32 වන පරිච්ඡේදය

1.3K 48 9
                                    

දෙවනි විෂයත් පුලුවන් විදිහට ඉවර කරද්දි ඊලගට තිබ්බේ තුන්වෙනි විෂය. සාරන්‍ය රන්වීර් දෙන්නා එකට පාඩම් කරත් රසික ඒ වෙනුවට වෙන එකක් කරපු නිසා රසිකට තනියම පාඩම් කරන්න උනා. කොහොම උනත් ඒ විෂයටනම් කලින් ව්ෂයන්ට වඩා වැඩි දවසක් හම්බුනා .  ඔය අතරේ කාලයක් පුරාවට සාරන්‍ය හිතේ හිර කරන් හිටපු සාරන්‍යගෙ හැගීම් ආයෙත් නොමැරෙන තරමට දලු දාන්න පටන් ගත්තේ රන්වීර් ලග නිතරම රැදෙනකොටයි. ඒක තවත් හිර කරන් ඉන්න බැරි තරමටම.

කොහොම උනත් සාරන්‍යට මේ වෙලාවෙ ඒ කිසිම දේකට ඉඩ දෙන්න ඕන උනේ නෑ. මොකද මේක තීරණාත්මක අවස්ථාවක් නිසා. තවත් අතකට මේක හිතේ මොනතරම් උඩින් තිබ්බත් මේක එලියට දැම්මොත් මොනවයින් මොනව වෙයිද කියන බය.

ඉතින් වෙහෙසකර දවසක  හවස් යාමයේ දෙන්නම වැඩ නතර කරේ විවේකයක් ගන්න.

" පුතේ ඔයාලා ඒනම් වැඩ ටික කරගන්න . අපි ගිහින් එන්නම්. අපි රෑ වෙයි එන්න. කෑම හදලා තියෙන්නේ බෙදාගෙන කන්න දෙන්නම"

රන්වීර් ගෙ අම්මයි තාත්තයි දෙන්නම එලියට ගියේ තාත්තාගේ යාලුවෙක්ගෙ  ගෙදර යන්න.

" ඒ යමු උඩ තට්ටුවට . ටික වෙලාවක් ඉදලා එමු. ගේ අස්සට වෙලා ඉන්න ගියාමත් එපා වෙනවා"

රන්වීර් සාරන්‍යටත් අඩගහලා දෙන්නත් එක්කම උඩට ගියා. හවසට එන හුලගත් එක්ක ඒ තැන හරිම සුවපහසු තැනක්.

" ඔය මොකද කරන්නේ"

සාරන්‍ය ඇහුවේ ඇදන් හිටපු ටී ෂර්ට් එක ගලවන රන්වීර් දිහා බලන් හිනා වෙවී.

" රස්නෙයි බන්. මේ හුලග වදිනකොට මරු ඇගට"

රන්වීර් එහෙම කියන් ඇදුම ගලවලා ගත්තේ මාරම නිදහසක් එක්ක. සාරන්‍ය ත් ඒ දිහා බලන් හිටියේ පුදුමාකාර ආසාවකින්. මොකද සාරන්‍යට රන්වීර් කියන්නෙම හැගීම් ලෝකයක්. ඒක රූපයට පමනක් සීමා නොවුන හදවතින්ම එන ආදරයක්. සය මාංශ පේශි නැති උනත් ඉදිරියට නෙරලා තියෙන එක මාංශ පේශියට සාරන්‍ය සෑහෙන්න ආස කරා. සාරන්‍ය ඒ රූපේ එක අගලක් නෑර වින්දා. ඒ හැඩ වෙලා තියෙන ගත සුදු පාටින් දිලිසෙනකොට තවත් ලස්සනයි. හීනියට වැවිලා තිබ්බ රැවුල, ලස්සනට කපලා තිබ්බ කොන්ඩේ එක්ක රන්වීර් ට තිබ්බේ හින්දි නලුවෙක්ගෙ පෙනුම. ඒ පෙනුම විස්තර කරන්න වචන නෑ. ඒ තරම්ම කඩවසම් පෙනුමකට සාරන්‍ය වහ වැටිලා තිබ්බේ . ඒ පෙනුමට සාරන්‍යට සාරන්‍යවම පාලනය කරගන්න බැරි තරම්.

" රන්වීර් .. මෙතනින් ඉදගන්නකෝ ටිකක්"

" ඇයි මොකෝ අවුල"

" මුකුත් අවුලක් නෑ. වාඩිවෙන්නකො"

" හ්ම්ම්."

