21 වන පරිච්ඡේදය

1.3K 34 4
                                    

" මං O/L වලදි හිටියෙ ඔයාගෙ පන්තිය ට එහා පන්තියේ. මං දකිනවා නිතරම ඔයා බැල්ක්නියට වෙලා ඉන්නවා"

" අහ් එහෙමද"

සාරන්‍ය ත් හිනා වෙලා කිව්වා.

" අනේ හලෝ මෙයාගෙ ඇස් ලස්සන්යි නේද".

" eyebrows හදපුවා වගේ"

ඒ කිව්වෙ අනගි එක්කම හිටපු සෙව්නි. එයා ඉස්කෝලේ ට අලුතින් ආපු ලමයෙක්. සෙව්නිගේ වැඩේ උනේ සාරන්‍ය දිහා බලන් ඉන්න එකමයි.

ඉතින් පන්තිය ඇතුලේ සාරන්‍ය ට නම් දෙකක් පට බැදෙන්න මහ කාලයක් ගියෙ නෑ. එකක් අනගි. අනික සෙව්නි. අනගි ප්‍රමාණයෙන් සාරන්‍යට වඩා විශාල උනත් පන්තියේ උනට එහෙම ගානක් තිබ්බෙ නෑ. ඔය කොහොම උනත් සාරන්‍යට ඔයා කා ගැනවත් හිතන්න වෙලාවක තිබ්බෙ නෑ. මොකද හැමතිස්සෙම එයා ලග එයාගෙ ඒක පාර්ශ්වික ආදරයට උරුම් කම් කියපු කුමාරයා හිටියා. සාරන්‍යට එයාගෙන් තොර ලෝකයක් තිබ්බෙ නෑ.

කොහොම හරි අනගි කාටත් වඩා සාරන්‍ය එක්ක හිතවත් උනා. ඉතින් දවසින් දවස රන්වීර් එක්කත් හිත්වත් උනේ නොහිතපු විදිහට. මොකද රන්වීර් කියන්නේ ලේසියෙන් කෙල්ලෙක් එක්ක හිත්වත් වෙන කෙනෙක් නෙමෙයි.

" ඒ කොල්ලගේ ලොකු කම වැඩියිනේ"

සමහර කෙල්ලො කිව්වෙ එහෙමයි.

ඒත් අනගි ව රන්වීර් ට පට බැදෙන්න ගියේ ටික කාලයයි. එතන දැන් හතරේ කල්ලියක්. රන්වීර් , අනගි, සාරන්‍ය , සෙව්නි . කොහොම උනත් සාරන්‍ය නම් ටිකක් හිටියේ හිත අසතුටින්. මොකද එයාගෙ ආදරේ දැන් වෙනකෙනෙක්ට පට බැදිලා. දැන් අනගි උනත් නිතරම කතා කරේ රන්වීර්ට. සාරන්‍ය ඒත් ඉවසනවා. මොකද රන්වීර් තාම එයාගෙ නෙවෙයිනේ. හැමදාම වගේ හිතුනේ සාරන්‍ය වැලි කැටයක් නම් , රන්වීර් තරුවක් . සාරන්‍යට ඒ තරුව අල්ලන්න බැරි තරම්.

කාලයත් එක්ක අනගිලා ක්ලාස් යන්න ගත්තෙත් සාරන්‍යල එක්කමයි.

ඉතින් ඔය විදිහට කාලය ගෙවිල යනකොට ඉස්කෝලේ sportmeet කාලෙත් පටන් ගත්තා. දැන් ඉස්කෝලේ ළමයි පන්ති වල ඉන්නවට වඩා ගිනි අව්වේ.
එත් සාරන්‍යලගේ පන්තියේ ළමයි වැඩිය කීඩා වලට සහබාගි වෙලා හිටියේ නෑ. කට්ටිය තම තමන් ලග හිටපු අය එක්ක බර කතාවලට වැටිලා හිටියේ.

අසම්මත පෙම ( BL Story ) Unrequited loveWhere stories live. Discover now