15 වන පරිච්ඡේදය

1.6K 46 10
                                    

" මං මේ කරන දේ හරිද .

රන්වීර්  මේ දේට කැමති වෙයිද ?

මං කොහොමද  රන්වීර් ට  මගේ හැගීම් ගැන කියන්නේ"

සාරන්‍යගෙ හිත ඇතුලෙ නිමක් නොමැති ආරවුල් ගොඩක් එකෙන් එකට කටු ගාන්න පටන් ගත්තේ හිතෙ සැනසුම ශුන්‍ය කරමින්. ටික මොහොතකින්  සාරන්‍ය ගෙ අත රන්වීර් ගෙ මුහුන ස්පර්ශ උනේ දෛවය විසින් උදව්වක් කරන ලෙස. රන්වීර් නින්දෙන් ම සාරන්‍ය ගෙ පැත්තට මුහුන  සැලුනේ සාරන්‍ය ගෙ  අත මතට රන්වීර් ගෙ  සිනිදු කම්මුල රැදෙමින්. සාරන්‍ය ගෙ හද ගැස්ම වැඩි උනේ තත්පරේට කිලෝමීටර් සීයක වේගයෙන්.

සාරන්‍ය දෛවයේ උපකාරය අහක දමමින් අත ගත්තේ සිනිදු  කොපුල් දෙදරවමින්. හිතකින් නොවුනත් හිතේ ඇති උන වරදකාමි හැගීම ප්‍රබල උනා. ඉතින් සාරන්‍ය  එතනින්  නැගිටලා ගියා.

" ඇන්ටි  මං ගෙදර යන්න කියලා බැලුවේ"

" අනේ පුතේ රෑට කාලම යමු. අන්කල් ආවාම පුතාව ගෙදර එක්කන් යයි."

" කමක් නෑ ඇන්ටි. පොඩි වැඩ වගේකුත් තියෙනවා කරන්න. මං හෙට පුලුවන් උනොත් එන්නම් ඇන්ටි ඇවිත් යන්න."

සාරන්‍ය  අක්මැත්තෙන් උනත් බොරු කිව්වෙ මේ වෙලාවෙ හිතේ තියෙන දේවල් එක්ක ඒ ගෙදර තවත් ඉන්න අපහසු  නිසා.

සාරන්‍ය  ගෙදර ගිහින් මලානික ලෙස ඇදට වැටුනේ මානසිකව වැටිලා දනිස් දෙක රිදෙන නිසා.

මානසික සුවයක් බලාපොරොත්තුවෙන්  ඇදට ආවත් කිසිදු සහනයක් සාරන්‍ය ලගට ආවෙ නෑ. ඒ වෙනුවට දහසක් සිතුවිලි  වලින් සාරන්‍ය ව වැලදගත්තා.

හැමදේම  පැත්තකින් තියලා පහුවදා දවල් වෙලා සාරන්‍ය ගියේ රන්වීර් ව බලන්න . සාරන්‍ය ඒ ගෙදරට යනකොටත් එතන එකම කාල ගෝට්ටියක්.

" අඩෝ අඩෝ මූ මේ බොරුව දාන්නේ."

" මුට ඇති අමාරුවක් නෑ බන්"

රන්වීර් ගෙ කාමරයට යනකොට සාරන්‍ය  දැක්කෙ ලෙඩාට පයින් ගහලා පැත්තකට දාලා වගේ ඇද අත්පත් කරන් ඉන්න ලලිදු,
රසික , ගගන යි.

"අනේ හු## උබ කටවහන් හිටපන්. උබට උනානම් තේරෙයි අමාරුව"

රන්වීරුත්  කටවහන් ඉන්නෙ නැතුව වචන තෙපලුවා.

ඉතින් කට්ටියම ඉන්න නිසා සාරන්‍ය ත් කට්ටිය එක්ක කතාවට වැටුනා.

