දිගින් දිගටම සාගරගෙන් ආපු ඇමතුන් මගහැරියේ සාරන්‍යට වෙන කරන්න දෙයක් නැති නිසා. මොකද කොව්වොත් සාගර දැන් බලන් ඉන්නේ සාරන්‍ය ව කැන්දන් යන්න තරම් මානසිකත්වය ක.
මේ හේතුව නිසා සාරන්‍ය ගෙ හිතේ පොඩි බයක් නොතිබ්බම නොවෙයි.ඉතින් සුපුරුදු විදිහට සාරන්‍ය රන්වීර් එක්ක ක්ලාස් ගියා. ටිකෙන් ටික කාලය ගෙවීගෙන යන කොට ඊලගට ඇරබුනේ ඉස්කෝලේ උසස් පෙළට බදවා ගැනීම්.
තමන්ගේ කලින් ඉස්කෝලේට ගියත් ආයෙත් බදවා ගැනීමේ පරීක්ෂණ තිබුනා. එකත් එකතරා හිසරදයක්. මොකද ඔතනට ගියාම රටේ නැති දේවල හොයන්න ගන්න නිසා. තවත් අතකට interview බෝඩ් එකෙ විනය බාර තට්ට පාල සර් ඉන්න නිසා. ඉතින් ඒ වෙල්වට තට්ටේ ගාගෙන ගියොත් මිසක් සර්ගෙ හිත පිරෙන්නේ නෑ.Interview එකට උනත් ගියේ සාරන්‍යයි රන්වීරුයි දෙන්නම එකට. මොකද ඒ දෙන්නා තෝරගෙන තිබ්බෙත් එකම විෂයයන් ටික නිසා. සාරන්‍ය ගෙ අම්මත්, රන්වීර් ගෙ තාත්තත් ආවා. උසස් පෙළ අංශයේ එකම යුද්දයක් දැන්. එක පැත්තකින් දිග පෝලිම් සහිත interview කරන හෝල් එක. අනිත් පැත්තෙන් හොර රහසේ දැනට උසස් පෙළ කරන්න ඉන්න කොල්ලෝ ටිකකගේ බාබර් සාප්පුව. ඉතින් එහෙට මෙහෙට ඇවිදින් ගමන් කොන්ඩේ ටිකක් වැඩී වගෙ හිතෙන , interview එකට ආපු කොල්ලොන්ව පැහැරගෙන් ගිහින් උන්ගේ කොන්ඩේ කැපුවේ බලහත් කාරෙන්ම.
ඔය අතරේ පෝලිමේ වාඩි වෙලා ඉන්න කොට දැක්කේ, හුරු පුරුදු චරිතයක් විශේෂ ආරක්ෂාව මධ්‍යයේ බාබර් සාප්පුවට ඇදගෙන යනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි චාමික. ඉතින් සාරන්‍ය ගෙයි රන්වීර් ගෙයි අත් ඔලුවේ ගහගත්තේ ඉබේටමයි . ඒත් ටික මොහොතකින් චාමික ව දෙයියෝ බැලුවා වගේ විශේෂ බලකා මෙහෙයුමකින් බාබර් සාප්පුවට ආවේ තට්ටපාල සර්. ආපු ගමන් ගරිල්ලා සටන් ක්‍රමයට බාබර් මහත්වරුන්ට නෙලන්න ගත්තේ රෙස්ලින් වගේ.
" තොපිලට කවුද මෙතන බාබර් සාප්පු දාන්න කිව්වේ . හිටපන් මං අද උබලා ඔක්කොම බාවනවා. "
" නෑ සර් , මෙහෙමයි සර්. "
" කට වහපන් උලමා. මෙක අපිලගෙ ඉස්කෝලෙ . තොපිලා ඉස්කෝලේ නම්බුව කන්න එපා. බලපන් අර කොන්ඩේ කපලා තියෙන විදිහ. උන ටික වදුරෝ ටික්ක වගේ. "
YOU ARE READING
අසම්මත පෙම ( BL Story ) Unrequited love
Romansa"අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්රෙමෙක වෙලිලා මග හැර යන්නට බැරිලෙස බැඳිලා" මේ කතාව ඔහු අන්සතු වීමට පෙර සිටම පෙම් කළ අයෙකු ගැනයි. ඉතින් අවසරයි මට දිගහැරුමට මෙම කතාව. ( මෙහි ගෙන එන සියලුම නම් ගම් මනඃකල්පිත...