කට්ටියම එකතු වෙලා ටෙන්ට් ටික ඒම අටවගෙන ලෑස්ති උනේ රෑ කෑමට ඕන කරන දේවල් ටික හදන්නයි.
රෑට කෑම හදාගෙන කමු කිව්වට මොකද අඩුම තරමේ බිත්තරයක් වත් හරියට බදින්න පුලිවන් එකෙක් මෙතන හිටියේ නෑ. ඉතින් කෑම ටිකක් හදන්න පුලිවන් කම තිබ්බෙ සාරන්යට විතරයි.
" මේ බන් මේ තියෙන ඒවගෙන් මොනා හරි කමක් නෑ අපිට හදලා දියන්. "
ලලිදු කිව්වේ හදන ඕන එකක් කන්නම් කියාගෙන.
ඉතින් සාරන්ය ඒ වැඩේ කැමැත්තෙන් බාර ගත්තේ සාරන්ය උයන පිහන වැඩ වලටත් ටිකක් කැමති නිසත් වෙන කරන්න දේකුත් නැති නිසයි.
ගෙනල්ලා තිබ්බ මස් ටික බාබකිව් දාන්න පුලිවන් වෙන්න හදලා අනිත් බන් ටිකෙන් බර්ගර්ස් හැදුවා. වෙලාවේ හැටියට කට්ටියට ඒක ලොකු නිදානයක්.
සතුට සමරන්න රසිකගෙ ප්රධානත්වයෙන් ගෙනත් තිබ්බේ ගෝල්ඩ් ලේබල් එකක්. අනිත් කට්ටිය නම් ඉතින් මීට කලින් ඕව try කරලා තිබ්බට සාරන්ය ඕවා කටේ තියලා නෑ.
කට්ටිය කැම් බීම ටික හදලා ඉවරවෙලා ගෙනල්ලා තිබුන jbl එකෙන් සද්දෙට සිංදුවකුත් දාගෙන වැඩ ඇරබුවා.
රසික , ලලිදු , ගගන, ෂොට් එකකින් වැඩ අරබන කොට සාරන්ය බාබකිව් දාන මස් කෑල්ලකින් වැඩ ඇරබුවා. පලවෙනි ෂොට් එකෙන්ම කුල් මත් උන තුන්දෙනා නැගිට්ටුනේ ඉබේටමයි. සිංදු කිය කිය නටන්න පටන් ගත්තේ කට්ටිය කතරගම පෙරහැරේ කාවඩි නටනවා වගේ. ලලිදුත් බෝතලේ අරන් කොහොඹ කලේ නැටුවේ මහ බබා කැරකෙනවා වගේ.
" ඕක බිමින් තියපන් හු##. ඕක වැටුනොත් මං උබේ ඇ@ 2 පුප වටේ කැරකෙන්න දෙන්නෙ."
රසික කෑ ගැහුවේ බොතලේ වැටුනොත් ඔක්කොම ආතල් කුඩු නිසා.
ඔය විදිහට කට්ටිය මත් රසයෙන් පිනවෙන කොට සාරන්ය phone එක අතට ගත්තේ තමාගෙ සතුටෙන් එකදු පණිවිඩයක් වත් තියෙනවද බලන්න. ඒත් නෑ. බැරිම තැන සාරන්ය රන්වීර් ට කෝල් එකක් ගත්තා. ඒත් ඒ කෝල් එකවත් ආන්සර් කරේ නෑ. Whatsapp එකට ගිහින් msg එකක් දාන්න ගියත් රන්වීර් ඒ මොහොතෙත් online ඉන්නවා දැකපු සාරන්යගෙ හිත තවත් කඩන් වැටුනා. දාන්න ගිය msg එක වත් නොදා phone පැත්තට දැම්මේ ආයේ කතා කරන්නෙ නෑ කියලා.
YOU ARE READING
අසම්මත පෙම ( BL Story ) Unrequited love
Roman d'amour"අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්රෙමෙක වෙලිලා මග හැර යන්නට බැරිලෙස බැඳිලා" මේ කතාව ඔහු අන්සතු වීමට පෙර සිටම පෙම් කළ අයෙකු ගැනයි. ඉතින් අවසරයි මට දිගහැරුමට මෙම කතාව. ( මෙහි ගෙන එන සියලුම නම් ගම් මනඃකල්පිත...