහලින්ම පිලිගත්තා. ඒ විදිහට සාරන්ය සතියක් විතර එක දිගට එහෙ නැවතිලා, අයේ දවසක් දෙකක් ගෙදර ගිහින් ආයෙත් රන්වීර් ගෙ ගෙදර එනවා නවතින්න . ඔය විදිහට තමා කාලය ගෙව්නේ. තාමත දින නියමයක් නැතිව කල් ගිය විභාගය ගැන කිසිම දැනුම් දීමක් නෑ. ඉතින් විභාගය ගැන දේවල් අමතක වෙනකොට ආයෙත් පාඩම් වැඩ ඔක්කොම කැලේ. ඔය කාලෙදි වැඩි හරියක් කරේ කට්ටියම සෙල්ලම් කරපු එක තමා ඉතින්. තවමත් වැඩිය එලි බැහැලා කොහෙවත් යන්න පුලුවන් තත්ත්වයක් තිබ්බේ නෑ. ඒ ත හැමකෙනාම ලග පාතට හරි යන්න පුරුදු උනේ ගෙදරට හිර වෙලා හිටපු පීඩනය නිදහස් කර ගන්න..
YOU ARE READING
අසම්මත පෙම ( BL Story ) Unrequited love
Romance"අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්රෙමෙක වෙලිලා මග හැර යන්නට බැරිලෙස බැඳිලා" මේ කතාව ඔහු අන්සතු වීමට පෙර සිටම පෙම් කළ අයෙකු ගැනයි. ඉතින් අවසරයි මට දිගහැරුමට මෙම කතාව. ( මෙහි ගෙන එන සියලුම නම් ගම් මනඃකල්පිත...