සතියකට පසු...
" හෙලෝ ...."
" හෙලෝ රන්වීර් ඔයා අද ගෙදරද"
" අද නම් නෑ කොල්ලෝ. අද උදේ යනව පොඩි වැඩකට. ඇයි මොකො හදිස්සියක් ද?"
" අහ් මන් පොඩි වැඩකට එලියට යන්න ඇහුවේ . එද්දී කීය වෙයිද"
" වෙලාවක් කියන්න බෑ ඉතින්"
" මොකද්ද එච්චරටම වෙලා යන වැඩේ".
" මේ අපෙ ගෙවල් ලග නන්ගි කෙනෙක් ට free course එහෙකට admission දෙකක් හම්බෙලා. ඒක බලන්න යනවා."
" අඩේ මරුනේ. Free නම් අවුලක් නෑනේ. මටත් කරන්න බැරිද. "
" ඇඩ්මිෂන් ගානටලු ගන්නේ කට්ටිය"
"එහෙමද. ඒනම් බලන්නකෝ ගිහිල්ලා. සැටිස් නම් අනිවා කරන්න."
" හ්ම් බලමුකෝ. මගෙ නම් වැඩි කැමැත්තක් නෑ"
රන්වීර් එහෙම කියලා ලෑස්ති උනේ ඒ වැඩේට යන්න. සාරන්‍ය ත් බලන් හිටියේ විස්තර දැනගන්න රන්වීර් ගෙදර එනකන්. මොකද කාටත් වඩා දෙන්නගේ අනාගතෙ ගැන සාරන්‍ය හිතුවා.
කොහොම හරි හවස් වෙන්න කිට්ටු වෙලා සාරන්‍ය රන්වීර් ට msg එකක් දාලා බැලුවා . ඒ වෙනකොටත් රන්වීර් ගෙදර ඇවිත් තිබුනේ.
" මොකො උනේ වැඩේ."
" අපෝ ඒක නම් මරාලයක් වගේ."
" ඒ මොකද"
" මාස 6 ක් එක දිගට ආයෙත් ඉස්කෝලෙ යනවා වගේ සතියම යන්න ඕනෙ."
" අප්පා ඒමද"
" ඔව් බන්. ගෙදරින් යන්නම කියනවා. උදේ 8 ඉදන් හවස 4 වෙනකන්. එපා වෙනෝ බන්"
" කමක් නෑ රන්වීර් . ඒ ටික කාලෙත් ඉක්මනට ගෙවිලා යයි. ඒ නිසා වැඩිය හිතන්නේ නැතුව යන්න. ටික දවසක් යනකොට ගානක් නැති වෙයි."
" අනේ මන්දා ඉතින්"
" හැබැයි ඉතින් ලොකුම අවුල වෙනදා වගේ නිතර දකින්න වෙන්නෙ නැති එක තමා"
" හරි හරි අපි කෝමහරි සෙට් වෙමුකෝ"
සාරන්‍යට රන්වීර් නොමැති පාලු ලෝකෙක තනි වෙන හැටි මැවිලා පෙනුනේ ඇස් ඇරගෙනමයි.
කොහොම උනත් ඒ ගැන නොහිතා ඉන්න හිතා ගත්තේ රන්වීර් ට හොදක් වෙන නිසා.
YOU ARE READING
අසම්මත පෙම ( BL Story ) Unrequited love
Romance"අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්රෙමෙක වෙලිලා මග හැර යන්නට බැරිලෙස බැඳිලා" මේ කතාව ඔහු අන්සතු වීමට පෙර සිටම පෙම් කළ අයෙකු ගැනයි. ඉතින් අවසරයි මට දිගහැරුමට මෙම කතාව. ( මෙහි ගෙන එන සියලුම නම් ගම් මනඃකල්පිත...