රන්වීරුත් එතනට ඇවිත් හේත්තු වෙලා ඇස් දෙක පියාගත්තේ  ආපු සිසිල් සුලගේ පහස විදින්න. සාරන්‍ය එක මොහොතක් ඇස් පිය නොහෙලා රන්වීර් ගෙ ලස්සන වින්දා. මොකක්ම හරි දෙයක් නිසා සාරන්‍යට තමන්ගේ පාලනය බිදෙන බව තේරුනේ තමන්ටත් හොරා තමන්ගේ මූන රන්වීර් ගෙ මූනට ටික ටික බර වෙනකොටයි. තමන්ව පාලනය කරගන්න ඕන උනත් ඒක කර ගන්න බෑ. ටික ටික රන්වීර් ට බර වෙන මූන එතනින් අහකට ගන්න බෑ. සාරන්‍ය ගෙ මොලයට ඒ මූන අහකට ගන්න ඕන උනත් මේ වෙලාවෙ සාරන්‍යගෙ හදවත ප්‍රබලයි. මොලයට දෙකක් දීලා හදවත වැඩේට බැස්සේ වෙන ඕන දෙයක් බාර ගන්න. ඒත් මොලය තරම් හදවත් දන්නේ නෑ ඒකෙ ප්‍රතිවිපාක මොනතරම් දරුණු වෙයිද කියන එක.

ඉතින් මුහුනට මූන ගෑවෙන තැනක හිටියත් රන්වීර් ට කිසිම දෙයක් නොදැනුනේ රන්වීර් තාමත් සුලගේ පහසට මත් වෙලා හිටපු නිසා. සාරන්‍යගෙ  හදවත ගැහෙන වේගය මේ වෙලාවෙ පිටතට ඇහුනත් රන්වීර් ට නම් ඇහෙන්නේ නෑ. සාරන්‍ය මුහුන මත රන්වීර් ගෙ උනුසුම් සුසුම් වදින වාරයක් ගානේ සාරන්‍යගෙ හදවතේ වේග රිද්ම වැඩි වෙනවත් එක්කම ඒ දැනෙන හැගීම් තවත් ඇවිස්සුවා . එක නිමේෂයකින් සාරන්‍යගෙ සිහින් දෙතොල් රැදුනේ රන්වීර් ගෙ දෙතොල් මතයි. ඒ එක දෙතොල් ස්පර්ශයට දැනුන හැගීම නිමක් නෑ. ඒකත් කවමදාකවත් නා දලු රස බලපු නැති නැවුම් ස්පර්ශයක් බව කාටත් වඩා සාරන්‍ය දන්නවා. ඒ නිමේෂයකින් එකිනෙක ගැටුනෙ තොල්  ඉවතටවත් නොගෙන රන්වීර් එක මොහොතින් ඇස් ඇරලා බැලුවේ  සාරන්‍ය ගෙ ලග ලග ම දිදුලන ඇස් දිහා. ඒ ඇස් දිලිසුනත් තවමත් ඒ අස්සේ පොඩි තිගැස්සීමක් නොතිබ්බා නොවේ.

" මං මේ මොකද්ද දෙයියනේ කරේ.

රන්වීර් මං ගැන මොනව හිතයිද.

මං මේ මොන මෝඩ කමක්ද කරේ"

එකිනෙකට ගැටෙන ඇස් අස්සේ සාරන්‍යගෙ හදවත තෙපලුවේ ඉරියව්වේ කිසිම වෙනසක් නොකර. සාරන්‍ය එතනින් එහාට කිසිම පියවරක් නොගත්තේ කරන දෙයක් හිතා ගන්න බැරුව.

තවමත් රන්වීර් ඇස් පිය නොහෙලා එක හෙලා බලන් හිටියේ සාරන්‍යගෙ ප්‍රශ්න දාහකට නලියන ඇස් දිහා.




                  මතු සම්බන්ධයි

 

අනේ ළමයිනේ සොරි වෙන්න ඕනේ. මේ ටිකෙ දිග ඒවා ලියන්න තරම් වෙලාවක් හම්බෙන්නේ නෑ. හම්බෙන පොඩි වෙලාවට තමයි ලියන්න වෙලා තියෙන්නෙ. තරහ වෙන්න එපා මගෙ හොද ලමයි ටිකනේ❤️😁😁.... පොඩි එකක් හරි දෙනවනේ මන්😥

අසම්මත පෙම ( BL Story ) Unrequited loveWhere stories live. Discover now