සාරන්‍ය ගැස්සිලා ඇහැරුනේ තමන් දකින්න අකමැතිම දෙයක් හීනෙන් දැකලා බය වෙලා.
" සාරන්‍ය මොකද උනේ."
රන්වීරුත් නින්දෙන් නැගිටලා ඇහුවේ තිබුන අමාරුවත් පැත්තකින් තියලා. සාරන්‍ය උන්හිටිතැනින් නැගිටලා රන්වීර් ව බදාගත්තේ කදුලු පිරුන ඇස් වලින්.
" රන්වීර් ඔයා හොදින් නේද. අමාරුද ඔයට. තුවාල රිදෙනවද. අනේ කතා කරන්නකෝ රන්වීර් ."
සාරන්‍ය ට හිතේ තිබුන දුක කියලානිම කරන්න බැරි උනා. රන්වීර් තවමත් හිතාගන්න බැරි උනේ මේවෙලවෙ එක පාරම මොකද්ද උනේ කියන එකියි.
" මට ලොකු අව්ලක් නෑ බන්. බය වෙන්න එපා. මොකද උනේ."
" මුකුත් නෑ. හැමදාම පරිස්සමෙන් ඉන්න . ඔයාට මුකුත් වෙන්නෙ නෑ. මං ඔයා ලගම ඉන්නවා."
සාරන්‍ය එහෙම කිව්වෙ තමන් දැකපු දේ ගැන අයේ කතා කරන්නවත් කැමති නැති නිසා. රන්වීරුත් ආයෙ ඒ ගැන ඇහුවෙ නැත්තේ සාරන්‍ය ඒ ගැන නොකියන බව දන්න නිසා. ටිකෙන් ටික රන්වීර් ගෙ ඇස් ආයෙත් පියවුනත් සාරන්‍යගෙනම් ඇස් පියවන්න පුලුවන් උනේ නෑ.. සාරන්‍ය මුලු රැයක් පුරාවට නිදි මැරුවේ රන්වීර් ගෙ හද ගැස්ම පෙන්වන උඩ පහල යන රේඛාව දිහාබලාගෙනමයි.
................................................................
" පුතේ ඔයට ගොඩක් මහන්සි පාටයි. ඊයෙ රෑ පොඩ්ඩක් වත් නිදා ගත්තේ නැද්ද පුතා"
රන්වීර් ගෙ අම්මා එහෙම කිව්වෙ සාරන්‍යගෙ සුදු මැලි උන මූන දිහා බලලා.
"නෑ ඇන්ටි . නින්ද ගියේ නෑ මට"
" පුතේ මේක කන්න. බඩගිනිත් ඇතිනේ. මං රන්වීර් ව ඇහැරවන්නම්"
" හරි ඇන්ටි "
සාරන්‍ය රන්වීර් ගෙ අම්මා දීපු කෑම එකත් අරන් එලියට ගියේ ලොකු බඩගින්නකුත් තිබ්බ නිසා . ඉතින් රන්වීර් ගෙ තාත්තා උදේ වරුවෙ රන්වීර් ලග නැවතුන නිසා සාරන්‍ය රන්වීර් ගෙ අම්මා එක්කම ගෙදර ආවා . සාරන්‍ය hospital එකෙන් එලියට ආවෙත් ඇවිදින මළ මිනියක් වගේ. ඒ තරම්ම සාරන්‍යට මහන්සි . ගිය ගමන් wash දාගෙන ටිකක් නිදාගත්තා. ඒත් මොන අමාරුව තිබ්බත් දවල්ට නින්ද නොයන නිසා සාරන්‍යට වැඩි වෙලාවක් ඇදේ ඉන්න උනෙත් නෑ.
YOU ARE READING
අසම්මත පෙම ( BL Story ) Unrequited love
Romance"අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්රෙමෙක වෙලිලා මග හැර යන්නට බැරිලෙස බැඳිලා" මේ කතාව ඔහු අන්සතු වීමට පෙර සිටම පෙම් කළ අයෙකු ගැනයි. ඉතින් අවසරයි මට දිගහැරුමට මෙම කතාව. ( මෙහි ගෙන එන සියලුම නම් ගම් මනඃකල්පිත...