මාස තුනකට පසු........
" සාරන්‍ය ...."
"ආ පුතේ එන්න ඇතුලට"
" සාරන්‍ය ඉන්නවද ඇන්ටි "
" මෙතන ලග කඩේට ගියා. දැන් එයි පුතේ"
රන්වීර් , ලලිදු , රසික, ගගන කට්ටියම සාරන්‍යගෙ ගෙදර ආවේ කට්ටියම අද ගෙදර නිසා. සාරන්‍යගෙයි රන්වීර් ගෙයි කර කර හිටපු මාස හයේ කෝස් ටිකත් ඉවරයි. සාරන්‍ය එනකන් කියලා සාරන්‍යගෙ කාමරයට ගිය කට්ටිය සාරන්‍ය එනකොටත් මුලු කාමරේම තමන් සතු කරගෙන ඉවරයි. කවුරු හරි කාමරේට ආවොත් සතර පෙර නිමිති බලාගන්න පුලුවන්.
මොකද කිව්වොත් ගගන කොන්දටත් අත තියගෙන වයසක ඩයල් එකක් වගේ. රසික හිටියෙත් ලෙඩෙක් වගෙ. මේ වෙනකොටත් රන්වීර් ඇද බදාගෙන හිටියේ මළකදක් වගේ. ලලිදුත් පැත්තක තිබ්බ පුටුවක බලාගත්ත අත බලන් හිටියේ බාවනා කරනවා වගේ. ඉතින් සතර පෙර නිමිති එකම තැනක.
" අඩේ කට්ටියම ඉන්නව නේ"
බඩු ටිකත් අරන් ආපු සාරන්‍ය කාමරේ ඇතුලට ආවේ කට පුරා හිනා වේගෙන.
" කොහෙද යකෝ හිටියේ මෙච්චර වෙලා."
" අපි ඇවිල්ලා කොච්චර වෙලාද"
" උබ මොකෝ කරන්නේ හවස"
" මුකුත් නෑ බන් ගෙදර තමා"
" ඒනම් යමු ඒ පැත්තේ"
" මොකො කරන්නේ කට්ටිය"
" අපි සෙට් එක බාබකිව් පාරක් දාමුද"
රසිකගේ යෝජනාවට සතර පෙර නිමිති වලින් මිදිලා ඔලුව උස්සලා බැලුවේ හා කියන්න වගේ. රන්වීරුත් එක හෙලාම කැමති උනේ ට්‍රිප් එකේදි කන්න බැරි උන සාරන්‍යගෙ බාබකිව් එක අදවත් කනවා කියලා හිතාගෙන..
සාරන්‍ය ත් රන්වීර් හිටපු තැනින්ම ඇවිත් වාඩි උනේ කාටවත් නොදැනෙන ගානට. එතන සාරන්‍ය ඉදගන්නවත් එක්කම රන්වීර් ගෙ අත ගියේ සාරන්‍යගෙ කර මතට. සාරන්‍ය ත් හරිම ආසාවෙන් ඒ සිනිදු අත දරාගෙන හිටියා. ඔය අතරේ කට්ටියම බාබකිව් එකේ වැඩේ ගැන කතා කර කර හිටියේ .
ලලිදුයි රසිකයි ප්‍රධාන සංවිධායකවරු වගේ වැඩේට බැස්සේ බඩු ලිස්ට් හදන්න.
YOU ARE READING
අසම්මත පෙම ( BL Story ) Unrequited love
Romance"අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්රෙමෙක වෙලිලා මග හැර යන්නට බැරිලෙස බැඳිලා" මේ කතාව ඔහු අන්සතු වීමට පෙර සිටම පෙම් කළ අයෙකු ගැනයි. ඉතින් අවසරයි මට දිගහැරුමට මෙම කතාව. ( මෙහි ගෙන එන සියලුම නම් ගම් මනඃකල්පිත...