" එදා සීන් එක මුල ඉදන්ම කියපන්කෝ"

රසික එහෙම කිව්වේ රන්වීර් ට උන ඇබැද්දිය  විස්තර සහිතව දැනගන්න. සාරන්‍ය ත් අකමැත්තෙන් වුනත් සිද්දිය කියන්න පටන් ගත්තා. කට්ටියත් කට ඇරන් අහන් හිටියා. ඒ දවසත් ඒ විදිහට ගෙවිලා ගියේ කට්ටිය  රෑ වෙනකන්ම රන්වීර්ලගේ ගෙදර ඉන්න ගමන්.

සතියක පමන විවේකයෙන් පස්සෙ රන්වීරුයි සාරන්‍ය යි අයෙත් ක්ලාස් යන්න පටන් ගත්තා. සාරන්‍යට ක්ලාස් එක ලගින් පාර පනින වාරයක් පාසා හිරිගඩු පිපුනෙ අමිහිරි මතක අවදි කරමින්. පාර මාරු වන විට දහපාරක් විතර දෙපැත්ත බලන්නෙ දැන් පුරුද්දටමයි.

දැන් ඊලගට  දෙන්නට තියෙන්නෙ A/L ක්ලාස්  තෝරාගැනීම. මොකද කිව්වොත් උපකාරක ගුරුවරු කියන්නෙත් එක්තරා භීෂණයක් නිසා. ඉතින් කොහොමින් කොහොම හරි දෙන්නම රට තුල නම ගිය ගුරුවරුන් තෝර ගත්තත් ඒ ක්ලාස් වලට ගියෙ මාස 2 කටත් වඩා අඩු කාලයක්.

අනිතිමට දෙන්නා තමන්ට හුරු පුරුදු තැනටම ක්ලාස් යන්න පටන් ගත්තා.දැන් ඒ තැන නිතර දෙවේලෙ යන තැනක් බවට පත් උනේ කෝකටත් තෛලය වගේ හැම විෂයටම එකම තැනට ක්ලාස් ගිය නිසා.

දෙන්නා සුපුරුදු  විදියට දිගටම ක්ලාස් ගියා. ඒත් නිවඩුවේ අන්තිම හරිය ගෙව්නේ මොනව කරත් හිතේ චකිතයෙන්. චකිතයට හේතුව උනේ මීට මාස කීපයකට පෙර ලියපු O/L exam එකෙ results එන නිසා.

Result  එන දවස තීරනය උන විදිහටම අද දවසම ගෙව්නේ ප්‍රතිඵල  භීතිකාවෙන්.

" තාම දාලා නෑනේ!"

" ඔව් තාම නෑ. කොහොම උනත් අද දවස ඇතුලත එයි නේ".

" හ්ම්"

සාරන්‍ය  උනත් කාටත් නොපෙන්නුවට අකමැත්තෙන් උනත් බලන් හිටියෙ එයාගෙයි රන්වීර් ගෙයි තත්වය දැනගන්න .

ඉතින් පැයගානක් බලන් හිටපු දේ අනිතිමට අවේ රෑ 7.45 ට වගේ.

Result  ආවා කියල දැන ගත්තම සාරන්‍ය ගෙ හද ගැස්ම වැඩි උනේ ලග හිටියොත් ඒ වැයෙන තාලය ඕන කෙනෙක්ට අහන්න පුලිවන් විදිහට .

ඉතින් මොනා උනත් කමක් නෑ කියලා හිත හදන් phone එක අතට ගත්තේ එයාගෙ තත්ත්වය  එයාම බලනව කියල හිතන්.

" අනෙ අම්මේ....""

" ඇයි මොකද වෙලා තියෙන්නේ"



                       මතු සම්බන්ධයි

මොකද වෙලා තියෙන්නෙ ළමයි.😦😦😩😩

අසම්මත පෙම ( BL Story ) Unrequited loveWhere stories live. Discover now