කාලයත් එක්කම සාරන්‍ය රන්වීර් වෙනදා වගේම ඉන්නකොට අනගිලා එක්ක තිබ්බ ඇසුරත් සාමාන්‍ය තත්වයට පත් උනා.
ඒ ඇසුර සාමාන්‍ය තත්ත්වය ට පත් වෙනකොට අනගි හේතුවෙන් සාරන්‍ය රන්වීර් අතර ගිනි ඇවිලුන බව දැනගත්ත සෙව්නි උනත් අනගිගෙන් ඈත් උනේ අනගිගේ ස්වරූපය තේරුම් ගෙන. කතා බහ කරත් ඉස්සර තරම් සෙව්නි අනගි එක්ක ඇසුරක් තිබ්බේ නෑ. අනගි ඒ කොහොම උනත් සාරන්‍ය රන්වීර් එක්කමයි හිටියේ . මොකද අනගි එක්ක ඒ පන්තියේ අනිත් අය එතරම්ම හිත හොද නැති නිසා. අනගි ඉගෙනීම පැත්තෙන් ඉහලින්ම හිටියත් වැඩක් උනේ නෑ. අනගි ගෙ හැසිරීම අනිත් අයට එතරම් ඇල්ලුවෙ නෑ. ඉතින් ඔය විදිහට දින සති මාස ගනන් ගෙවිලා ගියා.
මාස 5 කට පසු................
" ළමයි ඔයාල වෙනුවෙන් මේ ලෑස්ති කරන නිසා හැමෝම අනිවාරෙන් සහබාගී වෙන්න ඕනෙ. කවුරු හරි කෙනෙක් සහබාගී වෙන්නේ නැත්තන් ඒ කෙනා මාව පුද්ගලිකව හම්බෙලා කියන්න ඕනෙ. මට සමහර දෙමාපියන් ගෙ calls ආවා, "අපේ පුතා කලින් ඔහේ ගිහින් තියෙනව. ඒ නිසා ගිහින් වැඩක් නෑ. " ඔය වගේ කතා කියලා. ඒ වගේ හේතු නිසා කිසිම කෙනෙක් නෑවිත් ඉන්න බෑ. කොරෝනා නෙමෙයි මොකක් ආවත් අපි මේ ගමන් යනවා ඉක්මනින් ම ."
මාස ගනනකට පස්සේ ඉස්කෝලෙන් ළමයින්ට අහන්න පුලුවන් උන හොදම ආරංචිය ඉස්කෝලේ ට්‍රිප් එක. මේ විදිහට රැස්වීමක් අරන් අංශය බාර විදුහල්පති කතා කරන්න ප්‍රධාන හේතුව උනෙ මේ දිනවල ඉන්දියාවේ පවතින ඉතාම භයානක , මාරාන්තික රෝගයක් ලෙස හදුන්වන කොවිඩ් වෛරසය , ඉන්දියාවෙ ගිහින් ආපු ලංකාවේ කෙනෙක්ට වැලදිලා තිබ්බ හේතුවෙන් ගොඩක් ළමයින්ගෙ ගෙවල් වලින් අකමැත්ත ප්‍රකාශ කරලා තිබ්බ නිසා.
කොහොම හරි විදුහල්පති නියෝග මත ඒ ගමනේ වැඩ කටයුතු ලෑස්ති කරමින් තිබ්බා.
"යනවා නේද?"
සාරන්‍ය ඇහුවෙ රන්වීර් ගෙන්
" යමු නේ. අනිතිම එකනේ"
" හ්ම්ම්"
සාරන්‍ය රන්වීර් දැනටමත් යන්න තීරනය කරලා ඉවරයි. කොහොම උනත් තව සති දෙකක් තිබ්බා ගමනට.
![](https://img.wattpad.com/cover/376392508-288-k124793.jpg)
YOU ARE READING
අසම්මත පෙම ( BL Story ) Unrequited love
Roman d'amour"අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්රෙමෙක වෙලිලා මග හැර යන්නට බැරිලෙස බැඳිලා" මේ කතාව ඔහු අන්සතු වීමට පෙර සිටම පෙම් කළ අයෙකු ගැනයි. ඉතින් අවසරයි මට දිගහැරුමට මෙම කතාව. ( මෙහි ගෙන එන සියලුම නම් ගම් මනඃකල්පිත...